සිත සුවපත් කරන.. සන්හිදියා තැන්නෙ දැහන් ගතවන නිමේශය........
Thursday, December 25, 2014
Sunday, December 21, 2014
සිතක සේයා - අලුත් වැස්ස - 11
සුදු නෙලුම් මල් අරන්
රුවන් වැලි සෑ බිමට
යන්න යලි මා එක්ක
කවදාද ඔබ එන්නේ.....
රුවන් වැලි සෑ බිමට
යන්න යලි මා එක්ක
කවදාද ඔබ එන්නේ.....
සුලගිල්ලේ එල්ලිලා
හිරු බහින හැන්දෑවේ
තිසා වෑ කන්දෙ අපි
කෙදින යළි ඇවිදින්නේ.....
හිරු බහින හැන්දෑවේ
තිසා වෑ කන්දෙ අපි
කෙදින යළි ඇවිදින්නේ.....
පුර පොහොය සද වඩින
ම්හින්තල නුඔ අරා
කවදාද යළි අපේ
නුවන් යුග පැටලෙන්නේ.....
ම්හින්තල නුඔ අරා
කවදාද යළි අපේ
නුවන් යුග පැටලෙන්නේ.....
මගේ හිත සනසන්න
නුබ ආයේ එනදාක
නුඔ ගැනම හිතමිනුයි
මගෙ කාලේ ගතවෙන්නේ....
නුබ ආයේ එනදාක
නුඔ ගැනම හිතමිනුයි
මගෙ කාලේ ගතවෙන්නේ....
(Prabhath 21/12/14)
Thursday, December 11, 2014
Tuesday, November 18, 2014
විද්වත් ඇස - 04 - මද්‍යසාර භාවිත කරන්නන් විසින් මද්‍යසාරයෙන් වසා ගන්නට උත්සහ කරන ප්‍රචණ්ඩත්වයේ සැබෑව
මද්‍යසාර භාවිත කරන්නන් විසින් මද්‍යසාරයෙන් වසා ගන්නට උත්සහ කරන ප්‍රචණ්ඩත්වයේ සැබෑව
මද්‍යසාර යනු වර්තමානයේ බොහෝ පිරිස් විවිධ තල ඔස්සේ සිය අවධානය යොමු කරන එසේම විවිධ ආකාරයේ නිවාරණ වැඩසටහන් සහ පර්යේෂණයන් සු`එ පරිමාණයේ සිට ඉතා විශාල පරිමාණයක් දක්වා ක්‍රියාත්මක වන විෂයක් ලෙස පෙන්වා දීමට හැකිය. පුද්ගලයන් විසින් මද්‍යසාර පිළිබ`දව තම මනසේ න`ගාගෙන ඇති චිත්‍රය විවිධාකාර වන අතර මෙම විවිධ වු චිත්‍රය ධනාත්මක තත්වයන්ගේ සිට සෘණාත්මක තත්වයන් යන දෙපසටම පැතිරී යන්නක් ලෙස පැහැදිලිව පෙනෙන කරුණකි. කෙසේ වෙතත් මෙම සෘණාත්මක වටහා ගැනිමි වල සත්‍යතාවක් නැති බව ඒවා කෙරෙහි මතු පිටින් නිරීක්ෂණය කලද අපට නිගමනය කළ හැකිය.
නමුත් මෙම සෘණාත්මක චිත්‍රයන් එකහෙලාම විශ්වාස නොකීරීමට ඒවායෙහි එල්බ සිටින පුද්ගලයන් පෙලඛෙන්නේ නැත. මද්‍යසාර කර්මාන්තයේ උපක්‍රමයන් ලෙස මෙම විවිධ සෘණාත්මක විශ්වාසයන් ප්‍රජාවන් තුල ජනිත කිරීම සිදුවන බව ද පැහැදිලි කරුණකි. මෙම තත්වය මත මද්‍යසාර කර්මාන්තයට තම රසායනිකය ප්‍රජාව තුළ තව තවත් ව්‍යාප්ත කීරීමට ඉවහල් වන පරිසරයක් නිිර්මාණය වන බව පෙනේ. සාමාන්‍යයෙන් මද්‍යසාර අවපීඩකයක් ලෙස වර්ගීකරණය කෙරෙන අතර එම`ගින් මද්‍යසාර භාවිත කරන්නාගේ මධ්‍ය ස්නායු පද්ධතිය ම`ගින් පාලනය වන ඔහුගේ චලනය, කථනය සහ ප්‍රතිචාර දැක්වීෙමි වේගය අඩු වී යාමක් සිදුවේ. නමුත් බොහෝ මද්‍යසාර භාවිත කරන්නන් මද්‍යසාර පානය කරන්නේ උත්තේජ බලපෑමක් අපේක්ෂාවෙනිග රසායන විද්‍යාවට අනූව මද්‍යසාරයේ අඩංගු ප්‍රධාන රසායනය ඊතයිල් (Ethyl alcohol) කෙනෙකු පානය කරන මද්‍යසාර මොළය වෙත ළ`ගා වීමට සැළකිය යුතු කාළයක් ගතවේග එනමි මද්‍යසාර භාවිත කරන්නා අපේක්ෂා කරන මද්‍යසාරයේ වෙනස මද්‍යසාරය භාවිත කල ක්ෂණයකින් ලැබිය නොහැකිය. එපමණක් නොව තමා භාවිත කරන මද්‍යසාර ප්‍රමාණය අනූවද මෙම අපේක්ෂිත වෙනසේ් වෙනස්කමි පැවතිය යුතුයග නමුත් ප්‍රායෝගිකව අල අත්දකින උදාහරණය නම් මද්‍යසාර පානයත් සම`ග භාවිත කරන්නාගේ උත්තේජ අපේක්ෂාවන් වෙත ළ`ගා වන බවය. කෙසේ වෙතත් ඊතයිල් මද්‍යසාරයේ රසායනික බලපෑම මද්‍යසාර භාවිත කරන්නා අපේක්ෂා කරන අපේක්ෂාවන්ට වඩා පැහැදිලිවම වෙනස්ය. හිිස බර ගතියල වමනය, නිදිමත, බඩ දැවිල්ල, අධික දහඩිය, ඔක්කාරය ආදී විවිධ ලක්ෂණ මද්‍යසාරයේ රසායනිකය ඇති කරන බව මද්‍යසාර භාවිත නීරීක්ෂණ පෙන්වා දෙයි. එනමි මනා ලෙස පෙනී යන කරුණ නමි මද්‍යසාර රසායනිකය මද්‍යසාර භාවිත කරන්නා විසින් අපේක්ෂිත උත්තේජනයට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රතිපලයන් වෙතට ඔහුව නතු කරන බවය.
මද්‍යසාර අඩංගු ප්‍රතිශතය අනූව වෙළ`දපලේ අලෙවි වන ඹ්නාම මද්‍යසාර වර්ගයක රසායනික ප්‍රතිපලය ඉහත ආකාරය. අප අවට සමාජ පරිසරය පෙන්වාදෙන ලෙස මද්‍යසාර භාවිතය වර්තමානයේ ජනප්‍රිය සමාජ ක්‍රියාකාරකමක් බවට පත්ව ඇත. නමුත් මද්‍යසාර භාවිත කරන්නන් මෙන්ම නොකරන්නන් ද ඉහත ස`දහන් කල සැබෑ ක්‍රියාකාරීත්වය පිළිබ`දව ගැඔුරින් ග්‍රහනය කොට නැති බවත් මද්‍යසාර වල කටුක, නීරස, අප්‍රසන්න බව අත්වින්දද එය සාමාන්‍යකරණය කිරිමට උත්සහ කිරිමත් මෙම ජනප්‍රිය සමාජ ක්‍රියාකාරකමක් වීමට හේතුව වී ඇත. කලහකාරීත්වය නැතහොත් ආරවුල් ඇති කිරීම සාමාන්‍යයෙන් විග්‍රහ කරන්නේ යමි පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් වෙත සිදු කරන විරුද්ධව බාධා පැමිණිෙමි චර්යාවන් ලෙසටය. කලහකාරිත්වය යන්න මානසික බලපෑමක් ලෙස විග්‍රහ කල හැක්කක් මෙන්ම ප්‍රචණ්ඩත්වය යන විෂයට විශාල වපසරියකින් අයත් වන්නකි. එසේම කලහාකාරී ක්‍රියාවන් නැතහොත් ආරවුල් ඇති කිරිමට උත්සහ ගැනිම ඉලක්ක කරන පුද්ගලයාට හෝ වස්තුවට හානියක් කිරිමට සමත් ක්‍රියාවන් ලෙස පෙනී යයි. ප්‍රචණ්ඩත්වය යන්න කායිකව යමි ප්‍රජාවකට හෝ යමි කෙනෙකුට සිදුකරන කායික හානියක් හෝ මානසික හානියක සිට මරණයක් දක්වා විහිදී යයි.
මද්‍යසාර පදනමි කර ගත් කළහකාරීත්වය හෝ ප්‍රචණ්ඩත්වය පිලිබ`දව පර්යේෂණාත්මක, විශ්ලේෂණාත්මක මෙන්ම විස්තරාත්මක අධ්‍යනයන් ලෝකය පුරා වසර ගණනාවක අතීතතයක සිට සිදුකරමින් පවතී.
නමුත් මෙම අධ්‍යන ප්‍රධාන ධ්‍රැව දෙකක් ඔස්සේ සිදුවන බව පැහැදිලිව පෙනේ. එනමි සමහර පර්යේෂකයන් මද්‍යසාර ම`ගින් ප්‍රචණ්ඩත්වය හෝ කලහකාරිත්වය ඇති වන බව පෙන්වා දෙන අතර ඇතැමි පර්යේෂකයන්් නිගමනය කරන්නේ මද්‍යසාර පදනමි ප්‍රචණ්ඩත්වයක් හෝ කළහකාරීත්වයක් නැති බවයි. කෙසේ වෙතත් මද්‍යසාර රසායනිකයේ සැබෑ යොමුව ප්‍රචණ්ඩත්වයක් ඇති කිරිමක් සිදුවීමට හේතු නොවේ. නමුත් මද්‍යසාර භාවිත කරන්නන් මෙන්ම ඇතැමි භාවිත නොකරන්නන්ගේ අදහස නමි මද්‍යසාර භාවිත ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය දෙයක් බවයි. මාධ්‍ය තුලින් වෙනත් හෝ කර්මාන්ත උපක්‍රම තුලින් හෝ සමාජ අත්දැකීමි ආදී විවිධ ආකාර තුළින් ප්‍රජාව සිය මනස තුල ඇති කර ගන්නා වැරදි ආකල්පයක් ලෙස මද්‍යසාර භාවිත ප්‍රචණ්ඩත්වය හෝ කළහකාරීත්වය හ`දුන්වා දෙන්න හැකියි. මෙම නිසා මද්‍යසාර භාවිතය සම`ග එහි සැබෑවට පෙනෙන සංසිද්ධි පසක ලා සමාජය තුල පවතින චර්යාවන් නිරූපණයට මද්‍යසාර භාවිත කරන්නාගේ පෙළබීමක් ඇති වනවා විය හැකිය. එසේම මද්‍යසාර භාවිත නොකරන ඔහු අවට සිටින අනෙකුත් ප්‍රජාවන් මද්‍යසාර භාවිත කළහකාරීත්වය හෝ ප්‍රචණ්ඩත්වයට ලබා දෙන අවසරයද මද්‍යසාර භාවිත කරන්නන්ගේ මෙම අපේක්ෂිත චර්යාව නිරුපණයට රුකුලක් වේ.
