Friday, December 9, 2011

සිතක සේයා... 35

අත් පසුර විහිදුවා - සිත් හසර
වසන්තයේ වස්සානයට - මල් වර වූ නුබ
එබිකම් කල මනමාල, කැල්මන්ට
සුලන් කෝඩයේ මුවා කල
බොලද සිතුවිලි බිජු.....
ඉකිරී වැද පසෙන්නට වපුලා..
බොල් පොලවක...

බලා හිදී නුබ..
මල් කෙමිය අත් දරන් - හිත් පෝරු මස්තකේ
වැයෙන සිලෝ අස්ටක හඩෙහි කිමිද.
අසරණව සංශයෙන්..

නුබට කියන්නට සිත් විය...

මීදුම් පිනි වැද - පිපෙන කැකුලු මත
රොන සිදින උන් බොහෝමැයි මේ වන පස.
කිති කැවෙන උනුහුමට දැවට
සිද ගනී කැකුලු පෙති
මන් මුලාව...

එහෙත්..
සිදුව අහවර - එහි පැහය මිස..
සුවදක් නොදැනේවී කිසි විටක...

සිතක සේයා... 34

සද නුබ එකලු වී - මදහසත් තුරුලු කර
පිනි බිදකට කැටි කර - මද පවනේ වෙලා
නුබ එවු සෙනහස - සුපිපිලා මගේ හිතේ

එහි සුවද   විද ගන්න ඉඩක් ඇති මුත්
එ සිහිලට තැවරෙන්න
බලන් ඉදිමි මා
නුබ එනතුරු.....

සිතක සේයා... 33

වසන්තයේ - සදිසි වට සක්මන් කල සිත
සගව ගොස් නම් - මන් මුලාව..

තුරු ලතා අග්ගිර - කිණිති කැකුලක
පැහැය දැක - සසද නොවුන...

අවැසි සබද - සක්මනට සිත
නුබට වසන්තයට පසු හිදින - ගිම්හනයෙත්

එහෙත්, තුරු හිස මල් අමද බිම වැ‍ටුන කල
කිම සක්මන් - නොසිතාපන්

වසන්තය මෙන් - ගිම්හානය
ලදැඩි නොවනු ඇත - නුබට

සිතක සේයා... 32

කොහොමද මම ආයෙම කියන්නේ
අප්පච්චිට..
ආපහු හැරිල එන්න කියලා..
දුවගෙන ඇවිත්,
තව පොඩ්ඩක් පුන්චි පුතත් එක්ක - කතා කරන්න කියලා
ආයෙත් හැරිල යනකොට - තවත් දුක දැනෙනවා
අප්පච්චි...

කමක් නෑ - මම දන්නව
අප්පච්චි මට ගොඩක් ආදරෙයි..
අම්මගේ අඩුවක් මට මට දැනුනේ නෑ..
ඒ අප්පචිගේ ආදරේ හින්දනේ..

ඔන්න මන් බලාගෙන ඉන්නවා - ආයෙම
ඊලග මාසෙත් අප්පච්චි එන්කන්...

සිතක සේයා... 31

ත‍ටු සලා පියබන්න - දුර ආකාශයේ
බඩ ගින්න දැනුනාම...

පියබන්න දුර ඈත - සවි මදිලු ත‍ටු
සැරයි සුලන් කෝඩය...

ආසයි ඉක්මනට ලොකු වෙන්න - අම්මටත් එක්ක
කෑම හොයන් එන්න..

බලන් ඉන්න වෙලා - ලොකු වෙනකන්
මේ පුන්චි කූඩුවේ මට තාම....

සිතක සේයා.... 30

කදුලු නෙත් පුරෝගෙන නොහිටියත්
හිතෙ දුක පුරෝගෙන..
දුක ‍රැදුන ඔය හිතට කියූ ලෙස...

" නුබට තවත් දුක දෙන්නේ මම, නොදන්න නිස නොවෙයි නුබේ හැඩුම් බර වර්තමානය""

පන්සලක් වගේ නිවුන මගේ හිතට
බර වැඩී නිසා නොවෙයි - නිහඩ වී හිටියේ..

සුසුම් පොද වගේ දැනෙනවා නුබව

 ඒ ගැනම කත කර කර
තවත් දුක දෙන්න බැරි නිසයි
ඉතින් මන් නිහඩ

සත්තකින්ම
නුබ ටත් වඩා පුරවන් නුබ ගැන - මගේ සිත තුල...

