Monday, July 30, 2012

සිතක සේයා... 49

" හිතා ගන්නත් බැරි විදිහට...

ක්ෂණිකව කිව්වා....
කැමතියිලු.... ආදරෙයිලු....

වෙනසක් දැක්කේ නෑ....
එතෙක්.. යාලුවා.... ඔබේ...

ඒත්... අසම්මතේ නුබ...
කෙනෙක් හොයනවා...

කුතුහලයක් දැනුනා... මටත්
දැනගන්න..
ඇයි මේ වෙනස.....

පිලිතුරක් නැතිවම
ඊ ලග නැවතුමෙන්
බැහැලා ගියා.. බස් එකෙන්

ඔබට ආදරේ කරන කෙනෙක් හොයන්.......

Tuesday, July 24, 2012

සිතක සේයා.... 48

වෙනදා වගේ හවසට..
කඩුල්ල ලගට.. දුවන් ආව....
හිනා මල් වැස්ස... කැදැල්ලෙන් ගිහින්..
හැමතිස්සෙම මතක් වෙනව..
රත්තරන් දුවේ මට..
ජීවත් වෙනවා... කියලා දැනෙන්නෙ නෑ අප්පච්චිට..

නුබේ නමින් හීන මැව්ව..
හැම දේම බොද වෙලා..

කෝන් පිට්‍ටු හැදුව මිදුල,
පුන්චි සෙල්ලං ගේ,
මේ ඔන්චිල්ලාව..
මගේ දුවගේ සුවද පිරිලා...

මතක් වෙනකොට, අප්පච්චිගේ පිටේ නැගගෙන..
අස්වයා ගිය හැටි...
අම්මට හොරෙන්, ලෙඩ වෙලා ඉද්දි
අයිස්-ක්‍රීම් කාපු හැටි...

මන් කොහොමද හිතන්නේ..
මගේ සුදු දුව..
මන් ලග නෑ කියලා...

එහෙම හිතුන වෙලාවට..
පෑනක් අරන්, මගේ දුවට
පුන්චි කවියක් ලියන්නේ..
හැමදාම හීනෙන් ඇවිත්...
අප්පච්චි ලගින්..
නිදාගන්නව වගේ දැනුනම..
දූගේ ලගට වෙලා...
ආදරෙන් ඒ කවිය කියන්න....

ඒත් දුව එන්නේ නැති දවස් වලට ..
ඒ ලිව්ව කවියත්
අප්පච්චිගේ කදුලු වලින්
බොද වෙනව මගේ දුවේ

සිතක සේයා.... 48

වෙනදා වගේ හවසට..
කඩුල්ල ලගට.. දුවන් ආව....
හිනා මල් වැස්ස... කැදැල්ලෙන් ගිහින්..
හැමතිස්සෙම මතක් වෙනව..
රත්තරන් දුවේ මට..
ජීවත් වෙනවා... කියලා දැනෙන්නෙ නෑ අප්පච්චිට..

නුබේ නමින් හීන මැව්ව..
හැම දේම බොද වෙලා..

කෝන් පිට්‍ටු හැදුව මිදුල,
පුන්චි සෙල්ලං ගේ,
මේ ඔන්චිල්ලාව..
මගේ දුවගේ සුවද පිරිලා...

මතක් වෙනකොට, අප්පච්චිගේ පිටේ නැගගෙන..
අස්වයා ගිය හැටි...
අම්මට හොරෙන්, ලෙඩ වෙලා ඉද්දි
අයිස්-ක්‍රීම් කාපු හැටි...

මන් කොහොමද හිතන්නේ..
මගේ සුදු දුව..
මන් ලග නෑ කියලා...

එහෙම හිතුන වෙලාවට..
පෑනක් අරන්, මගේ දුවට
පුන්චි කවියක් ලියන්නේ..
හැමදාම හීනෙන් ඇවිත්...
අප්පච්චි ලගින්..
නිදාගන්නව වගේ දැනුනම..
දූගේ ලගට වෙලා...
ආදරෙන් ඒ කවිය කියන්න....

ඒත්  දුව එන්නේ නැති දවස් වලට ..
ඒ ලිව්ව කවියත්
අප්පච්චිගේ කදුලු වලින්
බොද වෙනව මගේ දුවේ

Sunday, July 22, 2012

සිතක සේයා.... 47

නියන් අහසේ පවස - සනසා...
කදුලු වැහි පොද,

කෙවෙනි ඉවුරට බරව..
මලානික මුව මඩල තෙමුව...
හැම දාකම..

සිසිල නැති වලාකුල,
වුනු හැටි නුබ...
මගේ අහසට...

Tuesday, July 17, 2012


සිතක සේයා... 46

කැරකොප්පුවට.... ඉහලින්
අහසට නැගුනු....
දැවෙන මවගේ.. දුම් සිතුවම්..
උහුලගන්න බැරි තැන....
හැපී.. හැපී...හඩන
ඇගේ එකම පුතු...

හත් දවසක් ගෙවෙන දින...
විසි නමක් වඩමවා..
දානයක් දී මහ ඉහලින්...
අවර ගිරට හිරු යන්නත් පෙර..
රට බීම පොලෙන් ගෙනාව... බෝතල්.. ටික
යාලුවොත් සමග.. හිස්කල අපූරුව..

Wednesday, July 11, 2012

සිතක සේයා.. 45


පාලුවට ගිය හිතේ..
වස තැල්ල - සුද්ද කර...
තෙමා...පැන් වත්කර..
දඩු වැටත් බැද...
ඉදුවා... අන්කුරයක්..
හදවතේ ගැබුරුම තැනක..
සෙනහසින් පෝෂණය කල..

නුබ...

නෙලන්නට තුර අග මල්,
බලා හිදී ... මොහොතකින්
......

දිනක මා මේ ලොවට කියමි.....
මා මේ ලොව...
වාසනාවන්තම පෙම්වතාද,
ස්වාමියාද බව...
නුබ වැනි පෙම් වතියක් ද, බිරිදක් ද ලද....


Tuesday, July 3, 2012

සරසවි මතකය.....