”ර්‍සාමාන්‍යයෙන් අපේ මහත්තය හො`දයි…… බිවිවම තමයි ටිකක් සැර”
”එයා දන්නේ නෑ බිවිවම මොකද කරන්නේ කියලා”
”මේ මනුස්සයා බිවිවම යකෙක් වෙනවා”
ඉහත දක්වා ඇත්තේ ප්‍රජාව පැත්තෙන් මද්‍යසාර භාවිත කරන්නා පිළිබ`දව පැවසෙන අදහස් කිහිපයකි. ෙමිවායින් පෙනී යන්නේ මද්‍යසාර භාවිත කරන්නන්ට සමාජය විසින් මද්‍යසාරය මත වරදක් පටවා ඔහුගේ ප්‍රචණ්ඩකාරී චර්යාව වසා දැමීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව හවුල් වී ඇති බවයි. ඔහුගේ ප්‍රචණ්ඩත්වයට ලබා දී ඇති ඉහත ආකාරයේ අවසරයන් ඔවුන්ගේ ප්‍රචණ්ඩාත්මක චර්යාවන් තව තවත් සිදු කිරීමට හේතු ෙවි. මද්‍යසාර භාවිත ප්‍රචණ්ඩාත්මක චර්යාවන් කෙරෙහි අවසරයක් සමාවක් නොදෙන්නේ නමි මද්‍යසාර භාවිත චර්යාවන් නිරුපණයක් බලාපොරොත්තු විය නොහැකිය. මෙම සමාජ අවසරය පිලිබ`දව ප්‍රජාවගේ දැනුවත් වීම ද එතරමි ගැඔුරට යන්නක් නොවේ. එසේම මෙම තත්වය ප්‍රජාව තුල ආකල්පමය වෙනසක සිට චර්යාමය වෙනස දක්වා ගෙන යාමද එතරමි පහසු කටයුත්තක් නොවේ. කෙසේ වෙතත් සු`එ පරිමාණයෙන් හෝ ආරම්භ කර ප්‍රජාව තුල ඇති කළ යුත්තේ මෙවැනි තත්වයන් පිලිබ`ද මැදිහත්් වීමියග වඩා වැදගත් වන්නේ මේ පිළිබ`දව අවබෝධය දියුණු කිරීම පමණක්ම නොවේ. ප්‍රජා ක්‍රියාකාරකම් ශක්තිමත් කරමින් ප්‍රායෝගික යොමුවක් ඇති කිරීමය.
ප්‍රභාත් පල්ලෙවත්ත
Wednesday, November 5, 2014
Saturday, October 18, 2014
Tuesday, October 14, 2014
Thursday, October 9, 2014
විද්වත් ඇස - 03 - 2006 අංක 27 දරන දුම්කොළ සහ මද්‍යසාර පනත පිලිබදව වෘත්තිකයන්ව දැනුවත් කිරීමේ සහ ප්‍රජාව දැනුවත් කිරීමේ ක්‍රමවේදය
මද්‍යසාර දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය ලෝකය පුරා ජීවත් වන සෑම රටකම මිනිසුන්ගේ යහපැවත්මට සෘණාත්මක තර්ජණයක් එල්ල කරමින් විවිධාකාරයේ සෞඛ්‍ය ප්‍රශ්න මතු කරමින් සිටින බව ඔබ අප දන්නා කරුණකි. වර්තමානයේ මද්‍යසාර, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය හේතු කොටගෙන ඇතිවන සෞඛ්‍ය, සමාජීය, ආර්ථික සහ පාරසරික හානිය මෙපමණයයි නිශ්චය කිරීමට නොහැකියි. ලෝකයේ අනෙකුත් රටවල් හා සැසදීමේදී ශ්‍රී ලංකාවේ මෙම තත්වයද නොසලකා හැරිය හැකි මට්ටමක නොපවතී. විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල විවිධ වූ සෞඛ්‍ය වෘත්තිකයන් විවිධාකාරයේ සෞඛ්‍ය අධ්‍යාපන සහ සෞඛ්‍ය ප්‍රවර්ධන මැදිහත් වීම් හරහා දුම්වැටි, මද්‍යසාර සහ අනෙක් මත්ද්‍රව්‍ය වලින් සිදුවන සියලු ආකාර හානීන් උත්සහ කරමින් සිටියද, සැබෑ යටිතල සාධක ඇමතීමේ දුර්වලතාවයන් හදුනා ගත හැකිය. නමුත් මේ ගැටලුව කෙරෙහි සිය`එ අංශ වල මැදිහත් වීමේ ප්‍රවණතාවයේ දියුණුවක් පසුගිය දශකය තුල සිදු විය. රාජ්‍ය, පෞද්ගලික, සිවිල් සමාජ සහ අනෙකුත් ආයතනන් වල සිදුවූ මෙම මැදිහත්වීමේ ප්‍රවණතාවය ප්‍රසංශනීය වේ. පසුගිය දශකය තුලදී මද්‍යසාර, මත්ද්‍රව්‍ය හා අනෙකුත් මත්ද්‍රව්‍ය වලින් රටට වන බලපෑම අවම කිරීම සදහා නීති, රෙගුලාසි වල මැදිහත් වීමද මහජන සෞඛ්‍ය ඉහළ නැංවීමට ගත් ප්‍රසංශනීය උත්සහයකි.
2003 වර්ෂයේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දුම්වැටි පාළනය සදහා ප්‍රඥප්තියක් ඉදිරිපත් කල අතර මෙම ප්‍රඥප්තියට රටවල් 168ක් පමණ අත්සන් කර ඇත. එක්සත් ජාතීන්ගේ ඉතිහාසයේ වඩාත් පු`එල් ලෙසම අනෙකුත් රටවල දායකත්වය ලැබුණු ප්‍රඥප්තිය මෙයයි. මෙම ප්‍රඥප්තිියට පෙර සිට වුවද ශ්‍රී ලංකාවේ සාරංශ ගත ප්‍රඥප්තියක් මද්‍යසාර, දුම්වැටි සම්බන්ධව සංවර්ධනය වෙමින් පැවතින. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රඥප්තියෙන් පසුව 2006 වර්ෂයේ අංක 27 දරන දුම්කොළ සහ මද්‍යසාර පිලිබද පනත ප්‍රකාශයට පත් කරන ලදී. 2007 වර්ෂයේදී ජාතික දුම්කොළ සහ මද්‍යසාර අධිකාරිය පිහිටවූයේද මෙම පනත ක්‍රියාත්මක කිරීම සදහායි. අරමුණු රාශියක් පෙරදැරි කොටගෙන වසර කිහිපයක් මෙම පනතේ විවිධ සංශෝධන සහිතව ක්‍රියාත්මක වෙමින් පවතින මෙම පනත දුම්වැටි හ මද්‍යසාර වල විවිධාකාර බලපෑම් අවම කිරීම උදෙසා නීති රෙගුලාසි ක්‍රියාත්මක වීම සිදුවේ. අවිධිමත් නිරීකෂණ සහ වෙනත් සාක්ෂි පදනම් කරමින් නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සදහා මෙම පනතින් බලය ලබා දී ඇති පුද්ගලයන්ගේ දායකත්වයේ අඩුවක් පවතින බව පෙනී යයි. මේ සදහා බලය බලය පැවරී ඇති පුද්ගලයන් වන පොලිස් නිළධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන්, සුරාබදු නිළධාරීන් මේ සම්බන්ධව මනා දැනුවත් බවක් පැවතිය යුතුය. කෙසේ වෙතත් 2006 අංක 27 දරන දුම්කොළ සහ මද්‍යසාර පනත පිලිබදව වෘත්තිකයන්ව දැනුවත් කිරීමේ සහ ප්‍රජාව දැනුවත් කිරීමේ ක්‍රමවේදයේ දුර්වලතාවයන් පවතින බවක් පෙනේ. කෙසේ වෙතත් මෙම පනත ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීමට, අදාල බලයලත් නිළධාරීන් පනත පිලිබ`දව දැනුවත් කිරීම අත්‍යවශය කරුණක් වේ.
(Prabhath Pallewaththa, 06-10-2014)
Monday, October 6, 2014
Saturday, October 4, 2014
Tuesday, September 23, 2014
විද්වත් ඇස - 02 - ශ්‍රී ලංකා ජාතික කොඩිය
ලෝකයේ සියලුම රටවල් සිය අනන්‍යතාවය පෙන්වීම සදහා ජාතික ධජයන් ඒ ඒ රටවල් විසින් නිර්මාණය කර තිබේ. එය රටවල් වල උදාර සංකේතය වේ. ශ්‍රී ලාංකික අප නියෝජනය වන්නේ සිංහ ධජයෙනි. 1986 අගෝස්තු මාසයේ දී ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් අනුමත කර ඉදිරිපත් කර ඇති රීති මාලාව ශ්‍රී ලාංකික ජාතික කොඩිය පිලිබදව දැනට බලපැවත්වේ.
ජාතික කොඩියේ නිරූපණය වන සිංහයා පුරාණ රාජකීය කොඩිය ඇසුරෙන් යෙදෙන්නකි. 1951 වසර තෙක් ශ්‍රී ලාංකික අපගේ රාජ්‍ය උත්සව වලදී ඔසවනු ලැබූයේ බ්‍රිතන්‍ය කොඩියයි. රජය විසින් පත් කරන ලද 7 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක නිර්දේෂ අනූව 1951 මාර්තු මාසයේ 2 වන දින වර්තමාන ජාතික ධජය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පිළිගෙන සම්මත කර ගන්නා ලදී.
