Sunday, December 30, 2012

මම රෑ ඉර පානට ගොඩ උනේ අහම්බෙන් වගේ


රෑ 8ට විතර ඇති වෙලාව. ඒ ලයිට් ගියපු හුදෙකලා වුනු පාළු රාත්රියක්. මහා දුකක් හිතේ හිරවෙලා තිබ්බා. මම දුරකතනයත් අරන් ඇඳට ගියේ එකේ ගුවන් විදුලිය ක්රියාත්මක කරලා සින්දුවක් අහන්න කියලා හිතාගෙන.. ගොඩක් වෙලාවට මන් අහන්නේ දෙරන... එදත් පොන් එකේ එෆ් එම් එක දෙරනට සුසර වෙලා තිබුනා.. මට ඇහෙනවා අපූරු ගීතයක්. ඒක ඉවරයි. ඔන්න එතකොට පුරුදු කට හඬකින් අපූරු කතනයක් ඇහෙනවා.

මම රෑ ඉර පානට ගොඩ උනේ අහම්බෙන් වගේ. ඒ කොහොම උනත් මම ඒ වෑඩසටහනට ටිකක් වෙලා සවන් දීගෙන හිටියා ටික වෙලවක් ,මට මේ වෙලවෙ වචන එන්නෙ නෑ ඒ ගෑන විස්තර කරන්න.........අන්තිමට මම ඒකට අබ්බෑහි උනා ....... මොකද කියන්න තාම තේරෙන්නෙ නෑ. රෑ ඉරපානට හැමදාමත් ආදරෙයි.
මට තාමත් හිතාගන්න බැරි... මගේ හිතත් අපූරුවට කියෙව්වේ කොහොමද කියලා..............

බන්දුල අංකල්ට.... දීර්ඝායුශ ලැබේවා

"ලොවම එපා වී ලොවම කලකිරි තැවි දැවි හිඳිනා වෙලාවෙ, ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ.." කියලා මටත් හිතුනා.. දුක, ශෝකය සේරම අතුරුදහන් වුනා වගේ...."

No comments:

Post a Comment

සිතක සේයා -