Thursday, December 25, 2014

සිතක සේයා - අලුත් වැස්ස - 12

අදුරු මේඝ කැල පුරා ගගනත
විහිද තිබුණා ගොම්මනේ...
අයා නෙත් මගේ වලාකැල දෙස
හිතේ මිහිරෙන් සැනසුනේ...
නැවුම් වැස්සක නිමිත්තක් මට
දැනුණ නුබ කුස සිව් කොණේ...
හිතේ හැටියට තෙමෙන්නයි මා,
ඇලුත් වැස්සට ලන්වුණේ... (Prabhath 25/12/14)

Sunday, December 21, 2014

සිතක සේයා - අලුත් වැස්ස - 10

පෙරදිනක නුඛෙ ඇරයුමෙන්, 
මා නුබ ලගට ~විත්.... 
ඔය හිත පුරා සීරුවෙන් 
මා සක්මන් කලත්..

දැනෙනවා යන්තමට,
නුබත් අයිති නැති වගත්...
රෝපිත සෙනහසේ තුරත්,
උදුරයිද මේ අලුත් වැස්සටත්........

(Prabhath 19/12/14)

සිතක සේයා - අලුත් වැස්ස - 11

සුදු නෙලුම් මල් අරන්
රුවන් වැලි සෑ බිමට
යන්න යලි මා එක්ක
කවදාද ඔබ එන්නේ.....
සුලගිල්ලේ එල්ලිලා
හිරු බහින හැන්දෑවේ
තිසා වෑ කන්දෙ අපි
කෙදින යළි ඇවිදින්නේ.....
පුර පොහොය සද වඩින
ම්හින්තල නුඔ අරා
කවදාද යළි අපේ
නුවන් යුග පැටලෙන්නේ.....
මගේ හිත සනසන්න
නුබ ආයේ එනදාක
නුඔ ගැනම හිතමිනුයි
මගෙ කාලේ ගතවෙන්නේ....

(Prabhath 21/12/14)

Thursday, December 11, 2014

සිතක සේයා - අලුත් වැස්ස - 9

හීනියට හිත හැඩුව, හැම රෑක තුන් යමේ...
නුබ ඇවිත් යන්තමින්, සැතපුණා නෙත් ඉමේ...
කෙදිරුවේ සෙනෙහසින්, පාටකර සිතුවමේ....
බොදකලා නුබම යලි, හැරදමා අලුයමේ... 

Prabhath 11/12/2014

සිතක සේයා - අලුත් වැස්ස - 8

හිත පුරවා හීන වලින්
යන්න එපා මගෙ හීනෙන්...
ආත්මයම ඔබේ නමින්
යන්න නෙවේ ලිවේ මන්..
වසන්තය ගෙනත් පෙරදාක
සුවද දැනුනා ජීවිතේ…
නුබම විතරයි හෙලන සුසුමේ
කලෙ සක්මන් මගේ සිතේ....
මහමෙරක් තරම් පැතුමන්
ඔබ ගැනම ලයේ පුරවන්
පැහැදුල් කතා සිහි කරන්
එනතුරා ඉන්්නෙ එනකන්............

සිතක සේයා -