ශ්‍රී ලංකා ජාතික කොඩියේ මුලට ඇති කොල පාට තීරුවෙන් මුස්ලිම් ජාතීන් නිරුපණය වන අතර තැඹිලි පාට තීරුවෙන් දමිළ ජාතීන් නිරූපනය වේ. රතු පසු තලයක මැද සුරතින් අසිපතක් ගත් කහපාට සිංහ රූපයක් හදුනා ගතහැකි අතර සිංහ තේජස උත්තරීතර සහ සින්හල ජාතියේ සංකේතය ලෙස විග්‍රහ වේ. රතු පසුතලය සිවු කොණේ කහ පැහැති බො කොළ 4ක් වන අතර ඒවා බුදු දහමේ දැක්වෙන, මෙත්ත, කරුණ, මුදිත සහ උපෙක්ක්ශා යන සතර බ්‍රහ්ම විහරණ සංකේතවත් වේ. සිංහ කොඩියේ මුල් කාලයේදී මෙම බො කොල 4 වෙනුවට බීරලු 4ක් යොද ගෙන තිබුණි. සිංහයා කහ පාටින් නිරුපනය කර ඇත්තේ සාමයට, ජාතියේ ඇති සහජ ලැදි කම හෙවත් දැහැමි කමයි. සිංහයා සිටින තද රතු පැහැ පසු බිමෙන් සමෘධිමත් භාවය දක්වයි.
සිංහයාගේ අතේ වන අසිපත ආරක්ශක ආයුධයක් වන අතර, එය ඉහලට එසවීමෙන් ජාතියේ ස්වාධීන බව මෙන්ම උත්තරීතර බව විදහා පායි. මෙම අසිපත දකුණු අතෙ තිබීමෙන් නිරූපණය වන්නේ ආරක්ශාවට සිටීම සහ යුක්ති සහගත බවයි. පාද තුනෙන් අසිපත දරා සිටින සිංහයා මගින් තුන් සිංහලය එක්සත් කල බව සංකේතවත්න් කෙරේ. සිංහයාගේ හිසේ උඩ මට්ටමෙන් වලිගය ඉදිරියට පමිණ නැවත එක සමාන මට්ටමින් පසුපසට කරකී ගොස් තිබීමෙන් නිරූපණය වන්නේ රාජ්‍ය පාලකයා සහ රටවැසියා එක සමාන ව සලකා රට පාලනය කල යුතු අන්දමයි.
ජාතික ධජය එසවීම..
ජාතික ධජය එසවීමේදී කණඩායම සීරුවෙන් සිටිය යුතු අතර, සෘජුව තම ඉදිරිය බලා සිටිය යුතු වේ. ජාතික ගීය ගැයීමෙන් අනතුරුව හිස පමණක් පහත් කර ඊට ගෞරව දැක්විය යුතුවේ. ජාතික කොඩිය වෙනත් කොඩි කිහිපයක් සමග ඔසවන්නේ නම්, ජාතික කොඩිය සැම විටම දකුණු අන්තයේ තැබිය යුතුවේ. එසේම අනිත් කොඩි ජාතික කොඩියට පහලින් තැබිය යුතුය. වෙනත් රටවල ජාතික කොඩි සමග ඔසවන්නෙ නම් සියලුම කොඩි සම මට්ටමෙන් එසවිය යුතුවේ. ආගමික කොඩි ප්‍රදර්සනය කල යුත්තේ ජාතික කොඩියට සමාන උසකිනි. සාමන්‍යෙන් ජාතික කොඩිය රාත්‍රියේ ඔසවා නොතබන අතර අදුර පැමිණීමත් සමගම ජාතික කොඩිය ගලවා දමා පසු දින වැඩ ආරම්භ කරන විට නැවත ඔසවා තැබිය හැක. යම් ගොඩනැගිල්ලක ජාතික කොඩිය රාත්‍රියක ඔසවා තනන්නේ නම්, එයට විදුලි ආලොකය සැපයිය යුතුයි.
ජාතික ශෝක දින වලදී ජාතික කොඩිය අඩ කුබු කරන අතර, එහිදී ජතික කොඩිය මුලින් උපරිම ඔසවා, නැවත කණුවේ 3/4 ක් වන මට්ටමේ ඔසවා තැබිය යුතුය.
ජාතික කොඩියේ ප්‍රමාණය
කොඩියේ ප්‍රමාණය දිග පළල මෙන් දෙගුණයක් විය යුතුය. රාමුව හැර සෙසු තීරයන් 1:1:5 යන පරිමාණයට අනූව සැකසිය යුතු වේ.
Monday, September 15, 2014
අවධානය පිණිස - 6
මද්‍යසාර, දුම්වැටි, ආදී මත්ද්‍රව්‍ය භාවිතය කටුක, නීරස එමෙන්ම අප්‍රසන්න අත්දැකීමක් බව අප හැමෝම දන්න කරුණක්. මද්‍යසාර භාවිත කල විට ඇත්තටම ඇගට දැනෙන්නේ සතුටක්වත්, වින්දනාත්මක හැගීමක්වත් නොවේ. හිස කැරකිල්ල, පිපාසය, බඩ දැගලිල්ල, වමනයට ඒම, වාරු නැතිකම ආදීය නොපෙන්වීමට මද්‍යසාර පාවිච්චි කරන්නා උත්සහ කලද, මද්‍යසාරයේ සැබෑ යතාර්තය එයයි. සමහරු විවිද හේතු දක්වමින් මද්‍යසාර භාවිත කිරීමට පෙලබෙනවා. නිදි මැරීමට, එහෙමත් නැතිනම් නින්ද යාමට, ප්‍රශ්න අමතක කිරීමට, එහෙමත් නැතිනම් ප්‍රශ්න මතක් කිරීමට, ආදිය මේ අතර ප්‍රධානයි. කෙසේ වෙතත් මෙම චර්යාවන්ගේ කිසිදු සත්‍ය තාවක් නෑ. කෙසේ වෙතත් පැහැදිලිව පෙනෙන කරුණ නම් සතුටු දායක අවස්තාවලදී භාවිත කිරීමත්, මද්‍යසාර භාවිත කරන ස්තානවල නිසන්සල භාවයත්, අපූරූ බලපොරොත්තුත්, භාවිතයෙ භාවිතා කරන වචනත්, අමුතු චාරිත්‍රත් ආදිය මගින් උත්සහ කරන්නේ මද්‍යසාර වලින් දැනෙන අප්‍රසන්නතාවය වසා ගැනීමට දරණ උත්සහයයි.
Friday, September 12, 2014
Wednesday, September 10, 2014
අවධානය පිණිස - 05
අපි ජීවත් වන්නේ මද්‍යසාර භාවිතය නිසා, පිරිමිකම, සතුට උපදවන බව, ප්‍රචණ්ඩත්වය ඇතිවන බව, තරුණකම ඇතිවන බව, වැනි බොරු මති මතාන්තර ගොඩ නැගුණු වටපිටාවක. තරුණ කමේ අන්ගයක්, එහෙමත් නැතිනම් විශේෂ අවස්තාවලදී භාවිතා කරන විශේෂ දෙයක්, කණ්ඩායම එක් වූ විටක සාමුහිකව කරන දෙයක් වැනි හුදු පටු පරමාර්ත දක්වා මෙය පැතිරී ගිහින්. සමාජය ගොඩ නගා ඇති මේ වැරදි චිත්‍රය විස්තර කිරීමේදී, ප්‍රායොගිකව අපට හමු වන සමහර අත් දැකීම් ඉහත කාරණා තවදුරත් සමාජ වටපිටාව තුල ස්තාපිත කිරීමට රුකුලක් වෙනව. මද්‍යසාර භාවිතා කල පසු, විහිලු තහලු කිරීමට පෙලබීම,වැඩිපුර කතා කිරීම, ලින්ගිකත්වය පිලිබදව පුරසාරම් දෙඩවීම,ආදී නොයෙකුත් විද විද්‍යානුකූල නොවන හැසිරීම් වලට, මද්‍යසාර පාවිච්චි කරන්නන් පෙලබෙන්නෙ කලින් උගත් පාඩම් නිස හො මද්‍යසාරයෙන් අපේක්ශා කරන වෙනස නිස විය හැකි. විවිද පරීක්ෂණ මගින් මද්‍යසාරයේ ඖෂධ් විද්‍යාත්මක ලක්ෂණ නිසා මෙවැනි තත්වයක් ඇතිවනවායැයි හුවා දැක් වුවද, එය නිස්චිත වශයෙන් ස්තීර කිරීමට ප්‍රමාණවත් සාක්ශි ඉදිරිපත් කර නෑ. එහෙමත් නැතිනම් බොහෝ අඩු ලුහුඩු කම් මෙම පර්යේෂණ වල අඩන්ගුයි. කෙසේ වෙතත් මද්‍යසාර භාවිත මෙම අනිසි චර්යාවන් වලට ප්‍රධානම හේතුව ලෙස පෙනෙන්නේ, මද්‍යසාරයට වරද පටවා, භාවිත කර පුද්ගලයා නිදහස් කිරීමට සමාජයේ පුද්ගලයන් ගන්නා උත්සහයයි. මෙයට හේතුව සමාජය තුල පවතින වැරදි විශ්වාසයන්. ඇත්තම තත්වයනම්, මද්‍යසාර භාවිත මේ බොරු රගපෑම් වලට ලබා දෙන සමාව, අවසරය මද්‍යසාර භාවිත බොරු රගපැම් ඉහල යැවීමට හේතුවෙනවා. මද්‍යසාර භාවිතා කල පමනින්, නැටීමට, ප්‍රචණ්ඩත්වයට, ලින්ගිකහැකියාවන් වැඩිවීමට,සතුට වැඩිවීමට ආදී විවිද අනිසි චර්යාවන් නිරූපණය කරනවානම් එය බොරු රගපැමක් විතරයි.
සිතක සේයා - කදුලු වස්සානය - 3
කාලයක් තිස්සේ
සදිසි වටින් සිතේ ඇදුණු නුබේ රුව..
බොද වෙලා නෙත් අද්දර.....
ආදරේ වූ නිසාවෙන්,
මන්ස්මිතයේ වතල සිත්තමට පවා,
සිත උණුසුමයි, තවමත්..
සරද සමා මන්දාරම් සිසිලට..
මතකයන් අතර සිර වෙලා,
වෙරළ ඉම මා හුදකලා වී..
ඒත් .. කොහොමද කියන්නේ ඉන්න කියල...
ඈත ක්ෂිතිජය තරම් දුරකින්..
පහන් තරුවක් වෙලා වත්,
මගේ සිත් අහසේ සන්හිදව...