" කනදරා වැවේ කලල් දිය, විකසිත කල නිල් ඉදුවර ඇසල පොහෝය දා.. මිහින්තලාවම සුවද කරලා. වෙනදාටත් වඩා සිල්වත් වුනු මිස්සක පව්ව්ට සෙවන දෙන තුරු ලතා ඈතින් ඇහෙන ගන්ටා හඩත් එක්කම, තැන්පත් වුනේ හමා යන මද පවනටවත් සෙලවෙන්නෙ නැතුව. සුදු පාටට අහසට නැගුනු මිහින්තලා චෛතයයත්, දුටුවන් දැහැන් ගත කරන සමාධි බුද්ධ ප්රතිමාවත්, සිල් සමාදන් වූ උපාසක උපාසිකාවනුත්, කාලයක ඉදන් ආගන්තුක නොවූවත්, පඩියෙන් පඩිය නැගල මැද මලුවට එද්දී.. හිතට එකතු කල සිල්වත් හැගීම වෙනදාටත් වඩා තීව් වුනා වගේ.
බටහිර අහසට, හිරු ඇවිත් තැබිලි පාටට පෙනුන, මිහින්තලාවම ඈතින් පෙනෙන කනදරාවේ වියලි බවත් ගේනාවේ අපූර්වත්වයක්. කොහේදෝ ඉදන් ආව ආගන්තුක සුලගක්, ඇස් දෙකට දරා ගන්න බැරි විදිහට, හමා ගියේ, මොහොතකින් අවට පරිසරය බොද වුනු සිතුවමක් වගේ පෙන්නමින්.
බටහිර අහස පොලව හමුවන මායිමෙන්, රුවන් වැලිසෑයේත් ජේතවනාරාමයෙත් චායාව යන්තමට වගෙ පෙනුනා. එක්කම වගේ තමා... අදුරු වලා කුලක් ඇවිත්, මෙතෙක් වෙලා තැබිලි පාටින් පෙනුන ඉර, වහා ගෙන ගියේ. පරිස්සමට අත් වැට අල්ලන්, මිහිදු හිමි වැඩි පව්වට නගින උපාසක, උපාසිකවන්ගේ හිත් වල තිබුනු භක්තිය, ගමනටත් එක් කරල තිබ්බ වගෙයි පෙනුනේ..........
උඩ මලුවේ බෝ සමිදුගේ බෝපත් වල සිලි සිලිය, පන්සල පුරාම පැතිරිලා යන හැටි මොහොතකට බලා ඉන්න තරම් මිහිරියාවක් තිබුනා.....
මේ හැම දේමත් එක්කම ලගට මගේ ඇස් ග්රහනය කලේ, කොල පාට ගස් කොලන් අතර තැනින් තැන නැගි හිටිය මගේ සරසවිය. සුදු පාටට පෙනුන විශාල වතුර ටැන්කිය නිසා කැම්පස් එක අදුර ගන්න තරම්ම අමාරු උනේ නෑ.
අනුරාධපුරට ඇවිත් ඉස්සල්ලම මිහින්තලේ ආව හැටි මතක් වෙද්දී, හිතට දැනෙන්නේ කියාගන්න  බැරි විදිහේ හැගීමක්. මේ නගරයේ අස්සක් මුල්ලක් නෑරම කුමන හෝ විදිහේ මතකයක් හිතේ හිර වෙලා තියෙන්ව. හොස්ටල් ජීවිතය, ලෙක්චර්ස්, විභාග වලට දාපු කුප්පි, ස්ටඩ්යි හෝල් එකේ කැම්පස්  එකේ ගස් යට බන්කු වල පාඩම් කරපු හැටි, අමාරුවෙන් එක්සෑම් ගොඩ දා ගත්ත හැටි, මතක් වෙද්දී හිතට පුන්චි දුකක් ආව. පන්සල් වදින්න ආව කවුදෝ කෙනෙක් ඇගේ හැප්පිලා, මොනවදෝ කිය කියා ගියා වගේ ඇහුනත්, ආපහූ හැරී බලන්න තරම් හිතක් මොහෝතේ මට තිබුනේ නෑ.
මේ හැමදේමත් එක්කම  ආදරය හමුවුන මේ නගරය කොහොමත් අමතක කරගන්න බැ. විශ්වවිදයාලයේ හමුවුනු හැම හොද මිනිසෙක්ම කියූ කතාවන්, හිතේ තදින්ම බැදිලා තියෙනවා. ෆ්රෙශර්ස් ඩේ,  බැජ් හයික්, ෆැකල්ටි ඩේ, ෆ්රෙශෙර්ස් මීට්, ෆැකල්ටි මීට්, කලා උලෙල, ලෙවෙල්, ලෙවෙල් වල්ට කරපු විභාග සම්මන්ත්රන,  ෆකල්ටි ට්රිප්, කැට ගියපුව,... අතර, හොස්ටල් එකෙ අපෙ උනුයි, මල්ලිලාලයි එක්ක උයගෙන කාපු හැටි, ගමත් එක්ක ආරවුල් වලදි මුහුන දුන් අත්දැකීම්,  කාලයත් එක්ක  මතකයන් වී ගිහින් වුනත්, අද වගේ මතකයි.

බැජ් එකේ උන් එක්ක පුන්චි පුන්චි ට්රිප් ගිය හැටි, උපාදිය වෙනුවෙන් ක්ශේත් අද්යන වලට ලැබුනු ගම, අන්තිම ව්යාපෘතිය, අමතක කරන්න බැරි තරම්ට මතකයේරැදිලා අවසන්. සරසවියේ සමහර දේවල් අපි වෙනුවෙන් විවර වුනේ උපාදියත් අහිමි කර ගෙන අනුන්ගේ යහපත වෙනුවෙන් කැප කල උන් නිසා.හැම අවුරුද්දකම මොකක් හරි පිකට් එකක් කරන්න උනා. ඒ මේ රටේ අය හදන්නවත්, විරුද්ද වෙන්නවත් නෙවෙ. බොන්න වතුර ඉල්ලලා, එහෙමත් නැත්තම් ඉන්න හොස්ටල් ඉල්ලලා.  
......................................................................
මැද මලුවට අයෙම එන්න හදන කොටම, වගේ පේ වස් සමාදුන් අයගේ පිරිත් හඩක් මිහිරියට ඇහුනා. තාලයටම, රතන සූත්රය මුමුනමින් එකින් එක ගල් පඩිය බහිමින්, මැද මලුවට ආවා. වෙද්දි, පිරිත් හඩ වෙනුවට, අමාරුවෙන් උඩ මලුවට යන කෙනෙක් ගේ කෙදිරිලි හඩකුත්, තවත් අයගේ කසු කුසු හඩවලුත් ඇහුනා.
පහත මලුවට ආව මන් කැම්පස් එක පැත්තට යන්න පිටත් උනා. වෙද්දී, ඇසල සද යන්තමට මෝදු වෙමින් මිස්සක ඉසව්වම සද එලියෙන් වැසී යමින් පැවතුනා..
……………………………………………………………………


Sunday, July 1, 2012


සිතක සේයා... 44

"පුවතක්..... ප්‍රසිද්ද පන්සලක, විහාරාධිපති හිමි නම, බාල වයස් කාර දැරියක දුෂනය කරයි.."

