Tuesday, September 23, 2014

විද්වත් ඇස - 02 - ශ්‍රී ලංකා ජාතික කොඩිය



ලෝකයේ සියලුම රටවල් සිය අනන්‍යතාවය පෙන්වීම සදහා ජාතික ධජයන් ඒ ඒ රටවල් විසින් නිර්මාණය කර තිබේ. එය රටවල් වල උදාර සංකේතය වේ.  ශ්‍රී ලාංකික අප නියෝජනය වන්නේ සිංහ ධජයෙනි. 1986 අගෝස්තු මාසයේ දී ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් අනුමත කර ඉදිරිපත් කර ඇති රීති මාලාව ශ්‍රී ලාංකික ජාතික කොඩිය පිලිබදව දැනට බලපැවත්වේ. 

ජාතික කොඩියේ නිරූපණය වන සිංහයා පුරාණ රාජකීය කොඩිය ඇසුරෙන් යෙදෙන්නකි. 1951 වසර තෙක් ශ්‍රී ලාංකික අපගේ රාජ්‍ය උත්සව වලදී ඔසවනු ලැබූයේ බ්‍රිතන්‍ය කොඩියයි. රජය විසින් පත් කරන ලද 7 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක නිර්දේෂ අනූව 1951 මාර්තු මාසයේ 2 වන දින වර්තමාන ජාතික ධජය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පිළිගෙන සම්මත කර ගන්නා ලදී. 

ශ්‍රී ලංකා ජාතික කොඩියේ මුලට ඇති කොල පාට තීරුවෙන් මුස්ලිම් ජාතීන් නිරුපණය වන අතර තැඹිලි පාට තීරුවෙන් දමිළ ජාතීන් නිරූපනය වේ. රතු පසු තලයක මැද සුරතින් අසිපතක් ගත් කහපාට සිංහ රූපයක් හදුනා ගතහැකි අතර සිංහ තේජස උත්තරීතර සහ සින්හල ජාතියේ සංකේතය ලෙස විග්‍රහ වේ. රතු පසුතලය සිවු කොණේ කහ පැහැති බො කොළ 4ක් වන අතර ඒවා බුදු දහමේ දැක්වෙන, මෙත්ත, කරුණ, මුදිත සහ උපෙක්ක්ශා යන සතර බ්‍රහ්ම විහරණ සංකේතවත් වේ. සිංහ කොඩියේ මුල් කාලයේදී මෙම බො කොල 4 වෙනුවට බීරලු 4ක් යොද ගෙන තිබුණි. සිංහයා කහ පාටින් නිරුපනය කර ඇත්තේ සාමයට, ජාතියේ ඇති සහජ ලැදි කම හෙවත් දැහැමි කමයි. සිංහයා සිටින තද රතු පැහැ පසු බිමෙන් සමෘධිමත් භාවය දක්වයි. 

සිංහයාගේ අතේ වන අසිපත ආරක්ශක ආයුධයක් වන අතර, එය ඉහලට එසවීමෙන් ජාතියේ ස්වාධීන බව මෙන්ම උත්තරීතර බව විදහා පායි. මෙම අසිපත දකුණු අතෙ තිබීමෙන් නිරූපණය වන්නේ ආරක්ශාවට සිටීම සහ යුක්ති සහගත බවයි. පාද තුනෙන් අසිපත දරා සිටින සිංහයා මගින් තුන් සිංහලය එක්සත් කල බව සංකේතවත්න් කෙරේ. සිංහයාගේ හිසේ උඩ මට්ටමෙන් වලිගය ඉදිරියට පමිණ නැවත එක සමාන මට්ටමින් පසුපසට කරකී ගොස් තිබීමෙන් නිරූපණය වන්නේ රාජ්‍ය පාලකයා සහ රටවැසියා එක සමාන ව සලකා රට පාලනය කල යුතු අන්දමයි. 

ජාතික ධජය එසවීම.. 

