ඔය හිතට කවි පද ලියා..
තනිව කියවා..
හිම තුහින සීතලේ
තනිව හැඩුවා - පන්හිදත්...
හරිත රිකිලි මත - පතිත පිනි බිදු
බලන් හිටියා - නොදැන ඒ වගක්..
සන්හිද වුනා - අපේ සිතුවිලි
කාලයටත් රහසින්..
පාලුවට සින්න වුනු - ඝන දුරක රූ ගෙතුන
දිවි අබරේ..
පහන් කැට ගෙනෙන්නට
වසා සිත සිනහවෙන්
අස්වසා සිත
සනසවන්නට හද
මුල් පිරුව...
ආදරණීය ඒ කවියට...
ආදරේ තරම් මා - දන්නේ නෑ නුබ..
තවමත්....
No comments:
Post a Comment