සිතක සේයා.... 29

ලොග්ගල් ඔය බැම්මේ - වන් දොර‍ටුවේ හිද
රහසේම මුන ගැසිනි - හුදකලාවේ
දියේ ගිලුණු සදවත

සද - තරු පිරුනු අහස
හැඩ කාරයි
නුබට ඉහලින්

මලානික සද නලවන
ඔය දියට අසුනානම්
මසිත

"උස් ඔයේ දියට වී හිදින්නට හැකි නම් පාසියක් වත් වී""

සිතක සේයා.... 28

ලා පින්නේ පිපෙන මල් - හරිත පැහ ලිය අග
මතින් සමනල් දග දකින - වසන්තය ඇවිදින්

හිරු ඈත සගවන් - සර තස වසා මිහි මත
සීතලෙන් තෙමා ගත සිත - මීදුම් පින්නෙන්

පහන් විය මන්ස්මිතයම - පුදසුනක් විලසින්
හම ආ පවනට - කදු යාය අතරින්

සිතක සේයා.... 27

පුර අනුර සෛල කුලු - ඔප දමා
කරුණාවෙන්, මෛතිරියෙන්,
මිනිස් සිත් දැහන් ගත කල
වඩුවානෙණි..

නුබව සොයමි මා..
සිත් මහ මෙව්නා වල නැගෙන සෛල කුලු වල
සමාධිය තනන්නට....

සිතක සේයා.... 26

වස තැල්ල වසා ගත්
ගුරු පාර පෙහෙලි වී
මේ තරම් දුර...

නුබ සොයන සද්මන්
සොයන උන් ඒ මගතුර තවමත්
විරන දා, කදුලේ
උනුහුමේ - පෙහෙසෙමින්

මේ පාදාබි වන්දනය
ඒ හෙලු දා, කදුලු නාමයට...

සිතක සේයා..... 25

නිශාවට එලිය වන - තරු අතර නුබ හිදින
පුරා පොහොයෙත් දකින - පුරා අහසයි නුබම...

සුදහ ගින්නෙන් දැවෙන - දකින උන් සිත නිවන
සුදහ ගිනි උහුලාන - උනුන්ගෙම කුස පොවන

කර්කශව ඉරි තැලුන - කතර පවනින් නිවන
සෙනෙහසේ ‍තෝතැන්න - මද පවන වෙයි නුබම

නෙතට කදුලක් වෙලා- හඩන සිත සිහි වෙලා
සිනසෙයි හඩ හඩා...

සැන සෙන්න මතු බවයේ - අම්ම මගේ බුදු වෙලා...

සිතක සේයා... 24

පසලොස්වක අහස - විසල් පුර දෙසට වැඩි මුත්
අකම්පස් කලුවරින් - පිරී ගොස් නෙත් සිත්
දහම් වසි කුලුණු ස්වරයෙන් - අසනි වැසි සේ බට මුත්
තෙමාලනු බෑ - හිමියනේ බුදු
ඉරිතලා ගිය උනුන් සිත්....

සිතක සේයා.... 23

මැයි මහේ අටවකට - තුෂාරයේ සිසිලසින් මල් වරාවි
බෝවිටියා පදුරට නුබ නමින් මා සිටවු...
අතු ඉති දරන්...

විදහ වුන් මල් තුරට සපැත් විහගියක්- මැවු සෝ ස්වරයට
කුමුදුඉකි ගසති - ගලා යන සුසුම් නදියේ හැපී...
සරතැසින් නති මුත් විඩාවක් කකුලු කුසුමන්ට...
සෝපත් රිද්මයට තරම්..
ගන් දෑලේ හසරෑල්ල කුබුක් අතු සෙව්වා...
දිය මතට බට තුරු හිස්...
සිත සකල සිරුරම - හැර ගිහින් පාලුවේ හැර..
සාංකාවට බරදී..

එපා විහගියේ ඒ ස්වරය...
දවයි මා සිත...

නුබට අවසි මේ සිතට
දුක දරා ගන්න බෑ නුබ තරම් මට.....

සිතක සේයා... 22


සියොලගම රදවන්
මන්දාරමට - ව‍ටුන හිරි පොද..
හිදිමි සිසිලසින්
රහසින් නෙත් තෙමා - දුර ඈත සිට එන තුරා...
අවසි උනුසුම අරන් - අදුරු මන්දාරමේ..
හිදිමි....
සිහිනයක අතරමන්ව
තෙමෙන්නට
මේ වස්සාන සිහිලට..

සිතක සේයා... 21


ගිනි දැවෙන මේ වා කදට
හුදකලා කල මනස්මිතයේ සිහිනය
තල් සෙවනේ වැලි කදක මියදුනා නොව...
වරක්, දෙවරක් , සිය වරක්...

නිදහස්ව - ඉපදුනා
තව පුතුන් - නුබේ පිනෙන්
නුබේ හීනයට පන පොවා..
ඒ තල් උයන් අද්දර - දස දහස් ගනනක්

සිතක සේයා.... 20

නොදැක බැරි තරම් - සිත ලගට විත්
මුමුනයි පද වැල් - නුබව සොයන බැව්
පවසමින් මා නෙත්..

නුබේ රුව දකින තෙක් - පාලුයි මේ කෙවෙනි සගලත්
අඩුවක් නෑ කිසිත් - මේ පුරා අහසෙත්
නුබට බැදි සෙනෙහසෙත්...