ජාතික ධජය එසවීමේදී කණඩායම සීරුවෙන් සිටිය යුතු අතර, සෘජුව තම ඉදිරිය බලා සිටිය යුතු වේ. ජාතික ගීය ගැයීමෙන් අනතුරුව හිස පමණක් පහත් කර ඊට ගෞරව දැක්විය යුතුවේ. ජාතික කොඩිය වෙනත් කොඩි කිහිපයක් සමග ඔසවන්නේ නම්, ජාතික කොඩිය සැම විටම දකුණු අන්තයේ තැබිය යුතුවේ. එසේම අනිත් කොඩි ජාතික කොඩියට පහලින් තැබිය යුතුය. වෙනත් රටවල ජාතික කොඩි සමග ඔසවන්නෙ නම් සියලුම කොඩි සම මට්ටමෙන් එසවිය යුතුවේ. ආගමික කොඩි ප්‍රදර්සනය කල යුත්තේ ජාතික කොඩියට සමාන උසකිනි. සාමන්‍යෙන් ජාතික කොඩිය රාත්‍රියේ ඔසවා නොතබන අතර අදුර පැමිණීමත් සමගම ජාතික කොඩිය ගලවා දමා පසු දින වැඩ ආරම්භ කරන විට නැවත ඔසවා තැබිය හැක. යම් ගොඩනැගිල්ලක ජාතික කොඩිය රාත්‍රියක ඔසවා තනන්නේ නම්, එයට විදුලි ආලොකය සැපයිය යුතුයි.  

ජාතික ශෝක දින වලදී ජාතික කොඩිය අඩ කුබු කරන අතර, එහිදී ජතික කොඩිය මුලින් උපරිම ඔසවා, නැවත  කණුවේ 3/4 ක් වන මට්ටමේ ඔසවා තැබිය යුතුය. 

ජාතික කොඩියේ ප්‍රමාණය


කොඩියේ ප්‍රමාණය දිග පළල මෙන් දෙගුණයක් විය යුතුය. රාමුව හැර සෙසු තීරයන් 1:1:5 යන පරිමාණයට අනූව සැකසිය යුතු වේ. 

Monday, September 15, 2014

අවධානය පිණිස - 6



මද්‍යසාර, දුම්වැටි, ආදී මත්ද්‍රව්‍ය භාවිතය කටුක, නීරස එමෙන්ම අප්‍රසන්න අත්දැකීමක් බව අප හැමෝම දන්න කරුණක්. මද්‍යසාර භාවිත කල විට ඇත්තටම ඇගට දැනෙන්නේ සතුටක්වත්, වින්දනාත්මක හැගීමක්වත් නොවේ. හිස කැරකිල්ල, පිපාසය, බඩ දැගලිල්ල, වමනයට ඒම, වාරු නැතිකම ආදීය නොපෙන්වීමට මද්‍යසාර පාවිච්චි කරන්නා උත්සහ කලද, මද්‍යසාරයේ සැබෑ යතාර්තය එයයි. සමහරු විවිද හේතු දක්වමින් මද්‍යසාර භාවිත කිරීමට පෙලබෙනවා. නිදි මැරීමට, එහෙමත් නැතිනම් නින්ද යාමට, ප්‍රශ්න අමතක කිරීමට, එහෙමත් නැතිනම් ප්‍රශ්න මතක් කිරීමට, ආදිය මේ අතර ප්‍රධානයි. කෙසේ වෙතත් මෙම චර්යාවන්ගේ කිසිදු සත්‍ය තාවක් නෑ. කෙසේ වෙතත් පැහැදිලිව පෙනෙන කරුණ නම් සතුටු දායක අවස්තාවලදී භාවිත කිරීමත්, මද්‍යසාර භාවිත කරන ස්තානවල නිසන්සල භාවයත්, අපූරූ බලපොරොත්තුත්, භාවිතයෙ භාවිතා කරන වචනත්, අමුතු චාරිත්‍රත් ආදිය මගින් උත්සහ කරන්නේ මද්‍යසාර වලින් දැනෙන අප්‍රසන්නතාවය වසා ගැනීමට දරණ උත්සහයයි.

