Sunday, December 29, 2013

සිතක සේයා - 71

සිතක සේයා - 71

නිරන්තරෙන් හිතට ඇවිත් 
හිත අස්සේ කල දගකම්....
දුරස් කරන්නට කීවත්,
ඈත් වන්නේ කෙලෙසක මන්.....

එදා වගෙම, අදත් නුබව 
මගේම වගේ දැනෙනව නම්....
ඈත් කරන් මගේ හිතෙන්
තනි කරන්නේ කෙලෙසද මන්

අප හමු උනු තැන් පසු කර ආවත්
මතකය පසු කර එන මන් - කියා දෙන්න හැකිනම්....

ආදරයෙන් ලන් ලන් වෙමින් නුබ උන්නත්
මහද කවුලු දොර හරමින් - දුර යන්නට හැකිනම්....

සන්තානයම හැඩෙව්වත්
දෑස් මා තවත් තෙමමින්.....
නුබ හොවා ගත් හිතත්
ලන්කරන් රහසෙම ඉදිමි මන්......

No comments:

Post a Comment

සිතක සේයා -