Sunday, December 21, 2014

සිතක සේයා - අලුත් වැස්ස - 11

සුදු නෙලුම් මල් අරන්
රුවන් වැලි සෑ බිමට
යන්න යලි මා එක්ක
කවදාද ඔබ එන්නේ.....
සුලගිල්ලේ එල්ලිලා
හිරු බහින හැන්දෑවේ
තිසා වෑ කන්දෙ අපි
කෙදින යළි ඇවිදින්නේ.....
පුර පොහොය සද වඩින
ම්හින්තල නුඔ අරා
කවදාද යළි අපේ
නුවන් යුග පැටලෙන්නේ.....
මගේ හිත සනසන්න
නුබ ආයේ එනදාක
නුඔ ගැනම හිතමිනුයි
මගෙ කාලේ ගතවෙන්නේ....

(Prabhath 21/12/14)

No comments:

Post a Comment

සිතක සේයා -