Wednesday, September 10, 2014

අවධානය පිණිස - 05

අපි ජීවත් වන්නේ මද්‍යසාර භාවිතය නිසා, පිරිමිකම, සතුට උපදවන බව, ප්‍රචණ්ඩත්වය ඇතිවන බව, තරුණකම ඇතිවන බව, වැනි බොරු මති මතාන්තර ගොඩ නැගුණු වටපිටාවක. තරුණ කමේ අන්ගයක්, එහෙමත් නැතිනම් විශේෂ අවස්තාවලදී භාවිතා කරන විශේෂ දෙයක්, කණ්ඩායම එක් වූ විටක සාමුහිකව කරන දෙයක් වැනි හුදු පටු පරමාර්ත දක්වා මෙය පැතිරී ගිහින්. සමාජය ගොඩ නගා ඇති මේ වැරදි චිත්‍රය විස්තර කිරීමේදී, ප්‍රායොගිකව අපට හමු වන සමහර අත් දැකීම් ඉහත කාරණා තවදුරත් සමාජ වටපිටාව තුල ස්තාපිත කිරීමට රුකුලක් වෙනව. මද්‍යසාර භාවිතා කල පසු, විහිලු තහලු කිරීමට පෙලබීම,වැඩිපුර කතා කිරීම, ලින්ගිකත්වය පිලිබදව පුරසාරම් දෙඩවීම,ආදී නොයෙකුත් විද විද්‍යානුකූල නොවන හැසිරීම් වලට, මද්‍යසාර පාවිච්චි කරන්නන් පෙලබෙන්නෙ කලින් උගත් පාඩම් නිස හො මද්‍යසාරයෙන් අපේක්ශා කරන වෙනස නිස විය හැකි. විවිද පරීක්ෂණ මගින් මද්‍යසාරයේ ඖෂධ් විද්‍යාත්මක ලක්ෂණ නිසා මෙවැනි තත්වයක් ඇතිවනවායැයි හුවා දැක් වුවද, එය නිස්චිත වශයෙන් ස්තීර කිරීමට ප්‍රමාණවත් සාක්ශි ඉදිරිපත් කර නෑ. එහෙමත් නැතිනම් බොහෝ අඩු ලුහුඩු කම් මෙම පර්යේෂණ වල අඩන්ගුයි. කෙසේ වෙතත් මද්‍යසාර භාවිත මෙම අනිසි චර්යාවන් වලට ප්‍රධානම හේතුව ලෙස පෙනෙන්නේ, මද්‍යසාරයට වරද පටවා, භාවිත කර පුද්ගලයා නිදහස් කිරීමට සමාජයේ පුද්ගලයන් ගන්නා උත්සහයයි. මෙයට හේතුව සමාජය තුල පවතින වැරදි විශ්වාසයන්. ඇත්තම තත්වයනම්, මද්‍යසාර භාවිත මේ බොරු රගපෑම් වලට ලබා දෙන සමාව, අවසරය මද්‍යසාර භාවිත බොරු රගපැම් ඉහල යැවීමට හේතුවෙනවා. මද්‍යසාර භාවිතා කල පමනින්, නැටීමට, ප්‍රචණ්ඩත්වයට, ලින්ගිකහැකියාවන් වැඩිවීමට,සතුට වැඩිවීමට ආදී විවිද අනිසි චර්යාවන් නිරූපණය කරනවානම් එය බොරු රගපැමක් විතරයි. 

සිතක සේයා

සිතක සේයා - කදුලු වස්සානය - 3


කාලයක් තිස්සේ
සදිසි වටින් සිතේ ඇදුණු නුබේ රුව..
බොද වෙලා නෙත් අද්දර.....

ආදරේ වූ නිසාවෙන්,
මන්ස්මිතයේ වතල සිත්තමට පවා,
සිත උණුසුමයි, තවමත්..
සරද සමා මන්දාරම් සිසිලට..

මතකයන් අතර සිර වෙලා,
වෙරළ ඉම මා හුදකලා වී..

ඒත් .. කොහොමද කියන්නේ ඉන්න කියල...
ඈත ක්ෂිතිජය තරම් දුරකින්..
පහන් තරුවක් වෙලා වත්,
මගේ සිත් අහසේ සන්හිදව... 

