Tuesday, July 3, 2012

සරසවි මතකය.....



" කනදරා වැවේ කලල් දිය, විකසිත කල නිල් ඉදුවර ඇසල පොහෝය දා.. මිහින්තලාවම සුවද කරලා. වෙනදාටත් වඩා සිල්වත් වුනු මිස්සක පව්ව්ට සෙවන දෙන තුරු ලතා ඈතින් ඇහෙන ගන්ටා හඩත් එක්කම, තැන්පත් වුනේ හමා යන මද පවනටවත් සෙලවෙන්නෙ නැතුව. සුදු පාටට අහසට නැගුනු මිහින්තලා චෛතයයත්, දුටුවන් දැහැන් ගත කරන සමාධි බුද්ධ ප්රතිමාවත්, සිල් සමාදන් වූ උපාසක උපාසිකාවනුත්, කාලයක ඉදන් ආගන්තුක නොවූවත්, පඩියෙන් පඩිය නැගල මැද මලුවට එද්දී.. හිතට එකතු කල සිල්වත් හැගීම වෙනදාටත් වඩා තීව් වුනා වගේ.
බටහිර අහසට, හිරු ඇවිත් තැබිලි පාටට පෙනුන, මිහින්තලාවම ඈතින් පෙනෙන කනදරාවේ වියලි බවත් ගේනාවේ අපූර්වත්වයක්. කොහේදෝ ඉදන් ආව ආගන්තුක සුලගක්, ඇස් දෙකට දරා ගන්න බැරි විදිහට, හමා ගියේ, මොහොතකින් අවට පරිසරය බොද වුනු සිතුවමක් වගේ පෙන්නමින්.
බටහිර අහස පොලව හමුවන මායිමෙන්, රුවන් වැලිසෑයේත් ජේතවනාරාමයෙත් චායාව යන්තමට වගෙ පෙනුනා. එක්කම වගේ තමා... අදුරු වලා කුලක් ඇවිත්, මෙතෙක් වෙලා තැබිලි පාටින් පෙනුන ඉර, වහා ගෙන ගියේ. පරිස්සමට අත් වැට අල්ලන්, මිහිදු හිමි වැඩි පව්වට නගින උපාසක, උපාසිකවන්ගේ හිත් වල තිබුනු භක්තිය, ගමනටත් එක් කරල තිබ්බ වගෙයි පෙනුනේ..........
උඩ මලුවේ බෝ සමිදුගේ බෝපත් වල සිලි සිලිය, පන්සල පුරාම පැතිරිලා යන හැටි මොහොතකට බලා ඉන්න තරම් මිහිරියාවක් තිබුනා.....
මේ හැම දේමත් එක්කම ලගට මගේ ඇස් ග්රහනය කලේ, කොල පාට ගස් කොලන් අතර තැනින් තැන නැගි හිටිය මගේ සරසවිය. සුදු පාටට පෙනුන විශාල වතුර ටැන්කිය නිසා කැම්පස් එක අදුර ගන්න තරම්ම අමාරු උනේ නෑ.
අනුරාධපුරට ඇවිත් ඉස්සල්ලම මිහින්තලේ ආව හැටි මතක් වෙද්දී, හිතට දැනෙන්නේ කියාගන්න  බැරි විදිහේ හැගීමක්. මේ නගරයේ අස්සක් මුල්ලක් නෑරම කුමන හෝ විදිහේ මතකයක් හිතේ හිර වෙලා තියෙන්ව. හොස්ටල් ජීවිතය, ලෙක්චර්ස්, විභාග වලට දාපු කුප්පි, ස්ටඩ්යි හෝල් එකේ කැම්පස්  එකේ ගස් යට බන්කු වල පාඩම් කරපු හැටි, අමාරුවෙන් එක්සෑම් ගොඩ දා ගත්ත හැටි, මතක් වෙද්දී හිතට පුන්චි දුකක් ආව. පන්සල් වදින්න ආව කවුදෝ කෙනෙක් ඇගේ හැප්පිලා, මොනවදෝ කිය කියා ගියා වගේ ඇහුනත්, ආපහූ හැරී බලන්න තරම් හිතක් මොහෝතේ මට තිබුනේ නෑ.
මේ හැමදේමත් එක්කම  ආදරය හමුවුන මේ නගරය කොහොමත් අමතක කරගන්න බැ. විශ්වවිදයාලයේ හමුවුනු හැම හොද මිනිසෙක්ම කියූ කතාවන්, හිතේ තදින්ම බැදිලා තියෙනවා. ෆ්රෙශර්ස් ඩේ,  බැජ් හයික්, ෆැකල්ටි ඩේ, ෆ්රෙශෙර්ස් මීට්, ෆැකල්ටි මීට්, කලා උලෙල, ලෙවෙල්, ලෙවෙල් වල්ට කරපු විභාග සම්මන්ත්රන,  ෆකල්ටි ට්රිප්, කැට ගියපුව,... අතර, හොස්ටල් එකෙ අපෙ උනුයි, මල්ලිලාලයි එක්ක උයගෙන කාපු හැටි, ගමත් එක්ක ආරවුල් වලදි මුහුන දුන් අත්දැකීම්,  කාලයත් එක්ක  මතකයන් වී ගිහින් වුනත්, අද වගේ මතකයි.

බැජ් එකේ උන් එක්ක පුන්චි පුන්චි ට්රිප් ගිය හැටි, උපාදිය වෙනුවෙන් ක්ශේත් අද්යන වලට ලැබුනු ගම, අන්තිම ව්යාපෘතිය, අමතක කරන්න බැරි තරම්ට මතකයේරැදිලා අවසන්. සරසවියේ සමහර දේවල් අපි වෙනුවෙන් විවර වුනේ උපාදියත් අහිමි කර ගෙන අනුන්ගේ යහපත වෙනුවෙන් කැප කල උන් නිසා.හැම අවුරුද්දකම මොකක් හරි පිකට් එකක් කරන්න උනා. ඒ මේ රටේ අය හදන්නවත්, විරුද්ද වෙන්නවත් නෙවෙ. බොන්න වතුර ඉල්ලලා, එහෙමත් නැත්තම් ඉන්න හොස්ටල් ඉල්ලලා.  
......................................................................
මැද මලුවට අයෙම එන්න හදන කොටම, වගේ පේ වස් සමාදුන් අයගේ පිරිත් හඩක් මිහිරියට ඇහුනා. තාලයටම, රතන සූත්රය මුමුනමින් එකින් එක ගල් පඩිය බහිමින්, මැද මලුවට ආවා. වෙද්දි, පිරිත් හඩ වෙනුවට, අමාරුවෙන් උඩ මලුවට යන කෙනෙක් ගේ කෙදිරිලි හඩකුත්, තවත් අයගේ කසු කුසු හඩවලුත් ඇහුනා.
පහත මලුවට ආව මන් කැම්පස් එක පැත්තට යන්න පිටත් උනා. වෙද්දී, ඇසල සද යන්තමට මෝදු වෙමින් මිස්සක ඉසව්වම සද එලියෙන් වැසී යමින් පැවතුනා..
……………………………………………………………………


No comments:

Post a Comment

සිතක සේයා -