Tuesday, September 9, 2014
අවධානය පිණිස - 04
මුල් ළමා විය (දරුවකු පිළිසිද ගත් දා සිට පළමු අවුරුදු 5 දක්වා කාලය) ඕනාම කෙනෙකුගේ ජීවිතයේ වැදගත්ම මෙන්ම වටිනාම කාලය වේ. අනාගත චර්යාවන්, බුද්ධිමය තත්වය, කුසලතාවයන්, ආදී බොහෝ දේවල් වල මනා ගොඩ නැගීමට අඩිතාලම වැටෙන්නේ මෙම කාලය තුලදී වීම, මෙම මුල් ළමා විය සුවිශේෂ වීමට හේතූ වේ. ළමා රැකවරණය යන මාතෘකාවේ යම් ළමයෙකු අවදානමෙන් බේරා ගැනීම, උත්තේජන ලබා දීම, ඉගෙනීමට ඉඩ සැලස්වීම, ආදී සන්වර්ධනය,වර්ධනය සහ දිවි සුරැකුමට අදාල කාරණා අයත් වෙනවා. මේ අනූව මුල් ළමා විය රැකවරණය යන මාර්තෘකාව තුලදී යම් දරුවකු දුම්වැටි හෝ මද්‍යසාර භාවිතයට යොමු වීම කෙරෙහි බලපාන හේතු අවම කිරීමට ක්‍රියාත්මක වීම ඉතා වැදගත්. ළමුන්ට මද්‍යසාර, දුම්වැටි ඇතුලු මත්දව්‍ය භාවිතයෙන් නිදහස්ව වැඩීම සදහා පරිසරයක් ගොඩ නගා නැගීම දරුවා වට පිටාවේ සිටින සියලු පාර්ශව වල වගකීමක්.
Monday, September 8, 2014
Friday, September 5, 2014
සිතක සේයා - අලුත් වැස්ස - 2
හිතන්නටවත් හිතක් නැති කල...
හිතත් අරගෙන කොහෙද දුර ගිය
ඔබව හොයනව තාම හැමතැන
කොහෙද ඔබ දුර ගිහින්.....
පාලු අහසට ඈත දිදුලපු
තාරුකාවක් වෙලා උන් නුබ...
ලගට ලන්වී එලිය වන්නට
තවත් තරුවක් උනා මන්.....
ජීවිතේ මට මටත් නැතිකර
වලාවක සැගවුණොත් දිනයක...
සනස ගන්නට මටත් මගෙ හිත
බැරිවේවි දන්නව මන්.....
ජීවිතේ මට කියාදෙන්නට
පද පේලි පටලලා එකිනෙක.....
ලියපු කවියට තනුව එක්කල
නුබ මගේ ජීවිතේ වෙලා දැන්......
Wednesday, September 3, 2014
අවධානය පිණිස - 03
"මත්ද්‍රව්‍ය භාවිතය නිසා කායික, මානසික මෙන්ම ලින්ගික වශයෙන්ද වැඩි වශයෙන් අපහසුතාවයට පත්වන්නේ කාන්තාවන්ය. නමුත් ලෝකයේ අනෙකුත් රටවල් හා සන්සන්දනය කිරිමේදී, ශ්‍රී ලාන්කික කාන්තාව ලක්වන මෙම අපහසුතාවයේ වපසරිය ඉතා අඩු මට්ටමක පවතීයයි නිගමනය කල හැකිය. ඊට ප්‍රධානම හේතුව වන්නේ අපේ රටේ කාන්තාවන් බහුතරයක් මත්ද්‍රව්‍ය භාවිතයේ නොයෙදීමට තරම් බුද්ධිමත් පිරිසක් වීමය. ආර්තික, සමාජීය, මෙන්ම සෞඛ්‍ය වශයෙන් කාන්තාව තම ජීවන වටපිටාව බොහෝ විට පිරිහෙන මට්ටමකට ලගා කර ගන්නේ තම ස්වාමියාගේ මත්ද්‍රව්‍ය භාවිතය නිසයි. තම පවුලේ ඔනෑ එපාකම් පිරිමසා ගැනීම සදහා උපයන මුදලින් කොටසක් ම්ද්‍යසාර සමාගම් වෙත ගලා යද්දී, පවුලේ ආර්තික ස්තාවරත්වය බිදවැටීමට හේතුවේ. මත්ද්‍රව්‍ය භාවිත පිලි නොගත හැකි, අනිසි හැසිරීම් නිසා මානසික, සහ කායික වසයෙන් පීඩා විදින්නෙද වැඩි වශයෙන් කාන්තාවන්ය. සමහර අවස්තා වලදී ස්වාමියාගේ මත්ද්‍රව්‍ය නිසා පවුලේ සමස්ත බර දරා සිටීමට ද සිදුවන්නේ කාන්තාවටය. අවසානයේ සමස්තයක් ලෙස කාන්තාවගෙ සතුට, යහපැවත්ම සීමා වීමක් සිදුවෙනවා. මේ නිසා මත්ද්‍රව්‍ය නිවාරණයේ වැඩි දායකත්වයක්, වගකීමක් ගැනීමට කාන්තාවට හැකිවිය යුතුයි. පුරුෂයන්ගේ මත්ද්‍රව්‍ය භාවිත අනිසි හැසිරීම් සදහා කාන්තාවන්ගේන් ලැබෙන සමාව, අවසරය නැති කිරීම අනිවාර්ය කාරණයක්. මෙයින් කාන්තාවන්ගේ යහපැවත්ම තව දුරටත් දියුණු කල හැකි වේවි "
Tuesday, August 26, 2014
අවධානය පිණිස - 02
මද්‍යසාර රසායනය කටුක නීරස අප්‍රසන්න දෙයක් වුවද මද්‍යසාර විස්තර කිරීමේදී එය රසවත් සතුටු විනෝදාත්මක හැගීම් දනවන දෙයක් ලෙස හුවා දැක්වීමට මද්‍යසාර කර්මාන්තයේ උපක්‍රම වල ප්‍රතිඑලයක් ලෙස මද්‍යසාර භාවිත කරන්නන් මෙන්ම නොකරන්නන්ද උත්සහ කරයි. මෙම උත්සහයේ ප්‍රතිඑලයක් ලෙස ඉදිරි පරපුරද වැරදි සමාජ ඉගෙනුමක් ලබමින් සිටි. මෙම තත්වය සැලකිල්ලට ගනිමින් මද්‍යසාර භාවිතා කරන්නන්ගේ මද්‍යසාර භාවිතයේ අනිසි, බොරු රගපෑම අවබෝධ කරගැනීම සහ එම අනිසි රගපෑමට සමාව අවසරය නොදීමට මද්‍යසාර බොන නොබොන හැමෝම උත්සහ ගැනීම වටී.
අවධානය පිණිසයි - 01
දුම්වැටි භාවිතාකරන්නන් තමන්ගේ ජීවිත කාලය තුල, මුල්වරට දුම්වැටි භාවිතයට ගැණුනු වයස් සීමාව අවුරුදු 21ට වඩා අඩු වීම 73%ක් බව සොයා ගෙන ඇත. NATA පණත සම්මත කර තිබියදීත් මේ වන විට දුම්වැටි අලෙවි කරන්නන් ඒ පිලිබදව නොසැලකිලිමත් වෙමින් මෙම පණතේ 31 වන වගන්තිය උල්ලන්ඝනය කර ඇති බව පැහැදිලිය. මෙයින් මේ සම්බන්ධව බලයලත් නිලධාරීගේ ක්‍රියාකලාපය තවදුරටත් ශක්තිමත් විය යුතුබව පැහැදිලිය.
Friday, July 25, 2014
සිතක සේයා - කෙටි කතාව - 2
ස්වෙත මීදුමින් තවමත් අවට අදුර වෙලා ගොස් ඇත. තැනින් තැන දැල්වෙන විදුලි පහන් අතරින් මීදුමේ අපුරුව මනා ලෙස ඔනෑම අයෙක්ගේ නෙත් ග්රහනයට නතුවේ.
සිසිල් සුලගකින් වරින් වර ගත හොවා ගන්නා තුරු ලතා පෙලින් නැගෙන මිහිරි හඩට පරිසරයේ නිහඩතාව මොහොතින් මොහොත බිදී යයි. එහි අපූර්වත්වය නම්, එම හඩෙහි ඇති උස් පහත් වන නැලවිලි තාලයන්ය.
පෙරදා ඇද හැලුනු මද වැස්සට ප්රාණවත් වූ නිල නිවාසය අවට මල් පැල කිහිපය, තව මොහොතකින් පූදින්නට බලන් ඉදින පොහොට්ටු කිහිපයකින් සැරසී ඇති අපුරුව දකින්නට නම් මෙවැනි මොහොතක කවදාක හෝ අත් විදීමක් අවශයමය.
මා රාජකරියට වාර්තා කල යුත්තෙ උදෑසන 6ට උවත්, 5.45 වන විටත් මා කාමරයෙන් නික්මී අවුත් හමාරය. සුපුරුදු පරිදි, මිදුලේ කොනක ගොඩ නැගුනු පුන්චි හට් එකට වී පරිසරයේ සුන්දරත්වය විදීමට විනාඩි කිහිපයක් ගතිමි.
" ගුඩ් මොර්නින්ග් මල්ලි"
" ආයුබෝවන් ප්රියදර්ශනි අක්කේ.. ගුඩ් මොර්නින්ග්....
" මල්ලි අද උදේ ශිෆ්ට් එකද"
" ඔව් අක්කේ.."
" යන්ද අත්සන් කරලා එන්න... අතුලෙ ඉන්න අයත් ටිකකින් ඒවි.. කොයි වෙලෙද යන්නේ බලන් ඉන්නෙ... නයිට් ශිෆ්ට් එකේ අය. "
.............................. ............................
මීදුම අතරින් හීනීයට වැටුන හිරි පොදින් ඇගම කිති කෑවී යන්නා සේය. කොහේදො සිට ආ කම්මැලි කමක් මොහොතකට දැනින්. එහෙත් මොහොතකින් මා නැගිට සිටියෙමි.
.............................. ............................
සේවා ලාබීන් සියල්ලම අවදි වී උදෑසන අවදිව ආගමික කටයුතුවල යෙදෙනු පෙනින. මාද ඔවුන් අතරට එක් වුයේ උදෑසනම වැඩ අරබන දින වලදී පමනක් මෙවනි අවස්තවක් ලැබෙන නිසයි. සියලුම ආගම් වලට අදාල පූජා කටයුතු ඔවුන් විසින්ම කරන අයුරු අපුරුය.
.............................. .............................