සිතක සේයා - කදුලු වස්සානය - 4


ලා පින්නෙ පිපෙන මල්,
හරිත පැහැ ලිය අග මතින්
සමනල් දග දකින,

වස්සානය ඇවිදින්,
ගිම්හානයට පැවසුවා..
නොතේරුන කතාවක්..
හිරු ඈත - වලාවෙන් සගවන්,
සීතලෙන් තෙමා
ගත සිත....

සිතක සේයා - අලුත් වැස්ස - 4


හිතේ ලියවෙන - නොලියවෙන
ලියන්නට බැරිමුත්,
ලියන්නට හිතෙන
එහෙත්,
අවසානයේ ලොවම දන්න..
මම නොලියූ මගේ කවිය....
කවුද ලියලා
මටත් හොරෙන්....

Tuesday, September 9, 2014

අවධානය පිණිස - 04


මුල් ළමා විය (දරුවකු පිළිසිද ගත් දා සිට පළමු අවුරුදු 5 දක්වා කාලය) ඕනාම කෙනෙකුගේ ජීවිතයේ වැදගත්ම මෙන්ම වටිනාම කාලය වේ. අනාගත චර්යාවන්, බුද්ධිමය තත්වය, කුසලතාවයන්, ආදී බොහෝ දේවල් වල මනා ගොඩ නැගීමට අඩිතාලම වැටෙන්නේ මෙම කාලය තුලදී වීම, මෙම මුල් ළමා විය සුවිශේෂ වීමට හේතූ වේ. ළමා රැකවරණය යන මාතෘකාවේ යම් ළමයෙකු අවදානමෙන් බේරා ගැනීම, උත්තේජන ලබා දීම, ඉගෙනීමට ඉඩ සැලස්වීම, ආදී සන්වර්ධනය,වර්ධනය සහ දිවි සුරැකුමට අදාල කාරණා අයත් වෙනවා. මේ අනූව මුල් ළමා විය රැකවරණය යන මාර්තෘකාව තුලදී යම් දරුවකු දුම්වැටි හෝ මද්‍යසාර භාවිතයට යොමු වීම කෙරෙහි බලපාන හේතු අවම කිරීමට ක්‍රියාත්මක වීම ඉතා වැදගත්. ළමුන්ට මද්‍යසාර, දුම්වැටි ඇතුලු මත්දව්‍ය භාවිතයෙන් නිදහස්ව වැඩීම සදහා පරිසරයක් ගොඩ නගා නැගීම දරුවා වට පිටාවේ සිටින සියලු පාර්ශව වල වගකීමක්.  

Monday, September 8, 2014

සිතක සේයා - අලුත් වැස්ස - 3


සදක සිසිලස දැණුන මතකය,
හැගුන සද, සිත හාදවී....

එකම තරුවක් වෙලා ඉන්නට,
ආදරෙන් හදවතේ පේවී....

සිතේ සැරි සරු, මගේ සදවත
ලගට ලන්වී, වාත් වී.....

ඉදිමි නුබ ලග,දැකපු හීනයේ,
නුබ ලගම අද සැබෑ වී...

සිතක සේයා - කදුලු වස්සානය - 2


නැගෙන හිරු
කදු රැල්ල මත.....
නුබට නොදැනුණත්,
ළහිරු වැද ඉදුවරට,
පෙති පැහැව....
ඒ සුවද, මුසුව
මේ පවනට,
ගත වැදේවී, මොහොතකින්....
එය නොදැනුනත් නුබට...

අවදිවනු දෙනෙත් හැර,
ඇරබිලා තවත් දවසක් අපේ ලෝකෙට...

Friday, September 5, 2014

සිතක සේයා - අලුත් වැස්ස - 2


හිතන්නටවත් හිතක් නැති කල...
හිතත් අරගෙන කොහෙද දුර ගිය
ඔබව හොයනව තාම හැමතැන
කොහෙද ඔබ දුර ගිහින්.....

පාලු අහසට ඈත දිදුලපු
තාරුකාවක් වෙලා උන් නුබ...
ලගට ලන්වී එලිය වන්නට
තවත් තරුවක් උනා මන්.....

ජීවිතේ මට මටත් නැතිකර
වලාවක සැගවුණොත් දිනයක...
සනස ගන්නට මටත් මගෙ හිත
බැරිවේවි දන්නව මන්.....

