Tuesday, July 24, 2012

සිතක සේයා.... 48

වෙනදා වගේ හවසට..
කඩුල්ල ලගට.. දුවන් ආව....
හිනා මල් වැස්ස... කැදැල්ලෙන් ගිහින්..
හැමතිස්සෙම මතක් වෙනව..
රත්තරන් දුවේ මට..
ජීවත් වෙනවා... කියලා දැනෙන්නෙ නෑ අප්පච්චිට..

නුබේ නමින් හීන මැව්ව..
හැම දේම බොද වෙලා..

කෝන් පිට්‍ටු හැදුව මිදුල,
පුන්චි සෙල්ලං ගේ,
මේ ඔන්චිල්ලාව..
මගේ දුවගේ සුවද පිරිලා...

මතක් වෙනකොට, අප්පච්චිගේ පිටේ නැගගෙන..
අස්වයා ගිය හැටි...
අම්මට හොරෙන්, ලෙඩ වෙලා ඉද්දි
අයිස්-ක්‍රීම් කාපු හැටි...

මන් කොහොමද හිතන්නේ..
මගේ සුදු දුව..
මන් ලග නෑ කියලා...

එහෙම හිතුන වෙලාවට..
පෑනක් අරන්, මගේ දුවට
පුන්චි කවියක් ලියන්නේ..
හැමදාම හීනෙන් ඇවිත්...
අප්පච්චි ලගින්..
නිදාගන්නව වගේ දැනුනම..
දූගේ ලගට වෙලා...
ආදරෙන් ඒ කවිය කියන්න....

ඒත්  දුව එන්නේ නැති දවස් වලට ..
ඒ ලිව්ව කවියත්
අප්පච්චිගේ කදුලු වලින්
බොද වෙනව මගේ දුවේ

No comments:

Post a Comment

සිතක සේයා -