විශ්ව විද්යාලයෙන් අවසන් වසර සමත්ව දින කිහිපයක් ගෙවුණු දින, මත් ද්රවය වලට ඇබ්බහි වන් සදහා, ප්රෙතිකාර හා පුනරුත්තාපන ආයතනයක උපදෙශක සහයකයෙකු වීමට මට හැකියාව ලැබිනි. එහෙත් දිගු කාලයක් එහි සිටීමට නොහැකි විය.
.............................. .............................. ....................
පිරිස භාවනාවේ අවසානයෙ දෙනෙත් පියා ගෙන මොහොතක් සිටීම පුරුද්දක් වී තිබින. මා ඒ අතර හඩ අවදි කලෙමි.
" සියලුම දෙනාට සුභ උදෑසනක්.."
"සුභ උදෑසනක් සර්..."
" අපි හිතමු මෙතන එහා පත්තේ ලොකු කන්දක් තියනවා කියලා.. මම කියනවා ඔයාලට ඒ කන්ද පාමුල තියෙන පුන්චි විලකින්, කන්ද උඩ තියෙන කලයකට වතුර පුරවන්න කියල පොඩි බල්දියක් දීලා.... පුලුවන් වෙයිද..?"
" පුලුවන් සර්... දවස් නම් ගොඩක් යයි... "
" හොදයි... මන් දුන්නොත් හිල්වුන බල්දියක්.... "
"තෙරුමක් නැති වැඩක්... කන්ද උඩට යන්න කලින් වතුර ටික ගිහින් තියෙයි බාල්දියෙන් "
" ම්... ම්... අපි අද පත් වෙල ඉන්නෙත් ඒ වගේ තත්වයකට තමයි... අපිට අපේ ජීවිතයේ සාර්තකත්වය කන්දක් වගේ උසට ගිහින්. ඒ කන්ද නැගලා ජීවිතය දිනා ගන්න තියෙන්නේ මාස තුනයි.... හරියට අර කලේ පුරවනව වගේ වැඩක්..... ඒත් හිල් වුන බාල්දියකින්, පුරවනකොට් අසාර්තක වෙනව වගේ, අපි මේ මාස තුනත්.. අසාර්තක කර ගත්තොත් අපේ ජීවිතය තවත් ගොඩක් අසාර්තක වෙවි.... එකෙන් වෙන්නේ අපි මෙහි ඉන්න කාලෙත් අපරාදයක් වෙන එක.
" ඔව් සර්.. සර් හරී"
.............................. ...........
මා ඔවුන් සියල්ලම එකවර ඇමතුවේ පලවෙනි වරටය. මාගේ වචන කිහිපයේ ගැබුර ඔවුන්ට අවබොද වූවා යයි මා නිශ්චය කර ගත්තේ.. මොහොතකින් ඔවුන්ගෙන් වැඩි දෙනෙක්, මා අසලට පැමින තවත් දේ අසන්නට වූ නිසාවෙනි.
ඒ ලග මොහොත යෙදී තිබුනේ, සේව ලාභීන් හට උදෑසන කායික යහපැවත්ම දියුනු කිරීමට අදාල ක්රියාවන්ය. ඒ සදහා ඔවුන් නේවාසිකාගාරයෙන් දකුනු පස පිට්ටනියට යාමට සූදානම් වූවෝය.
.............................. ...............
" සර්.. මට සර්ව දවල් වෙලා හම්බෙන්න පුලුවන්ද ?..."
" ඔව් පුලුවන් මල්ලි.. තේ බොන වෙලාවෙන් පස්සෙ එන්න.."
ඔහු මා දුටුවේ පලමු වරටය. පෙර දින වැඩ හමාර වී මා නික්මුනු අවස්තාවක ඔහු නේවාසිකාගාරයට එන්නට ඇත.
.............................. ..............
උදෑසන තේ වෙලාවෙන් පසු මම ඔහුගේ පැමිනීම අපේක්ෂාවෙන් හට් එකට වී සිටියෙමි.
' සර්.. සර්ට කරදරයක්ද .. මම දැන් ආවොත්.. "
" නෑ මල්ලි, කරදරයක් වෙන්නේ ආවේ නැත්තන් තමයි..."
එවර ඔහුගේ මුහුන පෙනෙන නොපෙනෙන හිනාවකින් පිරී ගියේය. ඒත් සමගම දිගු සුසුමක් සලමින් ඔහු මා ඉදිරියේ වූ අසුනෙහි වාඩි වූයේය.
" මල්ලි කියටද අවේ.... "
" එයේ 5න් පස්සේ අවේ සර්... සර් හිටියේ නෑ ඒ වෙලාවේ.. මම අපෙ අම්මා එක්ක ආවේ.."
' සර් .."
"ම්..ම්ම්... ඔව් කියන්න"
" ප්රස්නයක් අහන්නද..? සර් විතරක් ඇයි මට මල්ලි කියල කතා කලේ... අනිත් අය නම කියල කතා කරේ.. එකයි ඇහුවෙ.... "
"ඕක අහන්නද දැන් ආවේ.. මන් මද හිනාවක් සමගම ඔහුගෙන් ඇසිමි.
" නෑ සර්... මන් නිකමට ඇහුවෙ... "
" හරි මමත් එහෙනම් ඔයාට නම කියලා කතා කරන්නම්.. මොකක්ද නම..."
" එහෙම නෙවේ සර්..... මම ආවේ මගේ ජීවිතේ වැරදුන තැන ගැන කතා කරන්න... මට වැරදුන විදිහ කියා ගන්න පුලුවන් කෙනෙක් මෙතන නැ.... මන් හිතුව සර් තමයි.. මේ ගැන කියලා දෙයක් ගන්න පුලුවන් කෙනා කියලා.. සර්ට පුලුවන්ද මගේ ජීවිතේ හදා ගන්න උදව් කරන්න.."
මෙතෙක් වෙලා නෙත් බිමට යොමා කතා කල අවසන, ඔහු හිස ඔසවා මගේ දෙනෙත් දෙස, බලා සිටියේ ආයාචනාත්මක ස්වරයකිනි.
" සර් දන්නවද.. මන් හොද සල්ලි තියෙන ෆැමිලි එකක.. ඒත් වැඩක් නෑ සර්.. මට වැරදිලා ඉවරයි... මගෙ සතුට මට නැති වෙලා.. දයිවය මට මෙහෙම වෙන්න ඉඩ තියල... අද මෙතන ඉන්න වයස අඩුම කෙනා මන්... "
මා නිහඩව ඔහුගේ වචන වලඩ ඉඩ දුන්නෙමි.
" බය වෙන්න එපා.. ඔයාට නැති උන දේවල් ආයෙම ගන්න පුලුවන්... අපි උත්සහ කරමු... මෙ ලැබිල තියෙන පුන්චි කාලෙන්.... "
' සර් මට උදව්වක් කරනවද.. "
" ඒ මොකක්ද කරන්න පුලුවන් දෙයක් නම්.. අනිවර්යෙන්ම කරනවා..."
" මට සර්ට අය්ය කියල කත කරන්න පුලුවන්ද.. "
" පුලුවන්... එක සුලු දෙයක් "
ක්ශනිකවම මගේ හිත සතියකට කලින් දිනයකට ආපස්සට ඇදිනි.
' මහත්තය.. මෙතන ඉන්න අය.. වැඩිය ලන් කර ගන්න එපා... මුන් රට කාලා ඉන්නේ... අපේ මේ කනින් රින්ගල.. මේ කනින් එයි... " ඒ මෙහි සේවය කල නිලදාරියෙකුගෙන් මා ලද අවවාදයකි. මන් ඊට ඔහුට පිලිතුරක් දුන්නේ නැත. එහෙත් මට ඔහුගේ අදහසට එකග විය නොහැක.
.............................. .............................. .....................
" මට අයිය කිවට කමක් නෑ.. හැබැයි.. වෙන අය ඉන්න තැන එපා.... "
" හරි සර්... මන් එහෙම කියන්නම්.... "
" මට මේ විදිහට අද මෙතන ඉන්න උනේ මන් යාලු වෙලා හිටපු කෙල්ලගේ තාත්ත නිසා.... මට මේ දේවල් පුරුදු කරේ එයා.. අද මන් ඒ ගැන දුක් වෙනවා...." ඔහු කතාව ඇරබුවේ එලෙසිනි. යම් යම් තැන නතර වෙමින්, කල්පනාකරමින්.... සුසුම් ලමින්, අයාසයක් ගෙන ඔහු කතාව අවසන් කරන්නට පය 2කට ආසන්න කාලයක් ගෙන තිබිනි.
මොහොතකින් ඔහුගේ හඩ මට නෑසෙන ගනනට විය. අවසන ඔහුගේ නෙත් කදුලු වලින් පිරි ගොස් තිබින. ආයෙම ඔහු බිමට නෙත් යොමා සිටින්නට වූ අතර කදුලු බිදු මුව පුරා ගලා අවුත් වාඩි වී සිටි ඔහුගේ කකුල් අතර මැද පොලවට වැටෙන්නට විය.
' මා ඔහුව සනසන්නට උත්සහ කලේ නැත. වේදනාවෙන් වැටෙන කදුලු වලට රිසි සේ වැටෙන්නට ඔහු ඉඩ දී තිබු නිසා, මාද එවාට රිසි සේ වැටෙන්නට ඉඩ දී බලා සිටියෙමි.
“මම කදුලු බින්දුවක්..
සීතලට දැනෙන හිත රිදවන
කදුලු බින්දුවක්.
දරු ස්නේහයෙන් මවක නෙතින් ගලා හැලෙන.
පිය වියෝගයෙන් විරහිනියක ඇසින් මිදුන....
මේ කදුලු බින්දක නමක් ගමක් ලියා තියනවද.....
රලු පරලු කුරිරු හදක්, වෙඩරු වී වැගිරෙන...
ගිනි ගැනුන සෑය මල් දෙකොපුල රූරා එන...
මට එකතු වෙන්න ඔබේ ඇහෙත් කදුලු තියෙනවද...
දීපිකා ප්රියදර්ශනී මහත් මිය ගයන ඒ ගීතය ඒ ස්වරයෙන්ම, ඒ කදුලු මගෙන් ඇහුවා වැනි හැගීමක් මට දැනින. මෙතෙක්, වරින් වර අවදි කල මගේ හඩ ඔහු අස්වසාලන දිගු කතවක් බවට පත් විය.. තවත් හෝරාවක් වත් ගත වෙන්නට ඇත.
ඔහු සැහල්ලු මනසකින්, නැගිට සිට... " සර්ට ගොඩක් පින්.."
