Friday, December 9, 2011

සිතක සේයා... 32

කොහොමද මම ආයෙම කියන්නේ
අප්පච්චිට..
ආපහු හැරිල එන්න කියලා..
දුවගෙන ඇවිත්,
තව පොඩ්ඩක් පුන්චි පුතත් එක්ක - කතා කරන්න කියලා
ආයෙත් හැරිල යනකොට - තවත් දුක දැනෙනවා
අප්පච්චි...

කමක් නෑ - මම දන්නව
අප්පච්චි මට ගොඩක් ආදරෙයි..
අම්මගේ අඩුවක් මට මට දැනුනේ නෑ..
ඒ අප්පචිගේ ආදරේ හින්දනේ..

ඔන්න මන් බලාගෙන ඉන්නවා - ආයෙම
ඊලග මාසෙත් අප්පච්චි එන්කන්...

No comments:

Post a Comment

සිතක සේයා -