Monday, May 25, 2015

සිතක සේයා - 5... ( විසිරුණු මල් - 23 )

නීල නෙතු හඩවා සෝ සුසුම් මත දියකලා..
ඔබ දුන්නු සෙනෙහස
අකීකරු පෙම්වතා වී මා නුඹේ අද...

මගෙ හද පුදසුනේ
පහන් කල සෙනෙහස
නිවා දැමුවේ අදුරක තනිකර....

තරු රෑනේ තවත් තරුවක,
ඇරඹුමක කදුලු කතාවක් ලීවාලූ
මම නුඹට හිරු වෙලා නුඹේ ලෝකයේ....

කොහොම කියන්නද
මගේ හුස්ම පොද නුබ ලගම තිබුණු බව,
අකීකරු වුණත් මම නුඹට...

අන්තිම වරටත් හැරුණේ මම නුඹ දෙසට,
ඔයා ලගම ඉන්නයි ආයෙම...
ඒත් කීවම දුරක යන්න මට
හැර දමා ඔබෙ මතකයත් මට,
කොහොම ඉන්නද පේන ඉසව්වක....

ආයෙම දවසක් නොයේවි හමු වන්නට,
ඔබ මා මුණ ගැසුණු මේ එකම වා කද අතර..
මගෙ හදවතේ ඇදුණු නුඹ විතරක්ම ඉදීවී,
මතකයන් එක්ක ඔබෙත් මගෙත්...

Prabhath ( 26 / 05 / 2015)

Monday, May 18, 2015

සිතක සේයා - 9... (හිත නොකී කවි - 3)


( 2006.03.26 වන දින කුදිරමලේදි සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයකින්, අතුරුදහන් වූ මාගේ ආදරණීය අයියා ඇතුළු වසර 30 ක යුද්ධයෙන් ජීවිත අහිමි වූ සියලු රණ විරුවන් සහ ආබාධිත රණ විරුවන් වෙනුවෙන් )

ගෙමිදුලේ ඇවිදපු, සිහිවටන
ඔබේ නමින්....
තනි කරන් හිත් අස්සේ
ඉන්නේ අපි හරි දුකෙන්......
ඉදිවුනත් සොහොන් කොත
දෑස් ලග ඔබේ නමින්....
හදවතින් අපි ඉන්නේ
හැමදාම ඔබේ ලගින්....
ආදරණීය අයියේ මා නුඹව අමතමි ....
"ගිනි දැවුණ ඒ වා කදට
හුදකලා කල ඔබේ සිහිනය
තල්සෙවනේ වැලි කදක මියදුනා නොව...
වරක්, දෙවරක් ,සියවරක්...
නිදහස්ව ඉපදුනා තව පුතුන් මව් බිමේ පිනෙන්
නුබේ හීනයට පනපොවා..
ඒ තල් උයන් අද්දර දස දහස් ගනණක් ”

(මල්ලි) 19 / 05/ 2015

Thursday, May 14, 2015

සිතක සේයා - 9... (හිත නොකී කවි - 2)


අපේ ගැන නොකියා...
අනුන් සිත් කියවා...
මා... ලියු කවි පද.......
දහසකුත් වර....
ඇත... ඔබේ නෙතු හඩවා...

ලියු කවිපද කියවා......
කෙනෙක් ඇසුවාලූ... ලොවේ...

ඇයිද ඔබල මා වෙන් කලේ...
හිතකවත් නැති.. විරහවක්.. ගැන
ඔවුන් ඇයි.. ඔබගෙන් විමසුම් කලේ..

කවි සිතක් නොහදුනන.. උනුන් බස් අසලා..
ඔය හිතට දුක හින්දා
හිතට ආ පදපෙලක්..
නුබ නමින් ලිව්වා...

Prabhath
13/ 05/ 2015

සිතක සේයා - 9... (හිත නොකී කවි - 1)

එක බත් පතේ රස බැලුවේ අපි දෙන්නා...
රණ්ඩු උනත් යාලු වෙවී ලග උන්නා....
කරදඩු උස් වෙලා නුබ දුර වගෙ දැනුනා....
නුබෙ සෙනෙහසත් අඩුවක් මට අද හැගුනා....

මායිම් ගමේ වෙඩි සද්දේ ඇහෙන කොට....
අම්මට කලින්, මා ගත්තේ නුබ කරට….
සගවා නුබෙ සද්ද රින්ගුව හැටි කැලයකට….
සිහිවී තෙමුණා මගෙ නෙත් කදුලින් බරට....

නිවාඩුවට හැම සතියක ගෙදර මම....
යන විට නුබ හිටියා මතක හිත අස්සෙම....
දින සති ගෙවුන හැටි හමුවෙන්නේ නැතුවම....
හිතුනා ඇවිදින්න, අතීතයේ අපෙ ආයෙම....

