ගිණි ලාගෙන සිතට සිවි වටින් තනන්නට කැදැල්ලක්
කැබලි සොයා.....
පනම් සෙව්ව සොයුරියේ...
මිනිසත්කම පිරිහුණ පුරවරක
තනිවෙලා නුඔ.....
අලුයමට හිරු වෙලා...
රෑ යමෙත් සදවෙලා...
කම්හලේ මැෂිම ළග,
මහයි නුඔ ජීවිතය
නැතිව සේයාවක්වත්
රටාවක.....
නූඔ දෑතේ වීරියෙන්
ගෙවයි, නිකමුන් ජීවිතය....
සැපෙන් මහ මැදුරුවල
නීතියේ බැටන් පොලු පහර වැද,
දෙඅත් - පා අහිමි වුවත්,
සිහිනයන් බොද වුවත්....
වීර වරියකි නුඔ,
දේශප්‍රේමියෙකි නුඔ
මේ පුංචි ලක් දෙරණේ
චෞර දේශ ද්‍රෝහීන් පාගා දැමු ................