එදා උදේන්ම ආවා අම්මලා එක්ක. කැම්පස් එකකට select වුණ එක ගැන ඇත්තටම සතුටුයි.එදා එනකොට කැම්පස් එකේ එක ගාව සෙනග ගොඩක් හිටියා වගේ මතකයි.පොඩ්ඩක් විතර බයත් උනා. අනුරාධපුරේ ඉදල කහටගස් දිගිලියට යන බස් එකක නැග ගත්තට බහින්නේ කොහෙන්ද කියල හරියටම දැනගෙන හිටියේ නෑ. කොකොහොමහරි කැම්පස් එක ළගින් බැස්සා කියලා බැහැලා තිබුණේ හෝල්ට් එකක් එහිට ගිහින්. කොකොහොමහරි කැම්පස් එක ඇතුලට ගියා කියමුෙකා .එහෙන් මෙහෙන් අරන්චි වුණා කලින් දවසක පොඩි පොඩි ගැටුම් වුනා කියලා.කොහොමහරි එක දවසක් ගෙවුණා. මේ පැත්ත එච්චර නුහුරැ පැත්තක් නෙවෙයි. ඒත් හැම තැනම නුහුරැයි වගේ අහන අහන එකා කියනවා දරුණු පැත්තක් කියලා.කොහොම හරි ඊට පහුවෙනිදත් කැම්පස් එකට ආවා. අනේ මන්ද.ඉස්සෙල්ලාම English Intensive Course එක තිබ්බේ.ඒකට groups වලට කැඩුවා.මම අහුවුණේ 2 වෙනි එකට.ඔක්කොම තිබ්බේත් 2යි. මගේ English දැනුමේ එළ නිසා 2ක් තිබිබෙ වෙලාවට. මොකද 2වෙනි එකට set වෙන්නේ හොදම set එක කියලා ඒකේ හිටපු අයගෙන්ම තේරැනා කොහොම හරි මාසයක් ලස්සන program එකක් ඉවර උනා. අපිව අපේ අයියලා අක්කලා හොඳට පිළිගත්තා. එදාට කලින් දවසේ මාත් හිටියේ හොස්ටල් එකේ. උදේ 3 ට විතර රතින්ඥා පුපුරන සද්දෙට කාමරේ ඔක්කම එළියට ආවා. සමහර වුන් බයේ වෙව්ලනව වගේ පෙනුනේ මැලේරියාව හැදිල වගේ. පස්සේ තමා දන්නේ අනුරාදපුර airport එකට LTTE පාත් ප්ලේන් පාත් තරි කියල,
ඔන්න ඔහොම කැම්පස් ජීවිතය ආරම්භ වුණා...
No comments:
Post a Comment