" බුදුන් දෙසූ දහම් කදින් බිදක්..
දෙසා සනසනු වස්..
කසා වත දැරූ..
ගමේ පන්සලේ...
අපේ ලොකු හාමුදුරුවො...
පන්සලෙන් ගිහිල්ලා.....

පෙරදා... බෝ මලුවේ...
දස සිල්, දස කුසල්, සෙත් පිරිත්... ...
ගැන කිවූ හාමුදුරුවෝ
තන්හා, රති, රගා එක්ක..
රගන අපූරුව අද.......

මිනිස්සු කියන්නේ හරි...
කැත විදිහට..


" මටත් තේරේන ජීවිතේ අනියත...."
තේරුනේ නැති හැටි...
මටත් දර්මය ඉගැන් වූ ඔබ හට..

කොහොම වුනත්..
හමුදුරුවෝ කිව්වා මතකයි..

"පොඩි නම...
ධම්මෝ භවේ රක්ඛතී...
ධම්ම චාරී..... "
කියලා....

පොඩි ප්‍රශ්නයක්....
"ඒක... ලොකු හාමුදුරුවන්ටත්..
අදාලද........ ?"

කෙටි කතාව.....1



කොටස - I

රෑ තිස්සේ ඇද හැලුනු වැස්සේ අඩුවක් තවම නැත. සිහිල් සුලගක් සමග හැරුනු කවුලුවෙන් මලිත් ගේ ගතට එක්වරම සිරිකඩ දාරාවක් වැදුනු නිසාදෝ, මෙතෙක් වෙලා නින්දත්, නොනින්දත් අතර, අතර මන් වී සිටි නෙත්, අඩ නින්දෙන් මිදින.  කාමර දෙකක්, කුස්සියක් හා  පිලක් සහිත මැටියෙන් නැගුනු බිත්තිත් , ගොම පස් අනා බිම සකස් කර ගත් පුන්චි නිවසේ, ඉස්සරහ පිලේ  දිරාගිය පොල් අතු අග්ගිසි වලින් වරක යන්තමට බිමට වැටුනු  වැහි බින්දු සැනින් දිය දාරාවක් සේ වැටී නැවතත්, යන්තමට වැටෙන රටාව දෙස පෙර දා හර දමා තිබු දොරෙන් නිරායාසයෙන් ඇදුනු මලිත්ගේ නෙත් ආයෙම නින්ද සොයා ගොස් තිබින...
" ම්ල්ලියේ ....... මදිද ඔය නිදා ගත්තා.... මෙ තේ එක බොන්න... සීනි නම් ටිකයි... අතට අරන් බොන්න... මන්, හවස එන ගමන්, අරන් එන්නම්... "
" 6 ත් පහුවුනා.. ඉස්කොලේ යන්නැද්ද..."
කුස්සියේ සිට කෑ ගසු අක්කාගෙ එක හඩට, මලිත් අවදි වින. කුස්සියට ගොස් සිය එකම සොහොයුරිය, උදෙට කෑමට මොනවාදෝ තම්බන ලිප දිහා බලන් හිටි මලිත් ගේ නිහඩියව ලග මොහොතේ බිදින..
" අක්කා තේ බිව්වද..?"
"බිව්ව මල්ලි.... ඔයා බොන්න..."
තම සොහොයුරිය, දුන් පිලිතුරින් මලිත්ට සෑහීමකට පත් වීමට නොහැකි වුයේ, සීනි බොතලය ගෙන කරස් කරස් ගා හැන්දෙන් සූරා, සීනි හැදි බාගයක් සිය අල්ලට හලා ගන්නට සිදු වූ විටය.
"අක්කා කියන්නෙ බොරු... ඔය බිව්වෙ නෑනේ.."
"කමක් නෑ... මල්ලි බොන්න.."
"මට ඉස්කොලෙ යන්න බෑ වගෙ අය... අපට කන්න හොයා ගන්න ඔනනේ අක්කෙ... අනික කැමති නෑ අක්ක.. ඔය මහ නිලමෙගේ රබර් වත්තේ වැඩට යනවට..."
මන් කොහොමද අක්කා දුක් විදින කොට....."
 කියා ගෙන දෙය අවසන් කරන්නට කලින් නිශාදිගේ හඩ අවදි කලාය.
"පණ්ඩිතය නොවී... වැඩ කරන්න මල්ලි..... විභාගෙට තව මාස දෙකයිනේ..  ඊට පස්සේ අපි ඔය ගැන බලමු. ... අනික උබ දන්නවනේ අම්මයි, තාත්තයි උබ ගැන කොච්ච් බලපොරොත්තු තියන් හිටියද කියලා...
"අප්පච්චි නැති උනාම, අපි කොච්චර් අසරන වුනාද මල්ලි... අපි දෙන්නා විතරක් ඉතුරු වෙන්න.. අම්මත් අපිට නැති උනා.... මහ සැපක් වින්දේ නැති උනාට එදා වේල කාලා අපි හොදින් හිටියා... ජීවිතේ අපිට ගොඩක් දේවල් අහිමි වුනා... එත් මට උබ ඉන්නව, උබට මන් ඉන්නවා... අම්මයි, අප්පච්චියි අපිට දුන්න හිතේ ශක්තිය තියනව...."
ටික මොහොතකින් සිය සොහොයුරියගේ දෑස් කදුලු වලින් පිරෙනු දුටු මලිත්... කුස්සියෙන් පිලට ඇවිත් පාසල් යාමට සූදානම් වුවේය. මෙතෙක් වෙලා ඇද හැලුනු වැස්ස තරමකට තුරල් වී තිබින.

