Tuesday, July 17, 2012

සිතක සේයා... 46

කැරකොප්පුවට.... ඉහලින්
අහසට නැගුනු....
දැවෙන මවගේ.. දුම් සිතුවම්..
උහුලගන්න බැරි තැන....
හැපී.. හැපී...හඩන
ඇගේ එකම පුතු...

හත් දවසක් ගෙවෙන දින...
විසි නමක් වඩමවා..
දානයක් දී මහ ඉහලින්...
අවර ගිරට හිරු යන්නත් පෙර..
රට බීම පොලෙන් ගෙනාව... බෝතල්.. ටික
යාලුවොත් සමග.. හිස්කල අපූරුව..

No comments:

Post a Comment

සිතක සේයා -