Saturday, January 11, 2014

සිතක සේයා 72

සිතක සේයා 72

හීනෙන්වත් නෑ ඔබ… මා නෙත් මානේ දැන්...
දුරස් කලා මා.. නුබ අපෙ මතක හිතෙන්...
ජීවිතය ලියූ පොත.. පෙරලමින් පිටු ගනන්...
උනුසුමක් හෙව්වා, දුරුත්තෙ.. දවා… අලු කරන්...

තෙලි තුඩින් ලියු ගී පද පත් ඉරු පුරවන්…
ලියුවේ මා නොව, මගේ සෙනහසමනම්…
ඒ බවත් නුබත් දන්නවා නම් හොදින්...
එයත් ඇති මගෙ හිතේ සැනසීමට නම්…

බැදූනු සෙනෙහස අරබයා නුබ නමින්…
මටත් නොකියම සොහොනක මියදිලා, ගිහින්…
ආයෙම දවසක් මේ ගමන් මගෙහි නම්…
හමුවන්න එපා අප, පැතුව පැතුමක් මන්…

Sunday, December 29, 2013

සිතක සේයා 70

සිහින මාරුතේ අතර මන් කලා..
කදුලු නුබ පුරා ඈත පාවුනා..
රහසෙම වෑහෙන කදුලු නෙත් පුරා...
මතකයන් මට තවත් ලන් වුනා...

හැමරැයම තරු වැරූ, අමාවක වෙලා..
ස්වෙත මීදුමේ තැවෙයි සිත මා...
පැතුව පැතුම් අපි, මද සුලගේ යා වෙලා..
අයෙමත් ඇවිත් සිත ලගින් ලැගුම් ලා මා...

මගෙ හිතත් අරන් නුබ කොහෙද දුර ගියා..
මාවතේ තවම, මන් මුල වී මා..
කවි දහසක, පද අතරට නුබම පටලලා...
ආපසු නො එනා සිහිනෙම, ඉන්නම් තනිවී මා....

සිතක සේයා - 71

සිතක සේයා - 71

නිරන්තරෙන් හිතට ඇවිත් 
හිත අස්සේ කල දගකම්....
දුරස් කරන්නට කීවත්,
ඈත් වන්නේ කෙලෙසක මන්.....

එදා වගෙම, අදත් නුබව 
මගේම වගේ දැනෙනව නම්....
ඈත් කරන් මගේ හිතෙන්
තනි කරන්නේ කෙලෙසද මන්

අප හමු උනු තැන් පසු කර ආවත්
මතකය පසු කර එන මන් - කියා දෙන්න හැකිනම්....

ආදරයෙන් ලන් ලන් වෙමින් නුබ උන්නත්
මහද කවුලු දොර හරමින් - දුර යන්නට හැකිනම්....

සන්තානයම හැඩෙව්වත්
දෑස් මා තවත් තෙමමින්.....
නුබ හොවා ගත් හිතත්
ලන්කරන් රහසෙම ඉදිමි මන්......

Saturday, July 20, 2013

සිතක සේයා.. 69



මගේ කියන් හිත ලගම - තියන් හිටපු
 මේ සදත්, තරුත්, අහසත්...
 මේ... විලත්, පියුමුත්, තුරුත්.......
 මගෙ නොවෙයි.....
 තව තවත්....
 අස්තීර සසරේ -
 තිර නොවන බව කිසි දෙයක්...
 කාලයක් තිස්සේ වැටහුනත්.....
 හිත නිවුනේ නෑ කිසි කලෙකත්...
 හිතා ගන්නට මම ද අනිත්‍ය බවක්....

 සංසාරේ ඇවිද යන මගක් තවත්...
 නිතර සෙව්වත් - තිස්සෙම කාලයක්...
 වෙනස් වූ මගේ සිතත්, කයත් වචනෙත්......
 පතන්නෙම ඉපදෙන්න තව වාරයක්
 බුදු සමිදු වඩිනා, රහතන් හිමිවරුන් වඩිනා
 නිවන් මග දකිනා ලෝකයේ විතරක්..................

Monday, June 24, 2013

සිතක සේයා... 67

හීන මාරුතේ.... අතරමන් වෙලා.... මා...
කදුලු නුබ පුරා.. ඈත පාවුනා.....
මෙ වස්සානේ වෑහෙන කදුලු මල් පුරා....
නුබේ හිනා මල්.. තවත් මගෙ හිතට ලං වුණා..
කෝඩූ කමට මං.... මුලා වී ගියා.... මා....
මගෙ හිතත් අරන්, නුබ... කොහෙද දුර ගියා...
පැතුව, පැතුම් මේ.. මද සුලගෙ යා.. වෙලා....
ආයෙමත් ඇවිත්... ලගම, ලැගුම් ලා.. මා.. හා....
තරු වැරූ... මේ... අමාවක... නුබ පුරා...
ශ්වෙත මීදුමේ... තැවෙයි... සිත... මා...
හීන මාරුතේ.... අතරමන් වෙලා.... මා...
කදුලු නුබ පුරා.. ඈත පාවුනා.....

 

සිතක සේයා -