කොටස - 2

"අක්කේ..... ලෑස්තිද...  යමු ඉක්මනට.....
බෝදිරැක් රාමයේ ලොකු හාමුදුරුවෝ හවස ගමනකුත් යන්න තියනවා කිව්ව..."
" හරි හරි යමු.......  මන් දොරවල් වහල එන්නම්... ඔයා වාහනේ  ගන්නකො..."
නිවසට වැටී තිබුනු කෙටි ගුරු පාරෙන්, නිල් පැහැති ටොයොටා වර්ගයේ කාරය,  සෙමෙන් සෙමෙන්  කොලබ හන්වැල්ල පධාන පාරට වැටින.
" මල්ලි අපිට කොච්චර වෙලා යයිද ගමට යන්න.."
“පැය 5ක් 6ක් යයි අක්කේ.. පාරවල් කොහොමද දන්නෙත් නෑ අනුරාධපුරෙ ඉදල,.."
කඩුවෙල නගරයෙන් කැලනි  පාලම පසු කරමින් වාහනය මල්වාන පහුකරමින් ඉදිරියට  ඇදින.
සුනිල් එදිරිසින්හ මහතාගේ, වන්නි වන පේතේ.... ගීතය සිහින් වාදනය වෙමින් පැවතින.
"අක්කේ බලන්නකො අවුරුද්දදකට පස්සේ කොච්චර වෙනස් වෙලාද...?"
අවසන් වරට මෙම මාවතේ ගිය ගමන මතක් කරමින් මලිත් හඩ අවදි කලේ බොහෝ වෙලාවකට පසුවය.
යාපනේ හන්දියෙන් මිහින්තලෙට හැරෙනවාත් සමගම, ගමේ සුවද ඔවුන්ට දැනෙන්නට විය. නිශාදිගේ දෙනෙත් මොහොතකින් කල්පනා වක වැටුනු සේයාවක  පෙනුනේ මලිත් සමග සන්වාදයට එකතු වන බවක් නොපෙනුන නිසයි.
නුවර වැව සොරොව්ව ලග, තැබිලි කඩයක් අසල වාහනය නතර වුනේ, එහි සිටි පුද්ගලයා හුරු පුරුදු වූ නිසාවෙනි.
"සුදු දුවෝ.... මට අදුර ගන්නත් බැරි උනා.... පොඩි පුතා.. උදේම වෙන්නැති ආවේ.... "
"ඔව් සුදු නැන්දේ....අම්මගෙයි අප්පච්චිගෙයි.. දානෙත් ලගයිනෙ, ලොකු හාමුදුරුවොන්ටයි..... ගමේ අයටයි මතක කරන්නත් එක්ක අවා... "
"පොඩි එකෝ මෙතනත් පොඩ්ඩක් බලපන්, මන් ගෙදර යනවා... දූලත් එක්ක.."
"පුතාලා සති 2ක් වත් ඉන්නවනේ.... වැඩ ගොඩක් කරන්න තියෙනවනේ... මන් බලන් හිටියේ එනකන්.."
"ඔව් නැන්දෙ... දානේ වැඩ ඔක්කම ඉවර කරල යනවා.. සුදු නැනදත් යන්..  සලකන්නෙ කවුද බැරි උනාම..."
විනාඩි කීපයක නිහඩි තාවයක් රතය තුල පැවතින. ලග මොහොතේ නන්දාවතී ගේ හඩ මතු උනේ... මුදු හැඩුම් බර ගතියකුත් සමගයි....
"උම්බලයි අප්පච්චියි, අම්මයි ඉන්න කාලෙ මට මතක් වෙනවා.... උන්දලා නැත්තන් මටත් යන්න එන්න තැනක් නෑ...."

මාස ගනනකින් වැසසක්  නැති නිසා අධික රස්නයට අහසට නැගුනු අදුරු පැහ ගිය, ගස්  වියලි හුලගට ගසා ගෙන එන දූවිලි පහරිනුත් තවත් වියලි ගිය සේයාවක්ගෙන ඇත.
කම්මලක්කුලම හන්දියෙන්, රතය හරවනවාත් සමගම, තැනින් තැන එකතු වුනු වතුර වලවල් වල පිපුනු සුදු නෙලුම්  සුවදත් එක්ක වැවේන් සිහින් මද මාරුතය වෙල් සුවදට එකතු වී ඈත පෙනෙන මිහින්තලා කන්ද  දෙසට ඇදී යන්නට ඇත. මෙතෙක් වෙලා දැනුනු ගමන් වෙහෙස ඈතට  ගිය සුලගත් එක්කම ගසා ගිය සේය. 
ඉස්කොලේ පහු කරන් රතය ඇදෙමින් පැවතින. ලග වන්ගුවෙන් වාහනය නිවස දෙසට හැරින...

කොටස - 3

සති දෙකකට පසු....
ඉස්තොප්පුවේ දකුනු පසක තබා තිබූ, රුපවාහිනියේ කුමක් හො සන්වාදාත්මක වැඩසටහනක් යන්නට ඇත. නන්දවතීත්, නිශාදීත් දාන  කටයුතු වල සිදු වූ අඩු පාඩු ගැන කසු කුසු ගාන හඩ පමනක් ඇසේ. කාමරයේ ඇද මත වැතිර උන් මලිත්ට පෙර දින සිදු වූ සිද්දි මාලව එකින් එක, පෙල ගැසී පෙනෙන්නට විය.
" උම්බ දන්නවද උම්බ ඔය දානෙ දුන්නේ උම්බලගේ අම්මටයි, අප්පච්චිටයි නෙවේ කියල...." මහ නිලමෙගේ උස් හඩ හදවත පුපුරා යන තරම්  දැඩිව ඇසින.."
" මම මේ කාලයක් යනකන් හිටියේ.. දැන් ඉතින් උන් මැරිල අවුරුදු 4ක් නොවැ... හින්ද කමක් නැ.... මෙව උම්බල දැන ගත්තට.... අනික දැන් මටත් කියල නම්බුවක් ඔන නෑ.... නොනත් මරුනනේ......"

