Sunday, August 5, 2012

සිතක සේයා..... 50

"කොතනකද ඔබ හදවතේ....
නැහැ දැනෙන්නෙ...
සිටි වගක් වත්..
ඒ තරම් දුරක මා හැර ගිහින්....

ඒත් ඔබ...
මගේ වෙලා හිටිය කියල මතකයි..
කොහේදෝ ඉදන් ආව නපුරක්...
අපේ කැදැල්ල ඉහිරුවා...

හිතන කොටත් ඒ ගැන...
දැනෙන්නේ ලොකු බයක් විතරයි...
පටන් ගන්න යන ජීවිතය ගැනත්..
මට.....

හිත බිදිලා,
මන් අතීතයම ආදාහනය කලා..
ඒකට පන දෙන්න මන් කවදාවත් සූදානමක් නෑ..
මට ඒක කරන්නත් බෑ...

මුලු ලෝකයම ඇහුව.... ඔබ ගැන..
මන් හිතින් දහස් වාරයක් අඩන්න ඇති...
ඒත් මන් ඔයා ගැන වරදක්
එ මිනිස්සු තුල ඇති කරල නෑ...

ලෝකයටම පේන්න පෝරු මස්තකේ ඉදන්
සුලගිලි බදපු අපිම...
අපි ගැන ඇත්ත
ලොකෙන් වසන් කරන් ජීවත් වෙනවා...

ඔබ කොහේ ද කියන්න මන් දන්නෙ නෑ...
ඒත් ගොඩ නගා ගත්ත අලුත් කැදැල්ලෙ...
සතුටින් ඉන්නව ඇති...
මන් ප්‍රාර්තන කරන්නෙත් ඒකම තමයි..

අමාරුවෙන් හදා ගත්ත හිත..
අයේම කොහේදෝ නතර වෙලා..
මන් දන්නව... අයෙම මගෙ කැදැල්ලට
නපුරක් වෙන්නේ නෑ.......
ඒත් එහෙම වේවි කියලා හිතන්නත් මට බෑ.....

No comments:

Post a Comment

සිතක සේයා -