Saturday, January 7, 2012

සිතක සේයා..... 37

සිත කිදා ගොස් ගොම්මනේ,
ඉරා සද රැස - ලොවට රහසේ...

නෙත් අයන්, සොයමින් කෙනෙක්
තනිවෙලා නුබ.. මාවතේ....

කාසි වෙනුවෙන්, සින්නකර,
ජීවිතය, නුබ සිය දහස් වර...

වින්දනය ලැබූවන් පවා,
අවමන් කරයි, හිද මහ මැදුරු වල....

දියණියක්, සොයුරියක්, මවක් වී..
ප්‍රේමයක් නොලද - ලොවක
විසදුමක් නැති, ඉරණමක
නතු වෙලා...
සිය දහස් වර තැවෙන, දැවෙන......................

No comments:

Post a Comment

සිතක සේයා -