දිනක් සුදු නැන්දත්  මොනවදො කියන්නට තියනවා යැයි කීවා මලිතට මතක් වුනේ එවිටය. නැන්ද කියන්න දෙයෙහි විශාල බරක් තිබෙන්නට පුලුවන් බව මලිත්ට තෙරුනෙ ඇගේ සමාන්ය බාසා විලාශයට වඩා මෙවර ස්වරය වෙනස් තිබූ නිසාවෙනි. එහෙත් කාලයත් එක්කම ගැන කතා කිරීමට සුදු නැන්දට අමතක වන්නට ඇතයි මලිත්ට සිතින. මේ ගැන වන්නට බැරි කමක් නැත.
හිත, පටලවී ගොස් තිබූ තරම මලිත්ට නොදනින.
" පිස්සුද මහ නිලමෙට... ඒක වෙන්න බැ... අම්මයි අප්පච්චියි අපට කොච්ච් ආදරේ කරාද? මලිත් තමාටම කිය ගත්තේය...
අප්පච්චි  තමා කරේ තියගෙන... පහල වෙලට එක්කගෙන ගිය හටි අපූරුවට මතකය,,.
" පුතා දන්නවද... අප්පච්චිට මෙ ලොකේ වටිනම සම්පත.... අප්පච්චිගෙ හඩ විය...
" ඔව් නෙ, අප්පච්චි... මෙ වෙලනේ.... නොතෙරුම් කමට  කීවා මලිත්ට මතකය...
' නැ මගෙ පුතේ අම්මටයි මටටි....... පුතයි, අක්කයි තරම් වටින දෙයක් මේ ලෝකෙම නැ...."

බයිසිකලයේ තියාගෙන කතන්දර කියවමින් ඉස්කොලෙට තමාත්, අක්කවත් එක්කන් ගිය හටි, ඉස්සරහ අලෙන් නාවපු හැටි එකින් එක සිහි විය,
අවසන් මොහොතේ, මලිත්ගේ අත අල්ලන් කී දේත් ඔහුට සිහි වින.
" මයේ රත්තරන් පුතේ, අම්මයි, අක්කයි හොදින් බලා ගනින්.. උන් දෙන්නට උබ ඇරෙන්න වෙන සලකන්න කෙනෙක් මේ ලොකේ නැහා..... "

මේ සිතුවිලි අතරට, මහ නිලමෙගේ හඩ ආයෙම ඇහෙන්න විය...
මහ නිලමේ ගමේ ඉහලම වත් කම් හිමි පුද්ගලයයි.. පරපුරෙන් හිමි වූ ධන හිමිකම් ඔහුට හිමි විය. ඔහුගේ පියාත් මවත් ඉතා හොද පුද්ගලයන් වූ අතර, ඔවුන්ගේ එකම පුතා මහ නිලමේ විය, ගමේ බොහෝ අය ඔහුගේ නිවසේ  සහ වෙල් වල වැඩ කර කීයක් හරි උපයා ගනිති.
අප්පච්චි කියා අති පරිදි මහ නිලමෙගේ චරිතය එතරම් හොද එකක් නොවන බව මලිත්ට මතක විය. දැනට  වසර තිහකට පමන පෙර ඔහු  විවාහ වන්නට ඇතත් ඔහුට තමට කියා දරුවකු නොමැති බවත් මලිත්ට  සිහි විය. 
නිවසේ අඩුපාඩු සිදු වූ විටත්, සතියකට වරක් නිවසට අතය අවස්ය දේවල් ගම්මුන්ට හොරා තම නිවසට ලබුන අයුරුත් මලිත්ට මතක් වූයේ ඔහු තවත් අවුල් කරවමිනි.

" මලිත් පුතේ... ඉස්සර අපෙ ගෙදර කුස්සියේ වැඩට සිරිය කියල ගැනු කෙනෙක් ආවා...... මන් එයාට ගොඩක් ආදරේ කලා....  එත් අපෙ අප්පච්චි.... ඒක දැනගත්තම සිරිය, ගෙදරින් එලව ගත්ත.... ඊට පස්සේ තමා උම්බලගේ අම්ම වැඩට ආවේ අවුරුද්දකට විතර පස්සෙ..... සිරිය ගෙදරින් යනකොටත් එකිගේ බඩේ දරුවෙක් හිටිය.. දරුවා මගේ... "
දැඩි හඩක් තිබූ මහ නිලමේ මෙවර දිගු  කතාවක අරම්භයක් තියන්නට නිවුනු ස්වරයෙන් තමාව ඇමතූ බව මලිත් සිහි කලේය...
ඊට පස්සෙ මන් සිරිය හොයාගෙන ගියා... අවුරුදු 2ට පස්සේ...
 එතකොට කොලු පැටිය... දැකල මගෙ හිත හෝස් ගාල ගියා..... මගේ ලේ නේද කියල හිතුනා.....
 තමා වාහනේ පෙරලිලා අපේ අම්මයි, අප්පච්චියි නැති උනේ…”
මේ වෙද්දි උම්බලගෙ අම්මට අක්කව හිටියේ, පුතාලා කලින්  හිටපු ගෙර මන් උන් දෙන්නට ඉන්න හදල දීලා තිබුනේ......