"පින මොකක්ද මල්ලි.. මේ කලේ මගේ රැකියාව... යන්නද හදන්නේ... පොඩ්ඩක් වාඩි වෙන්න…" පොඩ්ඩක් ඇස් දෙක පියා ගන්න.... මන් කියන මේ කතාව අහගන්න..."
ඊ ලග මොහොතේ මගේ හඩද තරමක, මලා නික වුවා සේ මට දැනින. මුල මැද නොගැලපෙන වචන ටිකක් ඔහු ඉදිරියේ කියවිනි..
මා කවුදැයි කියා... නාසන්න...
මා නුබ දැක සිටියේ නැත..
එහෙත් මා නුබ හදුනා ගතිමි...
මා කවුදැයි කියා... නාසන්න...
මා නුබ දැක සිටියේ නැත..
එහෙත් මා සිත නුබව විමසූවෙමි...
මා කවුදැයි කියා.. නාසන්න...
මා නුබ දැක සිටියේ නැත...
එහෙත් මා නුබට ආදරය කලෙමි...
මා කවුදැයි කියා... නාසන්න...
මා නුබ දැක සිටියේ නැත..
එහෙත් මා නුබට සහෝදරයෙක් වූයෙමි...
මා කවුදැයි කියා අසන්න....
එහෙත්... මාගෙන් නොව..නුබේ හදවතින්....
නුබේ හදවත කී දෙය විශ්වාස කරන්න...
නුබ - මා ගැන...
මාද නොදන්නා දෙයක් ඇත...
මට කියන්න...
මා නුබගේ කවුද...... ?
මා එය කියවා අවසන් වන්නටත් පෙර.. ඔහු මාගේ දෙපා ලග වැටි මට වැදපු අයුරු තවමත් මතකය. මා එවන්නක් බලපොරොත්තු නොවූවද, මාගේ නිර්ලොබි වචන කිහිපයෙන් ඔහුගේ මනස සන්සුන් වී ඇති බව මට මගේ අද්යාත්මය අදටත් සතුටු කරන්නට හේතුවක් වී ඇත.
" සර්.. මට සහෝදරයෙක් නෑ... එත් එදා මගෙ වැරදි වලට ගහන්න, මට බනින්න, හරි පාර කියන්න කෙනෙක් සහෝදරයෙක් වත් හිටියනම් මන් අද මෙතන නෑ.. අපේ අම්මඉ.. තාත්තයි සල්ලි පස්සේ ගියා... අන්තිමේදි මන් මෙතන... ඒත් දැන් මට ඉලක්කයක් තියනවා. යන්න ඕන ගමන පේනව..... ගොඩක් ස්තූතියි අය්යේ.... "
.............................. ..............
මේ මීට වසර දෙකකට කලින් සිදු වූ සිදුවීමකි. අදටත් මා සිත සමහර විටක මේ සේයාවන් පසු පස දිව යයි. මේ කතාවේ කතා නායකයා, ටික දවසකින් එම ආයතනයෙන් නිකම ගොස් තිබිනි. ඔහුගේ නික්ම යාමට පෙර මා එම ආයතනයෙන් පැමිනීම නිසා ඔහු ගැන කිසිවක් මා ඊට වඩා නොදන්නෙමි. නමුත්.. ඔහු එදා කිවූ කතාවේ මගේ හිතේ නැගුන සේයාව මෙසේ ලියා දක්වන්නට කැමත්තෙමි.
සිසිල් සුලගකින් වරින් වර ගත හොවා ගන්නා තුරු ලතා පෙලින් නැගෙන මිහිරි හඩට පරිසරයේ නිහඩතාව මොහොතින් මොහොත බිදී යයි. එහි අපූර්වත්වය නම්, එම හඩෙහි ඇති උස් පහත් වන නැලවිලි තාලයන්ය.
පෙරදා ඇද හැලුනු මද වැස්සට ප්රාණවත් වූ නිල නිවාසය අවට මල් පැල කිහිපය, තව මොහොතකින් පූදින්නට බලන් ඉදින පොහොට්ටු කිහිපයකින් සැරසී ඇති අපුරුව දකින්නට නම් මෙවැනි මොහොතක කවදාක හෝ අත් විදීමක් අවශයමය.
මා රාජකරියට වාර්තා කල යුත්තෙ උදෑසන 6ට උවත්, 5.45 වන විටත් මා කාමරයෙන් නික්මී අවුත් හමාරය. සුපුරුදු පරිදි, මිදුලේ කොනක ගොඩ නැගුනු පුන්චි හට් එකට වී පරිසරයේ සුන්දරත්වය විදීමට විනාඩි කිහිපයක් ගතිමි.
" ගුඩ් මොර්නින්ග් මල්ලි"
" ආයුබෝවන් ප්රියදර්ශනි අක්කේ.. ගුඩ් මොර්නින්ග්....
" මල්ලි අද උදේ ශිෆ්ට් එකද"
" ඔව් අක්කේ.."
" යන්ද අත්සන් කරලා එන්න... අතුලෙ ඉන්න අයත් ටිකකින් ඒවි.. කොයි වෙලෙද යන්නේ බලන් ඉන්නෙ... නයිට් ශිෆ්ට් එකේ අය. "
..............................
මීදුම අතරින් හීනීයට වැටුන හිරි පොදින් ඇගම කිති කෑවී යන්නා සේය. කොහේදො සිට ආ කම්මැලි කමක් මොහොතකට දැනින්. එහෙත් මොහොතකින් මා නැගිට සිටියෙමි.
..............................
සේවා ලාබීන් සියල්ලම අවදි වී උදෑසන අවදිව ආගමික කටයුතුවල යෙදෙනු පෙනින. මාද ඔවුන් අතරට එක් වුයේ උදෑසනම වැඩ අරබන දින වලදී පමනක් මෙවනි අවස්තවක් ලැබෙන නිසයි. සියලුම ආගම් වලට අදාල පූජා කටයුතු ඔවුන් විසින්ම කරන අයුරු අපුරුය.
..............................
විශ්ව විද්යාලයෙන් අවසන් වසර සමත්ව දින කිහිපයක් ගෙවුණු දින, මත් ද්රවය වලට ඇබ්බහි වන් සදහා, ප්රෙතිකාර හා පුනරුත්තාපන ආයතනයක උපදෙශක සහයකයෙකු වීමට මට හැකියාව ලැබිනි. එහෙත් දිගු කාලයක් එහි සිටීමට නොහැකි විය.
..............................
පිරිස භාවනාවේ අවසානයෙ දෙනෙත් පියා ගෙන මොහොතක් සිටීම පුරුද්දක් වී තිබින. මා ඒ අතර හඩ අවදි කලෙමි.
" සියලුම දෙනාට සුභ උදෑසනක්.."
"සුභ උදෑසනක් සර්..."
" අපි හිතමු මෙතන එහා පත්තේ ලොකු කන්දක් තියනවා කියලා.. මම කියනවා ඔයාලට ඒ කන්ද පාමුල තියෙන පුන්චි විලකින්, කන්ද උඩ තියෙන කලයකට වතුර පුරවන්න කියල පොඩි බල්දියක් දීලා.... පුලුවන් වෙයිද..?"
" පුලුවන් සර්... දවස් නම් ගොඩක් යයි... "
" හොදයි... මන් දුන්නොත් හිල්වුන බල්දියක්.... "
"තෙරුමක් නැති වැඩක්... කන්ද උඩට යන්න කලින් වතුර ටික ගිහින් තියෙයි බාල්දියෙන් "
" ම්... ම්... අපි අද පත් වෙල ඉන්නෙත් ඒ වගේ තත්වයකට තමයි... අපිට අපේ ජීවිතයේ සාර්තකත්වය කන්දක් වගේ උසට ගිහින්. ඒ කන්ද නැගලා ජීවිතය දිනා ගන්න තියෙන්නේ මාස තුනයි.... හරියට අර කලේ පුරවනව වගේ වැඩක්..... ඒත් හිල් වුන බාල්දියකින්, පුරවනකොට් අසාර්තක වෙනව වගේ, අපි මේ මාස තුනත්.. අසාර්තක කර ගත්තොත් අපේ ජීවිතය තවත් ගොඩක් අසාර්තක වෙවි.... එකෙන් වෙන්නේ අපි මෙහි ඉන්න කාලෙත් අපරාදයක් වෙන එක.
" ඔව් සර්.. සර් හරී"
..............................
මා ඔවුන් සියල්ලම එකවර ඇමතුවේ පලවෙනි වරටය. මාගේ වචන කිහිපයේ ගැබුර ඔවුන්ට අවබොද වූවා යයි මා නිශ්චය කර ගත්තේ.. මොහොතකින් ඔවුන්ගෙන් වැඩි දෙනෙක්, මා අසලට පැමින තවත් දේ අසන්නට වූ නිසාවෙනි.
ඒ ලග මොහොත යෙදී තිබුනේ, සේව ලාභීන් හට උදෑසන කායික යහපැවත්ම දියුනු කිරීමට අදාල ක්රියාවන්ය. ඒ සදහා ඔවුන් නේවාසිකාගාරයෙන් දකුනු පස පිට්ටනියට යාමට සූදානම් වූවෝය.
..............................
" සර්.. මට සර්ව දවල් වෙලා හම්බෙන්න පුලුවන්ද ?..."
" ඔව් පුලුවන් මල්ලි.. තේ බොන වෙලාවෙන් පස්සෙ එන්න.."
ඔහු මා දුටුවේ පලමු වරටය. පෙර දින වැඩ හමාර වී මා නික්මුනු අවස්තාවක ඔහු නේවාසිකාගාරයට එන්නට ඇත.
..............................
උදෑසන තේ වෙලාවෙන් පසු මම ඔහුගේ පැමිනීම අපේක්ෂාවෙන් හට් එකට වී සිටියෙමි.
' සර්.. සර්ට කරදරයක්ද .. මම දැන් ආවොත්.. "
" නෑ මල්ලි, කරදරයක් වෙන්නේ ආවේ නැත්තන් තමයි..."
එවර ඔහුගේ මුහුන පෙනෙන නොපෙනෙන හිනාවකින් පිරී ගියේය. ඒත් සමගම දිගු සුසුමක් සලමින් ඔහු මා ඉදිරියේ වූ අසුනෙහි වාඩි වූයේය.
" මල්ලි කියටද අවේ.... "
" එයේ 5න් පස්සේ අවේ සර්... සර් හිටියේ නෑ ඒ වෙලාවේ.. මම අපෙ අම්මා එක්ක ආවේ.."
' සර් .."