සිතක සේයා... 19


හිම පියලි වසා - වඩින රිවි අරුන
විසල් තුර පලල් කර - සරසමින

ලලන ගන්දිය - කොමල පාමින
දිනක ඇරබුම - සරසවයි මන

සිතක සේයා.... 18

කවුරුවත් නෑ ලග හිටපු..
එකම මේසයක පඩම් කරපු..
එකම බත් පත බෙදා ගෙන කෑව..
දුකට - සතුටට ලග උන්නු..

මේ පාලු ඇදන් ටික දැක්කම
දුකයි - මට
තනිවෙලා හොස්ටල් කාමරේ මන්

එනකන් බලන් ඉන්නේ- අයෙම දවසක
ඇවිත් පලයන් - එදා වගෙම - ඉන්න දවසක් වත්

දැනේන්නේ දැන් - තනිකම මට...

සිතක සේයා.... 17


ඔය හිතට කවි පද ලියා..
තනිව කියවා..
හිම තුහින සීතලේ
තනිව හැඩුවා - පන්හිදත්...

හරිත රිකිලි මත - පතිත පිනි බිදු
බලන් හිටියා - නොදැන ඒ වගක්..

සන්හිද වුනා - අපේ සිතුවිලි
කාලයටත් රහසින්..
පාලුවට සින්න වුනු - ඝන දුරක රූ ගෙතුන
දිවි අබරේ..
පහන් කැට ගෙනෙන්නට
වසා සිත සිනහවෙන්
අස්වසා සිත
සනසවන්නට හද
මුල් පිරුව...

ආදරණීය ඒ කවියට...

ආදරේ තරම් මා - දන්නේ නෑ නුබ..
තවමත්....

Thursday, December 8, 2011

සිතක සේයා.... 16

සලු වියන දෑත් අගට - වැ‍ටුනු පුන්චි කදුලු බිදුවේ
සදිසි වටින් සිතේ ඇදුන - බොද වෙලා නුබේ රුව

සරද සමා මන්දාරම් සිසිලට - සිත උනුසුමයි
ආදරේ වු නිසවෙන් - මනස් දමිතයේ වතල සිත්තමට

වෙරල ඉම මා හුදකලා කල - ඈත ක්සිතජය තරම් දුරකින්
පහන් තරුවක් වෙලාවත් එපා එන්නට - මගේ සිත් අහසේ සන්සිද


සිතක සේයා.... 15

දුරක හිදි වලාවන්
ගෙනිහින් පුර සද සගවන්

අනේ මගේ සිත ලගට විත්
ඉන්න කවුරුත් නෑ..
තවම තනියෙන්

පේ වෙන්න සමග තරු කිනිත්
නැහැ මගේ පැතුම් හීනයන්..

අමාවක අහස යට
සොලොස් වක් සද පිරෙනතුරු
හිදින්නම් පාලුවෙන්....

සිතක සේයා... 14

සීත අම්බරේ - දුරු කල ඝනදුර
හිමි නොවූ මගේ සදවත
නත වගක් නුබේ සිත තුල...
දුරයි නුබ - අද

මම විතරයි මගේ තනියට
කාත් කවුරුවත් නැති ලෙස...

කනදරාවේ දිය කදට
පිපුන සියපත් පවසාවී රහසින්..
කිමිදුන කදුලු කැටවල සන්ශය - වෑ දියට

පුර පොහොය දා සද දකින මිස්සක වෙහෙර ලග
දොඩමලු වන තරම් - මගේ සිතට නුබ
කොහොමද හිත හදා ගන්නේ..
කියනවත් කෙනෙක් නෑ මා ලග....




සිතක සේයා.....13

කෙවෙනි නෙතු දැවෙන සද
ගිලන් වන සකි සිතට
ලෙන්ගතුව ගෙවෙනනට
ඉඩක් වෙද මායිමේ ගිනි දැවෙන..

පිපුන මුත් න‍ටු අගට
රුදුරු වී ක‍ටු මලට
සිනිදු මුත් කැකුලු සිත
ඉරිතලා යයි නිබද...

ශ්වෙත අම්බර සිප
පිනි බිදුවක් ව්
රූරා වැටෙන්නට
වලා මතින් වැද
සිසිල සොයනට
ගිනි දැවෙන කතරේ
නොහැකි වන සද
සොයයි නම් සිසිලසක්
වැටෙන නුබේ කදුල - නුබ සිතටවත්
හස‍රැල්ල සොයන නුබටම අමතකව ගොස් - හඩන බව නුබ දෑස්...

වියරු සිත් මඩල - පහන් වන සද
අදුරට සාප කරනා
ගිනිලාගෙන දැවෙන නුබ සිතට එවමි පැතුමක්...

"නුබයි මේ වා කදේ අහින්සක සුවද පොද""





සිතක සේයා -