මට ආරන්චි උනා සිරිය මැලේරියාව හැදිලා මැරුනා.. කොහොම උනත් මගේ දරුවා මන් බල ගන්න ඔන නිසා..මන් සිරියගෙ තාත්තගෙ කැමත්ත අතුව කොලු පැටියව එක්කන් අවා..... එක්කන් අවිත්, සෙනෙහෙලතාට, කියන්නෙ උම්බලගේ අම්මට දුන්නේ... මේක ගමෙන් වහන් කරන්න ඔන නිසා....උම්බලගේ අම්මා  වැඩට එද්දී දරුවෝ දෙන්නෙක් එක්ක අවා වගේ පෙන්නුවේ…..
මේ කතාව දැන ගෙන හිටියේ නන්දාවතියි, සයනෙරිසුයි  ඒ කියන්නේ උබගේ තාත්තයි විතරයි ... කොහොම උනත් මගෙ දරුවා.. මන් ලග ඉන්නව නේද කියලා හිතා ගෙන හිටියා... පුතාල හිටිය ගේ ගමෙ අනිත් අයගේ ගෙවල් වගෙම හදල තිබුනේ, මිනිස්සු නැත්තන් වෙන මොනා හරි හිතයි කියල...
ඊට පස්සේ මන් නෝනාව එක්කන් අවෙ, එත් ඒ ගෑනිට ලමයි හම්බ වෙන්නෙ නෑ කියල දැන ගත්තෙ පස්සෙ...."
මගෙ….. මේ ඔක්කම දේවල් දෙන්න ඉන්නේ මගේ පුතා විතරයි.... "
කතාව ඉවර වන විට  මහ නිලමෙගේ ඇස් වලින් කදුලු වැටෙන්නට  වුයේය.
 ඔහුගේ වේදනාත්මක.. ස්වරය තවත් තීව් විය. අවසානයේ
" මට සමාවෙයන් රත්තරන් පුතේ.... මන් නිසා උබල දුක් වින්දා... මට පුලුවන් විදිහට, උබලට සැලකුවේ, එහෙම කලේ නම්බුවත්රැක ගන්න ඔන වෙලා තිබුන නිසා...."
උම්බව බලාගත් උන් දෙන්නටයි, නිශාදි කෙල්ලටයි මන්කොහොම සලකන්නද කියල තෙරෙන්නෙ නෑ..... උන් ඔක්කම උතුම් මිනිස්සු.... මන් නිසා ... මේ රහසරැකගෙන හිටිය,... උබගේ අක්කත් මෙ ගැන දන්නෙ නතුව අති
......................................................................................................................................................
සිදු වී අති සියල්ල මනා ලෙස පැහැදිලිය... එහෙත් කිසිවක් පිලි ගැනීමට මලිත්ගේ සිත එකග නැත... බොදව ගොස් ඇති ඇස් අතරින්, ජනෙලයෙන් පෙනෙන පොල් අත්තක එහා මෙහා චායාව යන්තමට පෙනේ... සිතුවිලි දහසක් අතර සිර ව ඇති ඔහුගේ මනසද, වේගයෙන් ගැහෙන හදවතද එකම රිද්මයෙන් වේදනා කාරි බවක් මුලු සිරුර පුරාවට ඇත.
මේ අතර සිය මවගේ ආදරය පිරුනු වදන්, අක්කාටත්, තමාටත් වෙනසක් නොකට සලකපු හැටි.. සිහි විය...
මහ නිලමේ කවුරු වුවත් තමාගේ පියාය. එහෙත්  ඔහුගේ ආදරය ලැබී ඇත්තේ  රහසිනි. හදිසියේ ආ පිය සෙනහසකට ඉඩ දෙන්නට  ඉඩක් නැතත්... මේ සියලු කාරනා.. අවුරුදු 30 ක් යනතුරුත් ඉවසා සිටීමම පුදුමයක් යයි මලිත්ට සිතින.
මහ නිලමේ දරුනු පුද්ගලයෙක් යයි ගම්මුන් හදුන්වා තිබුනත්.. ඔහුගේ හදවතේ වූ අහින්සකත්වය, ව්යාජයත්වය මලිත් ඉදිරියේ පසක් විය. සමහර විට ඔහු සිදුව ඇති සිදුවීම් නිසා එවනි තත්වයකට පත්ව ඇතයි සිතන්නටත් පුලුවනි...  යයි තමටම කිය ගත්තේය.


..............................................................
තමා පාසල් යන කාලයේ කිරි අම්මා දාන මාසයකට දෙකක් වත් ගමේ තිබුන අතර එ කිසිවකටවත් අම්ම ගියේ නැත...
දවසක් ඉස්සරහ ගෙදර නැන්දා.... කිරි අම්මා දානයකට යමුයි, කී විට මොනවදෝ වැඩ වගයක් තියනව යැයි අම්ම කිව්ව මතකය....
එ කියන්නේ අක්කාද අම්මගේ විය නොහැක...
තම අලුත් පියා කී කතව ඇත්තම බව මලිත්ට පසක් විය.
" අක්කත් උම්බලගේ අප්පච්චි,  හදා ගත්ත කෙනෙක්.... දවසක්.. පොලේ වෙලදාමෙ ගිහින් එද්දී, පාරේ දාලා ගිහින් ඉදල පුන්චි කෙල්ලෙක්...... කවුරුවත් නැතිව අඩන නිසා එ මනුස්සයා.. අරන් ආවලු.
කෙසේ වෙතත්.. තම පියාත්, මවත්.. මේ ලොව උත්තරීතරම පුද්ගලයන් දෙදෙනෙකි...... තම කුසෙන් වදාපු දරුවන් මහ මග දමා යන, වැසිකිලි වල වල් වල දමන, කපා කොටා මරා දමන.. මවුවරු , පියවරු.. ඉන්න රටක.. තමාරැක බලාගත් මනුස්සයන් දෙපල ඇදහිය යුතු දෙදෙනෙකයි මලිත්ට කියවින.....
" පුතේ තේ බොමු...... "
සුදු නැන්දා.. කාමරයට අවේ මේ අතරය.
" අයි පුතේ මේ.. අම්මයි, අප්පච්චියි මතක් වුනාද...?
" අපි කවුරුත්  මැරෙනවනේ... පුතේ.. අනික. මිනිස්සු දෙන්න ඉන්නකන් කරපු පින් හොදටම ඇති.... හොද තැනක ඉන්න...."
ලග මොහොතේ, මෙතෙක් වෙලා තෙරපාගෙන හිටිය, හැඩුම් හඩ මලිත්ට වාවා ගත නොහකිව මුදා හලේ, නන්දාවතීගේ උරයක් මත හිස තබා ගනිමින් දෑතින් බද ගනිමිනි..."
" සුදු නැන්දේ මන් ඔක්කම දන්නවා.... ,මට කියන්න  ඔයාවත් මේවා කිව්වෙ නැත්තේ........ "
මන් කොහොම කියන්නද මගෙ පුතේ.... එත් මන් කියන්න හැදුව කීප සැරයක්.. ඒත් මගෙ හිත තාම වාවන්නෙ නෑ.... මගේ පුතේ......
" මිනිස්සු කොහොම වුනත් පුතාට වෙනසක් නැතුව සැලකුවා... ………     දුවටත්...."
" සුදු නැන්දේ මේ දේවල් අක්කට කියන්න එපා... අක්කට කොහොමත් මේවා දරා ගන්න බැ..... අම්ම නැති උන වේලාවේ කී සැරයක් සිහි නැති උනාද.....? "

"අක්කා දන්නව.... පුතා නිලමෙ මහත්තයගෙ කියන්න....
එත් එයා හදා ගත්ත කෙනෙක් කියන්න දන්නෙ නෑ....."


