Saturday, July 20, 2013

සිතක සේයා.. 69



මගේ කියන් හිත ලගම - තියන් හිටපු
 මේ සදත්, තරුත්, අහසත්...
 මේ... විලත්, පියුමුත්, තුරුත්.......
 මගෙ නොවෙයි.....
 තව තවත්....
 අස්තීර සසරේ -
 තිර නොවන බව කිසි දෙයක්...
 කාලයක් තිස්සේ වැටහුනත්.....
 හිත නිවුනේ නෑ කිසි කලෙකත්...
 හිතා ගන්නට මම අනිත් බවක්....

 සංසාරේ ඇවිද යන මගක් තවත්...
 නිතර සෙව්වත් - තිස්සෙම කාලයක්...
 වෙනස් වූ මගේ සිතත්, කයත් වචනෙත්......
 පතන්නෙම ඉපදෙන්න තව වාරයක්
 බුදු සමිදු වඩිනා, රහතන් හිමිවරුන් වඩිනා
 නිවන් මග දකිනා ලෝකයේ විතරක්..................

No comments:

Post a Comment

සිතක සේයා -