Wednesday, August 22, 2012

සිතක සේයා... 53


හඩන සිත තනි කරන්...
කෙවෙනි ඉවුරෙන්...
දෝර ගලනවා කදුලු...
කෙනෙක් නෑ ලග අස්වසන්නට..

පෙරදා ලගින් හිටි උන්
හැර දමා ගොසින් මා....
ආයෙම නො එන්නට - මා සමග
පිට එකෙක් ගානට හැර....

Thursday, August 9, 2012


සිතක සේයා..... 52


තනි තරුවකට පෙම් බැන්දෙමි....
කාටවත් නොපෙනුන..ඈත ගගනත...

සදවතටත් වඩා හිතේ උන්නෙමි...
නුබ, ලැගුම් ලා, සිතේ පතුලක.....

දෙනෙත්, නුබ දෙසම අයා සිටියෙමි...
‍රැය දිගු වුනා සේ දැනුනි දෙනෙතට....

නැගෙනහිර අහසට හිරු උදා උනි
නුබ කාටත් හොරා.. ගොස් තිබුනි.. අතරමං කර මා සිත....

ප්‍රභාත්

Monday, August 6, 2012


සිතක සේයා... 51

නිකිනි සදේ සද දිය ‍රැලි...
දලදා වදින්න
නුවර වැවට ඇවිදින්
නිල් මානෙල් මල් සුවදින්...
සිල් සුවදට තැන්පත් සිත...
මුදු සුවදේ බොහෝ දුර ගිහින්....

ගෙවා ආ ගව් ගනන් සසරේ...
සිත නිවා සනසන.. ගිමන් හලට ඇවිදින්...

දලදා ‍රැස් වැඩි අහසට
නෙත් අයාන බලා හිදිමි...
බහිරව කන්දට ඉහලින්
තෙමනා තුරු වියලුනු සිත..
අමා සුවය ගෙනදුන්
ලොව්තුරු බුදු සදහම් සිසිලෙන්.....

Sunday, August 5, 2012


සිතක සේයා..... 50

"කොතනකද ඔබ හදවතේ....
නැහැ දැනෙන්නෙ...
සිටි වගක් වත්..
ඒ තරම් දුරක මා හැර ගිහින්....

ඒත් ඔබ...
මගේ වෙලා හිටිය කියල මතකයි..
කොහේදෝ ඉදන් ආව නපුරක්...
අපේ කැදැල්ල ඉහිරුවා...

හිතන කොටත් ඒ ගැන...
දැනෙන්නේ ලොකු බයක් විතරයි...
පටන් ගන්න යන ජීවිතය ගැනත්..
මට.....

හිත බිදිලා,
මන් අතීතයම ආදාහනය කලා..
ඒකට පන දෙන්න මන් කවදාවත් සූදානමක් නෑ..
මට ඒක කරන්නත් බෑ...

මුලු ලෝකයම ඇහුව.... ඔබ ගැන..
මන් හිතින් දහස් වාරයක් අඩන්න ඇති...
ඒත් මන් ඔයා ගැන වරදක්
එ මිනිස්සු තුල ඇති කරල නෑ...

ලෝකයටම පේන්න පෝරු මස්තකේ ඉදන්
සුලගිලි බදපු අපිම...
අපි ගැන ඇත්ත
ලොකෙන් වසන් කරන් ජීවත් වෙනවා...

ඔබ කොහේ ද කියන්න මන් දන්නෙ නෑ...
ඒත් ගොඩ නගා ගත්ත අලුත් කැදැල්ලෙ...
සතුටින් ඉන්නව ඇති...
මන් ප්‍රාර්තන කරන්නෙත් ඒකම තමයි..

අමාරුවෙන් හදා ගත්ත හිත..
අයේම කොහේදෝ නතර වෙලා..
මන් දන්නව... අයෙම මගෙ කැදැල්ලට
නපුරක් වෙන්නේ නෑ.......
ඒත් එහෙම වේවි කියලා හිතන්නත් මට බෑ.....

සිතක සේයා -