"ම්..ම්ම්... ඔව් කියන්න"
" ප්රස්නයක් අහන්නද..? සර් විතරක් ඇයි මට මල්ලි කියල කතා කලේ... අනිත් අය නම කියල කතා කරේ.. එකයි ඇහුවෙ.... "
"ඕක අහන්නද දැන් ආවේ.. මන් මද හිනාවක් සමගම ඔහුගෙන් ඇසිමි.
" නෑ සර්... මන් නිකමට ඇහුවෙ... "
" හරි මමත් එහෙනම් ඔයාට නම කියලා කතා කරන්නම්.. මොකක්ද නම..."
" එහෙම නෙවේ සර්..... මම ආවේ මගේ ජීවිතේ වැරදුන තැන ගැන කතා කරන්න... මට වැරදුන විදිහ කියා ගන්න පුලුවන් කෙනෙක් මෙතන නැ.... මන් හිතුව සර් තමයි.. මේ ගැන කියලා දෙයක් ගන්න පුලුවන් කෙනා කියලා.. සර්ට පුලුවන්ද මගේ ජීවිතේ හදා ගන්න උදව් කරන්න.."
මෙතෙක් වෙලා නෙත් බිමට යොමා කතා කල අවසන, ඔහු හිස ඔසවා මගේ දෙනෙත් දෙස, බලා සිටියේ ආයාචනාත්මක ස්වරයකිනි.
" සර් දන්නවද.. මන් හොද සල්ලි තියෙන ෆැමිලි එකක.. ඒත් වැඩක් නෑ සර්.. මට වැරදිලා ඉවරයි... මගෙ සතුට මට නැති වෙලා.. දයිවය මට මෙහෙම වෙන්න ඉඩ තියල... අද මෙතන ඉන්න වයස අඩුම කෙනා මන්... "
මා නිහඩව ඔහුගේ වචන වලඩ ඉඩ දුන්නෙමි.
" බය වෙන්න එපා.. ඔයාට නැති උන දේවල් ආයෙම ගන්න පුලුවන්... අපි උත්සහ කරමු... මෙ ලැබිල තියෙන පුන්චි කාලෙන්.... "
' සර් මට උදව්වක් කරනවද.. "
" ඒ මොකක්ද කරන්න පුලුවන් දෙයක් නම්.. අනිවර්යෙන්ම කරනවා..."
" මට සර්ට අය්ය කියල කත කරන්න පුලුවන්ද.. "
" පුලුවන්... එක සුලු දෙයක් "
ක්ශනිකවම මගේ හිත සතියකට කලින් දිනයකට ආපස්සට ඇදිනි.
' මහත්තය.. මෙතන ඉන්න අය.. වැඩිය ලන් කර ගන්න එපා... මුන් රට කාලා ඉන්නේ... අපේ මේ කනින් රින්ගල.. මේ කනින් එයි... " ඒ මෙහි සේවය කල නිලදාරියෙකුගෙන් මා ලද අවවාදයකි. මන් ඊට ඔහුට පිලිතුරක් දුන්නේ නැත. එහෙත් මට ඔහුගේ අදහසට එකග විය නොහැක.
..............................
" මට අයිය කිවට කමක් නෑ.. හැබැයි.. වෙන අය ඉන්න තැන එපා.... "
" හරි සර්... මන් එහෙම කියන්නම්.... "
" මට මේ විදිහට අද මෙතන ඉන්න උනේ මන් යාලු වෙලා හිටපු කෙල්ලගේ තාත්ත නිසා.... මට මේ දේවල් පුරුදු කරේ එයා.. අද මන් ඒ ගැන දුක් වෙනවා...." ඔහු කතාව ඇරබුවේ එලෙසිනි. යම් යම් තැන නතර වෙමින්, කල්පනාකරමින්.... සුසුම් ලමින්, අයාසයක් ගෙන ඔහු කතාව අවසන් කරන්නට පය 2කට ආසන්න කාලයක් ගෙන තිබිනි.
මොහොතකින් ඔහුගේ හඩ මට නෑසෙන ගනනට විය. අවසන ඔහුගේ නෙත් කදුලු වලින් පිරි ගොස් තිබින. ආයෙම ඔහු බිමට නෙත් යොමා සිටින්නට වූ අතර කදුලු බිදු මුව පුරා ගලා අවුත් වාඩි වී සිටි ඔහුගේ කකුල් අතර මැද පොලවට වැටෙන්නට විය.
' මා ඔහුව සනසන්නට උත්සහ කලේ නැත. වේදනාවෙන් වැටෙන කදුලු වලට රිසි සේ වැටෙන්නට ඔහු ඉඩ දී තිබු නිසා, මාද එවාට රිසි සේ වැටෙන්නට ඉඩ දී බලා සිටියෙමි.
“මම කදුලු බින්දුවක්..
සීතලට දැනෙන හිත රිදවන
කදුලු බින්දුවක්.
දරු ස්නේහයෙන් මවක නෙතින් ගලා හැලෙන.
පිය වියෝගයෙන් විරහිනියක ඇසින් මිදුන....
මේ කදුලු බින්දක නමක් ගමක් ලියා තියනවද.....
රලු පරලු කුරිරු හදක්, වෙඩරු වී වැගිරෙන...
ගිනි ගැනුන සෑය මල් දෙකොපුල රූරා එන...
මට එකතු වෙන්න ඔබේ ඇහෙත් කදුලු තියෙනවද...
දීපිකා ප්රියදර්ශනී මහත් මිය ගයන ඒ ගීතය ඒ ස්වරයෙන්ම, ඒ කදුලු මගෙන් ඇහුවා වැනි හැගීමක් මට දැනින. මෙතෙක්, වරින් වර අවදි කල මගේ හඩ ඔහු අස්වසාලන දිගු කතවක් බවට පත් විය.. තවත් හෝරාවක් වත් ගත වෙන්නට ඇත.
ඔහු සැහල්ලු මනසකින්, නැගිට සිට... " සර්ට ගොඩක් පින්.."
"පින මොකක්ද මල්ලි.. මේ කලේ මගේ රැකියාව... යන්නද හදන්නේ... පොඩ්ඩක් වාඩි වෙන්න…" පොඩ්ඩක් ඇස් දෙක පියා ගන්න.... මන් කියන මේ කතාව අහගන්න..."
ඊ ලග මොහොතේ මගේ හඩද තරමක, මලා නික වුවා සේ මට දැනින. මුල මැද නොගැලපෙන වචන ටිකක් ඔහු ඉදිරියේ කියවිනි..
මා කවුදැයි කියා... නාසන්න...
මා නුබ දැක සිටියේ නැත..
එහෙත් මා නුබ හදුනා ගතිමි...
මා කවුදැයි කියා... නාසන්න...
මා නුබ දැක සිටියේ නැත..
එහෙත් මා සිත නුබව විමසූවෙමි...
මා කවුදැයි කියා.. නාසන්න...
මා නුබ දැක සිටියේ නැත...
එහෙත් මා නුබට ආදරය කලෙමි...
මා කවුදැයි කියා... නාසන්න...
මා නුබ දැක සිටියේ නැත..
එහෙත් මා නුබට සහෝදරයෙක් වූයෙමි...
මා කවුදැයි කියා අසන්න....
එහෙත්... මාගෙන් නොව..නුබේ හදවතින්....
නුබේ හදවත කී දෙය විශ්වාස කරන්න...
නුබ - මා ගැන...
මාද නොදන්නා දෙයක් ඇත...
මට කියන්න...
මා නුබගේ කවුද...... ?
මා එය කියවා අවසන් වන්නටත් පෙර.. ඔහු මාගේ දෙපා ලග වැටි මට වැදපු අයුරු තවමත් මතකය. මා එවන්නක් බලපොරොත්තු නොවූවද, මාගේ නිර්ලොබි වචන කිහිපයෙන් ඔහුගේ මනස සන්සුන් වී ඇති බව මට මගේ අද්යාත්මය අදටත් සතුටු කරන්නට හේතුවක් වී ඇත.
" සර්.. මට සහෝදරයෙක් නෑ... එත් එදා මගෙ වැරදි වලට ගහන්න, මට බනින්න, හරි පාර කියන්න කෙනෙක් සහෝදරයෙක් වත් හිටියනම් මන් අද මෙතන නෑ.. අපේ අම්මඉ.. තාත්තයි සල්ලි පස්සේ ගියා... අන්තිමේදි මන් මෙතන... ඒත් දැන් මට ඉලක්කයක් තියනවා. යන්න ඕන ගමන පේනව..... ගොඩක් ස්තූතියි අය්යේ.... "
..............................
මේ මීට වසර දෙකකට කලින් සිදු වූ සිදුවීමකි. අදටත් මා සිත සමහර විටක මේ සේයාවන් පසු පස දිව යයි. මේ කතාවේ කතා නායකයා, ටික දවසකින් එම ආයතනයෙන් නිකම ගොස් තිබිනි. ඔහුගේ නික්ම යාමට පෙර මා එම ආයතනයෙන් පැමිනීම නිසා ඔහු ගැන කිසිවක් මා ඊට වඩා නොදන්නෙමි. නමුත්.. ඔහු එදා කිවූ කතාවේ මගේ හිතේ නැගුන සේයාව මෙසේ ලියා දක්වන්නට කැමත්තෙමි.
Wednesday, July 23, 2014
සිතක සේයා - කෙටි කතාව - 1
ඒ 2010 වර්ශයේ නොවැම්බර් මාසයේ දිනයකි. වෙලාව හවස 2 ට වන්නට ඇත. නිදිබර දෙනෙත් නින්දත් නොනින්දත් අතර හෝරාවකට ආසන්න කාලයක් නින්ද හා සටන් කර කුමන මොහොතකදී නින්ද ගියාදැයි මා නොදනිමි. අවදිවන විට, කොළඹ සිට නුවර දක්වා ඇදෙන පෞද්ගලික බස් රථය කෑගල්ලට ආසන්න වෙමින් පැවතින.
" අක්කේ පොඩ්ඩක් වීදුරුව එහාට කරන්න පුලුවන්ද"
මෙතෙක් වෙලා අවදි නොවු මගේ කටහඩ ඊළග මොහොතේදී අවදි කලෙමි.
" ඉන්න මල්ලි පොඩ්ඩක්" ' හරි... ඇති නේද? "
" ඉන්න මල්ලි පොඩ්ඩක්" ' හරි... ඇති නේද? "
මම ඔලුව වනා.. පිලිතුරු දුනෙමි.
