Friday, December 9, 2011

සිතක සේයා... 35

අත් පසුර විහිදුවා - සිත් හසර
වසන්තයේ වස්සානයට - මල් වර වූ නුබ
එබිකම් කල මනමාල, කැල්මන්ට
සුලන් කෝඩයේ මුවා කල
බොලද සිතුවිලි බිජු.....
ඉකිරී වැද පසෙන්නට වපුලා..
බොල් පොලවක...

බලා හිදී නුබ..
මල් කෙමිය අත් දරන් - හිත් පෝරු මස්තකේ
වැයෙන සිලෝ අස්ටක හඩෙහි කිමිද.
අසරණව සංශයෙන්..

නුබට කියන්නට සිත් විය...

මීදුම් පිනි වැද - පිපෙන කැකුලු මත
රොන සිදින උන් බොහෝමැයි මේ වන පස.
කිති කැවෙන උනුහුමට දැවට
සිද ගනී කැකුලු පෙති
මන් මුලාව...

එහෙත්..
සිදුව අහවර - එහි පැහය මිස..
සුවදක් නොදැනේවී කිසි විටක...

No comments:

Post a Comment

සිතක සේයා -