ඔන්චිලි පැද්දා නුබ උකුලේ හොවාගෙන....
වැලි මාලිග හැදුවා එක වැලි ගොඩ බෙදාගෙන ..
ඉන්නට කැමති හින්දා නුබ නෙතේ ගැවසෙන....
ඉදපන් ලගින් නොගිහින් දුර අයියගේ සෙවන....

ලොකු මිනිහෙක් වෙයන්, මට වඩා උබ දුර ගිහින්...
ඒකයි මගෙ හීනේ හැමදාම, පැතුවේ මම හදවතින්....
පෙනුනත් උබ ලොකු එකෙක් වගේ වඩා මට උස ගිහින්.....
තවමත් "පොඩි මල්ලි" විදිහටයි පෙනුනේ මට ආදරෙන්....
 — 
Prabhath 

සිතක සේයා - 8... (පමා වූ වසන්තේ - 4)




මගේ ගගනත එළිය දුන් සද, අදුර මගෙ හිත හකුලමින්...
තරු රෑනේ මම එකම තරුවයි, නුඹට පෙම් කල හදවතින්...
හාද වී නුඹ තවත් තරුවක, බැස ගිහින් මගෙ ගගනතින්...
තවත් ඉන්නේ මම තනි වෙලා, බැස නොයන මහ කළුවරින්....

ආයේමත් නුඹ මුණ ගැහෙන්නට, හිතුවේ නෑ මම මගෙ හිතින්...
කාලෙකින් නුඹ නෙත ගැටුණෙ, හිතුවේ නැතුවම අහම්බෙන්...
හිතට ඇවිදින් දුර අතීතය, කදුළු ඇවිදින් නෙත් අගින්...
ලගට ඇවිදින් වාත් වෙන්නට, හිතුණා මට නුඹේ උරහිසින්....

මන් මුලා වුණ සමනළිය කර, උන් ගිහින් නුඹේ ජීවිතෙන්...
ආදරේ මගෙ තවම එහෙමයි, දැනගන්න මන් තවම තනියෙන්...
එකට ඉන්නට නුඹ කැමති නම්, පැන ඇවිත් අපි අපේ අතීතෙන්...
හැම දාම මගේ සදවතිය, වී ඉන්න ආයෙම හුරු පුරුදු ආදරෙන්....

Prabhath ( 13/ 05 / 2015)
 

සිතක සේයා - 8... (පමා වූ වසන්තේ - 3)



හිර වෙච්චි හුස්ම මගෙ,
තනි වෙච්චි හිත එක්ක..
ඔබ ගැනම කාලයක් කියවුවා...

දුර වෙච්චි හීන මගෙ,
ලිය වෙච්චි කවි එක්ක...
අපි ගැනම කාලයක් මිමිණුවා..

තනි වෙච්චි අහස යට,
හද දවන තනිකමට...
නැති වෙච්ච හුස්ම මගේ ඇහිදුවා...

බොද වෙච්චි දෙනෙත් මගෙ
ඔබ දුන්නු හීන ලග,
හොයන්නේ ඔබවවමයි පැවසුවා..

Prabhath
2015/ 05 / 07

සිතක සේයා - 8... (පමා වූ වසන්තේ - 2)



දකින හැම හීනේ මගෙ - ඔබම විතරක් ඉන්න, 
හීන ඇහිදින සිත්තරෙක් මන්,
හීනෙකින්වත් ඔබට නොපෙණෙන....

පහු කරන් කදු ශිඛර - ලලන ගන්දිය වෙන්න
හැඩක් නැති වෙරළ මන්
කාගෙවත් නැති නෙත් ගැටුණ....

තුරු හිසේ මගෙ පිපෙන - එකම පියුමත් වෙන්න..
එකුන් ඉක්බිති වස්සානේ මන්..
ඉරි තැලුණ පොලවක හැදුණ...

හිතුවේ මන් ආදරෙන් - ඔඛෙම විතරක් වෙන්න...
ඔබට නැත අයිති මන්
වෙන්න මගෙ දිවියට පහණ....

01/05/2015 - Prabhath

සිතක සේයා - 8... (පමා වූ වසන්තේ - 1)



සිනාසෙන්නට මොහොතකුත් මට, 
හිමි නොවුණු මගෙ අතිතේ...

විටින් විට ඔබ ඇවිත් ‍යන්නැ'ති,
සතුට දෙන්නට වසන්තෙ...

හීන මැව්වට පිපුණු හැම විට,
උයන් වල මා දස අතේ....

පරවුණා, ඒ පිපුණු හැම කල,
නුබ නිසාමම කිණිත්තේ...

අහම්බෙන් මම පිපුනේ ආයෙම,
දිය පිරුණු වැව් ඉහත්තේ...

උයන් වල තව මල් පිපිලා,
නැති නමුත් මදු වසන්තේ....

උණුහුමක මා කැටි කරන් ඔබ,
නෙලා ගත් මා මේ දුරුත්තේ....

මේ තරම් මට දුර උනේ ඇයි..?
පමා වූ මගේ වසන්තේ...... 

Prabhath.. 

සිතක සේයා -