" අපි අක්කට ඒක නොකිය ඉමු.... නැන්දේ..."
" කො පුතා... දන් මේක බොන්නකො... හවස යන්නත් ඕනනේ..."
" නැන්දත් යනවනේ.... ලැහස්ති වෙන්නකො....."
අක්කා ඔක්කම ලැහස්ති කරනවා.. ඔන්න පුතා කන්න ආසයි කියල පොලොස් අබුලක් හදුව.....
" සුදු නැන්දේ මන් ..... නිලමේ අප්පච්චිලයි ගෙදර ගිහින් එන්නම්..."
" ඉක්මනට එන්නම්.... මන් යන්නත් එක්ක්ම ලැහස්ති වෙලා ඉන්නේ, නන්දලත් ලැහස්ති වෙලා ඉන්න..."
................................................................................................................
නිල් පැහැති රතය, තම නිවස දෙසට ඇදෙනු දුටු... නිලමේ සිය පුතා පිලිගනීමට මෙන් හන්සි පුටුවෙන් නැගිට්ටේය. කාරය, ඉදිරිපස මිදුලේ නතරවිනි. මීට කලින් මලිත් මෙහි පැමින අත්තෙ එක් වරක් පමනී. සිය මවට උනක් හඩුනු වෙලවක මිහින්තලේ ඉස්පිරිතාලෙට අම්මව එක්කන් යන්න වාහනයක් සොයා යන අතර තුර නිලමෙ මහ්ත්තයගේ වාහනේන් එක්කන් යන්න අවසර ඉල්ලීමටය.
එදා තිබූ බැගෑපත් කම ඔහුට අද නැත. එහෙත් එදාට වඩා ඔහු අද අසරනව ඇති බවක් පෙනින..
" එන්න පුතෙ...මේ ඔක්කම පුතාගේ තමා.. පුතා කැමති දෙයක්  කරන්න..."
" මට මේ කිසි දෙයක් එපා අප්පච්චි.... මට "
මන් අවේ අප්පච්චිව එක්කන් යන්න.... අපිට මේව ඔන නෑ... කොහොම උනත් ඔයා මගෙ අප්පච්චි.. මට ඔයාට සලකන්න පුලුවන්.. සුදු නැන්දත් අපිත් එක්ක යනව... කොලබ ගිහින් ඉන්න බැරි කමක් නෑනේ....."
" අපි පස්සෙ ඇවිත් හිමීට මෙව එක ලාසියක් කරමු... මේව අනාත නිවාසෙකටවත් දෙමු..... "
" අප්පච්චි ලැහස්ති වෙල ඉන්න.....  තව ටිකකින් යනවා... එතකොට..."
" හා පුතා... මේ දොර වහන්න විතරයි තියෙන්නෙ... මාත් ගල්පියුමෙ ආරන්යට ගිහින් ඉන්න කියල හිතුවා... මේ ඔක්කම පුතාට භාර දීලා...  පුතාගේ කැමත්තක් කරන්න..... එද්දි එන්න.. මන් පාරට ඇවිත් ඉන්නම්......"
..........................................................................................................................
ආපසු යන විට, කොලම්බ ගමනට අක්කා සහ සුදු නැන්දා  ලැහස්ති වී හමාර කර එලියටද පැමින සිටියෝය. ඔවුන් ඉදිරියේ වාහනය නතරකල මලිත්...
" මලිත් මල්ලිගේ මුර දේවතාවිය නගින්න, බලන්න සුදු නැන්දත් එක්කම...."
අක්කාට  පුන්චි හිනාවක් ගිය හටි මලිත් යන්තමට දැක්කේය..
මෙතෙක් වෙලා හිත අමුතුම ලෝකෙක ගිලී පවතියත්, ඉන් ඉක්මනින් මිදීමට මලිතට හැකිවිය.


" හරි හරි , මුර දේවතාවිය, එයාගේ මල්ලිගේ ඇදුම් බෑග් එක අරන් එනකන් ඉන්න...."

" අය්යො.. ඉන්න ඉන්න... මන් ගන්නම්.."
"අක්කා ගියොත් කාමරේට පිස්සු හැදෙයි.... "

" නෑ... නෑ.... මට පිස්සු    හැදුනේ නෑ... නෑ... මන් ඔක්කම අස් පස් කරල ආවේ"

එලියේ කාමරේ යතුර සුදු නැන්දා ලග.. නේ"
" ඔව් දුවේ...."
 මලිත් සුදු නැන්දා වෙනුවට හඩින් උත්තර දුන්නේය....

බවක් නිශාදිට පැහදිලි වු බවක් පෙනුනේ නැත. නිසාදෝ සුදු නන්දාටත්, මලිත්ටත් හිනවක් එක විට මුවට මතු විය.

" හරි යමු...." අක්ක සියල්ල අහවර වූ සන්යාව දුන්නේය.
වාහනය, වෙල් යාය මැදින් එන්විට ඈත, ගොයම්  කපන ගමේ කීප දෙනෙක්, අත වනනු පෙනුන නිසා... රතයේ හැමෝමද ඔවුන්ට ප්තිචාර  දුන්නෝය.

" මේ කොහෙද මල්ලි මේ යන්නේ......"
"පාරේ නෙ අක්කෙ.... ඉස්සරහ ඉන්නව... කෙනෙක් දගෙන යන්න.... "
සුදු නැන්ද ලග මොහොතේ සිදුවන දෙය දැන සිටිය නමුත් අක්ක දැන සිටියේ නැත..
" නිලමෙ ම්හත්තයා....."

" ඔව්.... නිලමෙ මහත්තයත් අපිත් එක්ක ඉඩීවි......"
"එතකොට........." අක්කට කියන්නට ආව දෙය කියවුනේ නැත....

" ඔව්.. එතකොට.... ඔක්කම මන් දන්නව...... "
මෙවර අක්කගෙ ඉකිබිදුම් හඩ නැවත මතුවිය.... " දැන් ඒව ගැන හිතන්නෙ එපා අක්කෙ... මන් හොදින් ඉන්නවා....  කොහොම උනත් එයා මගේ අප්පච්චි.....මට වගකීමක් තියෙනව  එයව බල ගන්න... අනික මනුස්ස්යට ඉන්නේ මන් විටරයි දැන්..."
රතය ඉදිරියේ වූ පාලුවට යමින් තිබූ නිවසේ ගේට්ටුව ලග නතර විනි. නිශදි, දොර හැර ගේන, ඉදිරිය්ට ගොස් නිලමේ මහත්ත්යගේ බැඑග් එක අතට ගෙන. " යමු නිලමේ මමේ... අඩ තම නිලමේ මාමට සතුටුම දවස....  නිලමේ මාමා ඉස්සරහට නගින්න..."
" අප්ප්ච්චි... ඉන්න මන් දොර අරින්නම්..... " මලිත්  තම යාබද අසුනට බර වී දොර අරින්නට වුයේය.
" කිසිවක් කතා නොකරම... නිලමෙ මහත්තය. නොහොත් මහ නිලමේ වාහනයෙ ඉදිරි අසුනේ වාඩි වුනු අතර , ඔහුගේ  දෑස් වලින් එලියට පනින්නට හදන කදුලු ... නතර කර ගන්නට ඔහු උත්සහ ගත්තඩ, එය පලක් නොවුයේ ඔහුගේ කදුලු  වල තරම් බරක් ගබ්ව තිබූ නිසා විය හැකිය.
.................................................
" කම්මලක් කුලම වැව, පසු ගමනෙදීත් ඔවුන්ට හමුවිය...... පිපුනු මල් සුවද එදා මෙන්ම මදනලට මුසුව, ඈත පෙනෙන මිහින්තලේ පන්සල දෙසට ගසා ගෙන ගියේය.. එද්දිට වඩා හිත බොහෝ සැහැල්ලුවෙන් පවතින සේයාවක් මලිත්ගේ මුවින් පෙනින.
"වාහනය.... ලගට වැටුනේ....මිහින්තලේ අනුරාධපුර ප්රධාන පාරටය.
"මලිත් පුතේ............. වාහනේ පොඩ්ඩක් නතර කරල අපි කනත්තටත් ගිහින් යමු...?