ජීවිතේ මට කියාදෙන්නට
පද පේලි පටලලා එකිනෙක.....
ලියපු කවියට තනුව එක්කල
නුබ මගේ ජීවිතේ වෙලා දැන්......

Wednesday, September 3, 2014

අවධානය පිණිස - 03



"මත්ද්‍රව්‍ය භාවිතය නිසා කායික, මානසික මෙන්ම ලින්ගික වශයෙන්ද වැඩි වශයෙන් අපහසුතාවයට පත්වන්නේ කාන්තාවන්ය. නමුත් ලෝකයේ අනෙකුත් රටවල් හා සන්සන්දනය කිරිමේදී, ශ්‍රී ලාන්කික කාන්තාව ලක්වන මෙම අපහසුතාවයේ වපසරිය ඉතා අඩු මට්ටමක පවතීයයි නිගමනය කල හැකිය. ඊට ප්‍රධානම හේතුව වන්නේ අපේ රටේ කාන්තාවන් බහුතරයක්  මත්ද්‍රව්‍ය භාවිතයේ නොයෙදීමට තරම් බුද්ධිමත් පිරිසක් වීමය. ආර්තික, සමාජීය, මෙන්ම සෞඛ්‍ය වශයෙන් කාන්තාව තම ජීවන වටපිටාව බොහෝ විට පිරිහෙන මට්ටමකට ලගා කර ගන්නේ තම ස්වාමියාගේ මත්ද්‍රව්‍ය භාවිතය නිසයි. තම පවුලේ ඔනෑ එපාකම් පිරිමසා ගැනීම සදහා උපයන මුදලින් කොටසක් ම්ද්‍යසාර සමාගම් වෙත ගලා යද්දී, පවුලේ ආර්තික ස්තාවරත්වය බිදවැටීමට හේතුවේ. මත්ද්‍රව්‍ය භාවිත පිලි නොගත හැකි, අනිසි  හැසිරීම් නිසා මානසික, සහ කායික වසයෙන් පීඩා විදින්නෙද වැඩි වශයෙන් කාන්තාවන්ය. සමහර අවස්තා වලදී ස්වාමියාගේ මත්ද්‍රව්‍ය නිසා පවුලේ සමස්ත බර දරා සිටීමට ද සිදුවන්නේ කාන්තාවටය. අවසානයේ සමස්තයක් ලෙස කාන්තාවගෙ සතුට, යහපැවත්ම සීමා වීමක් සිදුවෙනවා. මේ නිසා මත්ද්‍රව්‍ය නිවාරණයේ වැඩි දායකත්වයක්, වගකීමක් ගැනීමට කාන්තාවට හැකිවිය යුතුයි. පුරුෂයන්ගේ මත්ද්‍රව්‍ය භාවිත අනිසි හැසිරීම් සදහා කාන්තාවන්ගේන් ලැබෙන සමාව, අවසරය නැති කිරීම අනිවාර්ය කාරණයක්. මෙයින් කාන්තාවන්ගේ යහපැවත්ම තව දුරටත් දියුණු කල හැකි වේවි "

සිතක සේයා - අලුත් වැස්ස - 1


අසනි වැස්සක් වෙලා
ඇද වැටුණු අපූරුව නුබ
නියගයේ අදෝනාව
අදාහනය කර - අමාවක  දාක
සොහොනක .......

හසරැල්ල වී - කදුල මතට
සිනහ ගෙනා අපූරුව නුබ
යටගියාවේ කදුලු මතකය
මගෙන් ගෙන - දුර ඈතකට
විසිකර .......

සිතක සේයා - කදුලු වස්සානය - 1


පන්හිද තුඩ දහස් වර...
ගෙතූ පදවැල් එකිනෙක
ලියූ වෙමි, හද කවුලු දොර හැර
සෙනෙහස සීරුවට කැටිකර......

ඇදුනත් පත් ඉරු පුරාවට...
කියා ගන්නට නොහැකිව
සිටියෙමි.....
විඩා, හුදකලාවක...

මෙතෙක් මාලියූ සදවත
නුබම මිස,
ඇයෙක් වෙද ?
පායා හිනහුන මේ සිත් අහසට...............


සිතක සේයා -