" ඉස්පිරිතාලේ කොරිඩොවේ - බිම ඉදන්...
මහ කලුවරේ... හිතේ බයට...
මේ ලොකේ එලිය දුටුව දවසේ..
ඔය රත්තරන් ඇස් දෙකෙන්..
කදුලු වැටුනා, කියල මන් දන්නව තාත්තේ...
අතේ කර ගැට- කරේ, තැලුම් රිදුම් දෙද්දිත්...
හේනේ- කුම්බුරේ, කොටුව රැක්කෙත්..
මයේ බඩ ගිණි නිවන්න කියල..
මම දන්නව තාත්තේ..
මායිම් ගමට ඇත, වෙඩි හඩ් අහෙද්දි...
ඔය ඇස් දෙක වගෙ- රැක ගෙන..
පපුවේ තුරුල් කරන්-
මහ කැලේට දුවපු හැටිත් මන් දන්නව තාත්තේ...
ජීවිතයේ හැම නගිටීමකදිම...
නුබ දුන්නු ශක්තිය... අද ලොකේ දිනන්න
නුබේ පුතාට දැනුන එකම ශක්තිය කියලත්...
මම දන්නව තාත්තේ....
මේ ගෙවුන හැම දවසකම වගෙම
අදත්, හෙටත්..
මන් පතන්නේ- හැම උපදින ආත්මයකම
තාත්තා මගෙම වෙන්න කියල...
ඒ ඇයි දන්නවද?
ඒ හැම බවයකදිම තාත්තට සැලකුවත්....
මට මදි නිසා.....""
No comments:
Post a Comment