වාහනය ටික මොහොතක් ඉදිරියට ගොස් නතර කෙරින.
දාන දවස් වල, සුද්ද කරපු සොහොන් දෙක වාහනයෙන් බැස්ස ගමන්ම හැමෝටම අදුර ගත හැකි විය.
නිලමෙ මහත්තයගේ ඇස් තාමත්, කදුලින් පිරි ඇත..
තම පුතාගේ අත අල්ලාගෙන නන්දාවතීගේ සහ ඇගේ සැමියාගේ සොහොන් ඉදිරියට  ගිය නිලමෙ මහත්ත්ය.... කියා ගන්නට ගත් යමක් කියා ගන්නට බැරුව ඉකි ගසන්නට වුයේය.
 නිශාදි සිය පියාටත්, මවටත් වැද එතනින් නික්මුනාය. සුදු නන්දාත් නිශදිත් සමග පැත්ත්කට වූවාය.

" පුතේ මේ මිනිස්සු දෙන්නා... දෙවියො... දෙන්නෙක්... උම්බ මගේ ලෙයින් හැදුනට, කරුමෙට මට උම්බට තාත්තා වෙන්න බැරි උනා... ඒත් මටත් වඩා උබට ආදරෙන් හද ගත්ත හැටි මන් දන්නවා.... අම්මත් වගේමයි... නන්දාවතී නොහිටින්න මට මගේ පුතා නැති වෙන්න තිබුනා....... "

තවත් බොහෝ දේ කියන්නට තිබුන බවක් නිලමෙ මහත්තය පෙන්නුවත්... ඔහු සියල්ල නතර කොට, සොහොන් කොත් දෙකට දෙදන නවා වැද පිටත් වීමට සූදානම් වූයේය.
..............................................
" අප්පච්චි..... අම්මගේ ගෙවල්  කොහේද කිව්වේ...අපට එහෙත් ගිහින් යන්න පුලුවන්....."
"තිසා වැව පැත්තෙන් යන්න ඕන....  ඔය ඔතනින් දාලා යන්න පුලුවන්..."
යාපනේ හන්දියෙන්, අට මස්තානය පැත්තට වැටුනු පාරේ වාහනය දාවනය වන්නට විය. ජය සිරි මහ බෝ මලුවේ, රුවන් වැලිසෑයේ, මල් සුවදට, සිල් සුවදට, හැමෝගෙම හදවත වඩාත් නිවුනු සෑයාවක් ගෙන තිබුනී. බසවක්කුලම වැවට ටුනු සැදෑ ඉරේරැලි ලස්සන සිතුවමක්  මවා තිබුනී.
රුවන් වැලි සෑය පහු කරන්, පුර විද්යා, ගොඩනැගිල්ල පාරෙන්  තිසා වැව දෙසට කාරය ගමන් ගත්තේ.. මලිත් සිය උපන් ප්රෙදේශයටත් වඩා, සිය මවගේ නෑදෑයින්, හිතවතුන් සමග වච්ච්නය හෝ කතා කිරීමටය.....

' කාරය තුල... ‍රැදුනු නිහැඩියාව
 මකාලමින් මලිත්, රෙඩියෝව දැමීය.
සිහින් හඩින් එෆ් එම් නාලිකාව,..හඩ අවදි කලේය.
" ජීවිතය.. අපි හිතන තරම් සුන්දරත්වයක්රැදිලා නෑ...
අපි හිනා වෙන්නේ ගොඩක් දුක හිතේ රදවන්...
ලෝකය... පවතින්නේ ආදරය නිසා...
අම්මා කෙනෙක් තම පුතුට, හෝ දුවට දක්වන ආදරය ඉදන්...
විශාල වපසරියකට පැතිරිල යනවා...
ආදරය.. සුන්දර අත්දැකීමක්....
මේ ලෝකේ ජීවත් වන, හැම කෙනෙක්ම,
එකි නෙකාට ආදරය කරනවනම්....
මේ ලෝකය හරිම සුන්දර තැනක්...
මේක සොදුරු නවා තැනක් වෙන්නේ...
අපි එකි නෙකාගේ බැදීම් අදුර ගත්ත දවසට..."

අපි ඊලගට අහන්න යන සින්දුවත්.. වගේම, ආදරයක් ගැන කියන එකක්..
අපි සින්දුව අහලම අදහස ගැන කතා කරමු.......


"කිරි අම්මා වරු - දනට වඩිනවා..
කිරි සුවදයි මුලු ගම්මානේ
අම්මා- අයි දනට නොයන්නේ..
නොවසන් පුතනුවනේ...
මා හිත රිදෙන නිසා....

නෙත නිදි වරමින්- කැත කුනු අත ගෑ..
මම නුබ හැදුවෙමි දුක් විදලා..
එනමුදු කුසයේ- හොවමින් බිහි කර
ඇග ලේ කිරි කර නැත පොවලා..

නුබගෙන් දරු සුරතල් බැලුවා මිසා
මවු පදවිය නැත මා පතලා.....
මතු බවයේ මන් දනට වඩින්නම්,
නුබ බිහි කර කිරි මව වීලා...

මලිත්ට තමාරැකබලා ගත් මවගේ හඩ ඇසෙන්නා සේ විය. එහෙත් වෙනසක් නොදක්වා.. රතය දාවනය කලේය.



නිමි




සිතක සේයා -