Friday, December 9, 2011

සිතක සේයා.... 23

මැයි මහේ අටවකට - තුෂාරයේ සිසිලසින් මල් වරාවි
බෝවිටියා පදුරට නුබ නමින් මා සිටවු...
අතු ඉති දරන්...

විදහ වුන් මල් තුරට සපැත් විහගියක්- මැවු සෝ ස්වරයට
කුමුදුඉකි ගසති - ගලා යන සුසුම් නදියේ හැපී...
සරතැසින් නති මුත් විඩාවක් කකුලු කුසුමන්ට...
සෝපත් රිද්මයට තරම්..
ගන් දෑලේ හසරෑල්ල කුබුක් අතු සෙව්වා...
දිය මතට බට තුරු හිස්...
සිත සකල සිරුරම - හැර ගිහින් පාලුවේ හැර..
සාංකාවට බරදී..

එපා විහගියේ ඒ ස්වරය...
දවයි මා සිත...

නුබට අවසි මේ සිතට
දුක දරා ගන්න බෑ නුබ තරම් මට.....

No comments:

Post a Comment

සිතක සේයා -