කොලඹින් බසයට නැගි මොහොතේ සිට තද නින්දක පසු වූයේ, මාගේ ගතද සිතද.. තද මහන්සියකින් පසු ගිය දින කිහිපය පුරාම වෙලා ගෙන සිටි නිසා විය හැකිය. පවුලේ ලග හිතවතෙකුගේ මල ගෙදරක පසු ගිය දින කිහිපයම ගත කරන්නට මා හට සිදු විය.
" මල්ලි කොහෙද යන්නේ... මෙච්චර වෙලාම නිදිනෙ.. මන් හිතුවේ සීට් එකෙන් වැටෙයි කියලා "
මට යාන්තමට හිනාවක් මතු උනද.. උත්සහයෙන් එය යට පත් කර ගන්නට වූයෙමි.
" ලැජ්ජ වෙන්න එපා.. නිදි මත උනාම ඔහොම තමයි.."
" මම නුවර යනව අක්කේ.. මාමලගෙ ගෙදර.. අක්ක කොහෙද නුවරද.. "
" අපොයි නෑ මම කලුතර"
" ම්....ම් ම්....ම්... අප අතර තරමක නිහැඩි තාවක් පැවතිනි.
" අක්ක කොහෙද මේ යන්නේ"
" මම මාලිගවට යනවා මල්ලි... අවුරුද්දට දෙසරයක් පුරුද්දට වගේ නිවාඩුවක් අරන් යනවා.. "
"මටත් ආසයි යන්න.. ගොඩක් දවසකින් යන්න බැරි උනා.."
" මල්ලිට පරක්කු වෙන්නෙ නැත්තන් ඉතින් මාත් එක්කම යන්... මමත් 5 වෙන්න කලින් මාමලගේ ගෙදර යන්න ඕන... කටුගස්තොටට.. "
" පරක්කුවක් නම් වෙන්නෙ නෑ.. ඒත්... වැඩ ගොඩයි අක්කේ.. හෙට කැම්පස් එකේ මිඩ් එක්සෑම් එකක්.. "
"දැන් මාමලගේ ගෙදර ගිහින් .. උදේ යන්න වෙලාව ඇතිද?.."
" අපොයි ඇති... එක්සෑම් හවසනේ.... මාමට අසනීපයි.. එකයි මන් මේ හදිසියෙම අවේ"
" කමක් නෑ.. මමත් එන්නම් මාලිගාවට යන්න.."
" කමක් නෑ.. ඔයාට බැරි නම් ඉන්න... මම යන්නම්.. මම කොහොමත් තනියමනේ අවේ... "
" එවර ඇගේ හඩෙහි දුක්බර ස්වභාවයක් මතුවිනි.."
මේ නන්නාදුනන ආමන්ත්රණය... පිලිබදව මා තරමක් හිතන්නට වූයේ.. ආගන්තුක සිතුවිලි ගනනාවකින්... සිත වැසී ගිය නිසයි..
මොහොතකින් මා ඇ දෙස හරුන විට.. ඇගේ ඇස් අදුරු වලාවකින් හදිසියෙම වැසී ගිය ආකාශයක් සේ අදුරු වී තිබුනු පෙනින. මොහොතකින් කදුලු බිදු කිහිපයක් නෙත් වලින් වැටෙනු යන්තමට පෙනුනද... ඇය එය සගවා ගන්නට දැරූ උත්සහයට, කලින් මා නෙත් වලට එය හසු විය.
" ඇයි අක්කේ... ඔයාට අසනීපයක් වත්ද.."
" නැ මල්ලි... මට මගෙ අතීතය මතක් උනා.. වෙනදා මන් මාලිගාවට යන්නෙ තනියම නෙවේ.. ඇය දිග හුස්මකට අවසන එකදිගට කියාගෙන ගියාය.
" කොච්චර සුන්දර උනාද ඒ කාලෙ.. "
එවර ඇගේ කටහඩ වඩාත් හැගුම්බර විය. මට ඇගේ හදවතේ අතුලාන්තය විමර්ශනය කරන්නට අවශය නැතත්, නිරායාසයෙන්ම " ඉතින් මොකද උනේ... එ සුන්දර කාලෙට" යයි කියවින.
නුවර ගුඩ්ශෙඩ් එකෙන් බස් එකෙන් බහිනට් තුරුම ඈ ඇගේ කතාව අවසානයක් දක්වා කියවන්නට වුවාය. මා ඇගේ කතාවේ සෑම වචනයක්ම ග්‍රහනය කර ගත්තේ ඇය වෙනුවෙන් යමක් කල හැකිදැයි නිශ්චය කර ගැනිමටය.
කවදාවත් දැක නැති.. මා හට මෙසේ ඇගේ පෞද්ගලිකත්වය විවෘත කලේ ඇයි දැයි මා නොදනිමි. මා ඒ පිලිබදව ඇගෙන් විමසුවෙද නැත.
කවදාවත් දැක නැති.. මා හට මෙසේ ඇගේ පෞද්ගලිකත්වය විවෘත කලේ ඇයි දැයි මා නොදනිමි. මා ඒ පිලිබදව ඇගෙන් විමසුවෙද නැත.
" නුවර වැවේ අයින දිගේ අපි මදක් ඇවිද අවෙමු. " මෙතනදි තමයි.. එයා මට ඉස්ස්ල්ලම මුන ගැහුනේ... ජීවිතේ හරි පුදුමයි මල්ලි... "
ඇය නැවතත් ඉකිබිදින්නට වූවාය.
ඇය නැවතත් ඉකිබිදින්නට වූවාය.
" අපි ඔය කතාව නතර කරමු අක්කේ... අතීතය සිහි කරා කියලා.. අක්කට අය ඒ අතිතය වර්තමානයට ගන්න බෑනේ... ඔයා අවුරුදු 6ක් ආදරය කල කෙනා, අද මේ ලොකේ නෑ.. ජීවිතෙ හැටි එහෙම තමයි.. අපිටත් කොයි වෙලාවේ යන්න වෙයිද කියල කවුද දන්නේ.... අපි අතනින් නෙලුම් මල් ටිකක් අරන්.. මලිගාවට පූජ කරල අයියටත් පින් දෙමු.... යමුකෝ දැන්.... "
……………………………………………………………………………………………………………………………………………………………….
අපි ගමන් කල මාවතේ එක් තැනකින් යන්තමට ඇහෙන ගීතයක්, පූජා නගරය පුරා ආකසෙට ගලා ගියේ, මගේ හිත එක් වරම සියලුම සිතුවිලි එක් තැනකට ගෙන එමිනි.
……………………………………………………………………………………………………………………………………………………………….
අපි ගමන් කල මාවතේ එක් තැනකින් යන්තමට ඇහෙන ගීතයක්, පූජා නගරය පුරා ආකසෙට ගලා ගියේ, මගේ හිත එක් වරම සියලුම සිතුවිලි එක් තැනකට ගෙන එමිනි.
"අතීතය සිහිනයක් පමනයි. සැබැ සුවදක් නෑ...
එදා සෙනෙහෙන් නොබැදුනා නම්
මෙදා වියොවක් නෑ....
එදා සෙනෙහෙන් නොබැදුනා නම්
මෙදා වියොවක් නෑ....
තැනූ මන්දිර බිදී වැටුනත්- නෙතේ කදුලක් නෑ
සිනහ වෙන්නට වරම් නොලදත්
නෙතේ කිලුටක් නෑ..
සිනහ වෙන්නට වරම් නොලදත්
නෙතේ කිලුටක් නෑ..
සොබා දමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ..
ලොවේ පැරදුම මිසක කිසිදා..
ලැබූ දිනුමක් නෑ..
ලොවේ පැරදුම මිසක කිසිදා..
ලැබූ දිනුමක් නෑ..
.......................................
පසුවදා නැවත ඒමට බස් රථයට නැගුන මා, මාගේ දුර කතනය ගෙන, ඉබාගාතේ යන වචන කිහිපයක් එහි ට්යිප් කරන්නට වූයෙමි.
"හෙමි හෙමින් හිත අගට
ඇවිත් දුර රැගෙන ගිය
සිහින ඔබ මා හැදූ...
එකි නෙකින් බිද වැටින
කවුද ඔබ රැගෙන ගිය
නිසා පෙම්බර සදූ... “
ඇවිත් දුර රැගෙන ගිය
සිහින ඔබ මා හැදූ...
එකි නෙකින් බිද වැටින
කවුද ඔබ රැගෙන ගිය
නිසා පෙම්බර සදූ... “
සදාකල් අදුරු උන
අපි පැතූ සුන්දර
අපෙ වසන්තය මදූ...
කවදාක අය ඒද..
නිවන් සුව පතනව
බෙලෙන් මේ මල් පිදූ...
අපි පැතූ සුන්දර
අපෙ වසන්තය මදූ...
කවදාක අය ඒද..
නිවන් සුව පතනව
බෙලෙන් මේ මල් පිදූ...
මා අදවන තුරුත් ඒ පද කිහිපය ප්‍රසිද්ධ කලේ නැත. එහි සියලු අයිතිය, මා හට ඉහත සිදුවීම් මාලාව කියූ සොයුරිය වෙත ලබාදෙමි. මන්ද එසේ ලියවුනේ ඇගේ කතාවේ දුක්බර හඩයි.
ඇය ගුරුවරියක් ලෙස මා හට හදුන්වා දුන්නද, ඇගේ පාසල කුමක්දැයි මා නොදනිමි. ඇගේ නම කුමක් දැයි මා නොදනිමි. ඇය අද කොහේ සිටිනවාදැයි මා නොදනිමි. නමුත් ඇගේ කතාව... මගේ සිතේ සේයාවක් වී ඇත.
ප්‍රභාත් ( 2014-07-23)
Saturday, January 11, 2014
සිතක සේයා 72
සිතක සේයා 72
හීනෙන්වත් නෑ ඔබ… මා නෙත් මානේ දැන්...
දුරස් කලා මා.. නුබ අපෙ මතක හිතෙන්...
ජීවිතය ලියූ පොත.. පෙරලමින් පිටු ගනන්...
උනුසුමක් හෙව්වා, දුරුත්තෙ.. දවා… අලු කරන්...
තෙලි තුඩින් ලියු ගී පද පත් ඉරු පුරවන්…
ලියුවේ මා නොව, මගේ සෙනහසමනම්…
ඒ බවත් නුබත් දන්නවා නම් හොදින්...
එයත් ඇති මගෙ හිතේ සැනසීමට නම්…
බැදූනු සෙනෙහස අරබයා නුබ නමින්…
මටත් නොකියම සොහොනක මියදිලා, ගිහින්…
ආයෙම දවසක් මේ ගමන් මගෙහි නම්…
හමුවන්න එපා අප, පැතුව පැතුමක් මන්…

Subscribe to:
Posts (Atom)