Friday, December 9, 2011

සිතක සේයා..... 25

නිශාවට එලිය වන - තරු අතර නුබ හිදින
පුරා පොහොයෙත් දකින - පුරා අහසයි නුබම...

සුදහ ගින්නෙන් දැවෙන - දකින උන් සිත නිවන
සුදහ ගිනි උහුලාන - උනුන්ගෙම කුස පොවන

කර්කශව ඉරි තැලුන - කතර පවනින් නිවන
සෙනෙහසේ ‍තෝතැන්න - මද පවන වෙයි නුබම

නෙතට කදුලක් වෙලා- හඩන සිත සිහි වෙලා
සිනසෙයි හඩ හඩා...

සැන සෙන්න මතු බවයේ - අම්ම මගේ බුදු වෙලා...

No comments:

Post a Comment

සිතක සේයා -