Wednesday, July 23, 2014

සිතක සේයා - කෙටි කතාව - 1

ඒ 2010 වර්ශයේ නොවැම්බර් මාසයේ දිනයකි. වෙලාව හවස 2 ට වන්නට ඇත. නිදිබර දෙනෙත් නින්දත් නොනින්දත් අතර හෝරාවකට ආසන්න කාලයක් නින්ද හා සටන් කර කුමන මොහොතකදී නින්ද ගියාදැයි මා නොදනිමි. අවදිවන විට, කොළඹ සිට නුවර දක්වා ඇදෙන පෞද්ගලික බස් රථය කෑගල්ලට ආසන්න වෙමින් පැවතින.
" අක්කේ පොඩ්ඩක් වීදුරුව එහාට කරන්න පුලුවන්ද"
මෙතෙක් වෙලා අවදි නොවු මගේ කටහඩ ඊළග මොහොතේදී අවදි කලෙමි.
" ඉන්න මල්ලි පොඩ්ඩක්" ' හරි... ඇති නේද? "
මම ඔලුව වනා.. පිලිතුරු දුනෙමි.
කොලඹින් බසයට නැගි මොහොතේ සිට තද නින්දක පසු වූයේ, මාගේ ගතද සිතද.. තද මහන්සියකින් පසු ගිය දින කිහිපය පුරාම වෙලා ගෙන සිටි නිසා විය හැකිය. පවුලේ ලග හිතවතෙකුගේ මල ගෙදරක පසු ගිය දින කිහිපයම ගත කරන්නට මා හට සිදු විය.
" මල්ලි කොහෙද යන්නේ... මෙච්චර වෙලාම නිදිනෙ.. මන් හිතුවේ සීට් එකෙන් වැටෙයි කියලා "
මට යාන්තමට හිනාවක් මතු උනද.. උත්සහයෙන් එය යට පත් කර ගන්නට වූයෙමි.
" ලැජ්ජ වෙන්න එපා.. නිදි මත උනාම ඔහොම තමයි.."
" මම නුවර යනව අක්කේ.. මාමලගෙ ගෙදර.. අක්ක කොහෙද නුවරද.. "
" අපොයි නෑ මම කලුතර"
" ම්....ම් ම්....ම්... අප අතර තරමක නිහැඩි තාවක් පැවතිනි.
" අක්ක කොහෙද මේ යන්නේ"
" මම මාලිගවට යනවා මල්ලි... අවුරුද්දට දෙසරයක් පුරුද්දට වගේ නිවාඩුවක් අරන් යනවා.. "
"මටත් ආසයි යන්න.. ගොඩක් දවසකින් යන්න බැරි උනා.."
" මල්ලිට පරක්කු වෙන්නෙ නැත්තන් ඉතින් මාත් එක්කම යන්... මමත් 5 වෙන්න කලින් මාමලගේ ගෙදර යන්න ඕන... කටුගස්තොටට.. "
" පරක්කුවක් නම් වෙන්නෙ නෑ.. ඒත්... වැඩ ගොඩයි අක්කේ.. හෙට කැම්පස් එකේ මිඩ් එක්සෑම් එකක්.. "
"දැන් මාමලගේ ගෙදර ගිහින් .. උදේ යන්න වෙලාව ඇතිද?.."
" අපොයි ඇති... එක්සෑම් හවසනේ.... මාමට අසනීපයි.. එකයි මන් මේ හදිසියෙම අවේ"
" කමක් නෑ.. මමත් එන්නම් මාලිගාවට යන්න.."
" කමක් නෑ.. ඔයාට බැරි නම් ඉන්න... මම යන්නම්.. මම කොහොමත් තනියමනේ අවේ... "
" එවර ඇගේ හඩෙහි දුක්බර ස්වභාවයක් මතුවිනි.."
මේ නන්නාදුනන ආමන්ත්රණය... පිලිබදව මා තරමක් හිතන්නට වූයේ.. ආගන්තුක සිතුවිලි ගනනාවකින්... සිත වැසී ගිය නිසයි..
මොහොතකින් මා ඇ දෙස හරුන විට.. ඇගේ ඇස් අදුරු වලාවකින් හදිසියෙම වැසී ගිය ආකාශයක් සේ අදුරු වී තිබුනු පෙනින. මොහොතකින් කදුලු බිදු කිහිපයක් නෙත් වලින් වැටෙනු යන්තමට පෙනුනද... ඇය එය සගවා ගන්නට දැරූ උත්සහයට, කලින් මා නෙත් වලට එය හසු විය.
" ඇයි අක්කේ... ඔයාට අසනීපයක් වත්ද.."
" නැ මල්ලි... මට මගෙ අතීතය මතක් උනා.. වෙනදා මන් මාලිගාවට යන්නෙ තනියම නෙවේ.. ඇය දිග හුස්මකට අවසන එකදිගට කියාගෙන ගියාය.
" කොච්චර සුන්දර උනාද ඒ කාලෙ.. "
එවර ඇගේ කටහඩ වඩාත් හැගුම්බර විය. මට ඇගේ හදවතේ අතුලාන්තය විමර්ශනය කරන්නට අවශය නැතත්, නිරායාසයෙන්ම " ඉතින් මොකද උනේ... එ සුන්දර කාලෙට" යයි කියවින.
නුවර ගුඩ්ශෙඩ් එකෙන් බස් එකෙන් බහිනට් තුරුම ඈ ඇගේ කතාව අවසානයක් දක්වා කියවන්නට වුවාය. මා ඇගේ කතාවේ සෑම වචනයක්ම ග්‍රහනය කර ගත්තේ ඇය වෙනුවෙන් යමක් කල හැකිදැයි නිශ්චය කර ගැනිමටය.
කවදාවත් දැක නැති.. මා හට මෙසේ ඇගේ පෞද්ගලිකත්වය විවෘත කලේ ඇයි දැයි මා නොදනිමි. මා ඒ පිලිබදව ඇගෙන් විමසුවෙද නැත.
" නුවර වැවේ අයින දිගේ අපි මදක් ඇවිද අවෙමු. " මෙතනදි තමයි.. එයා මට ඉස්ස්ල්ලම මුන ගැහුනේ... ජීවිතේ හරි පුදුමයි මල්ලි... "
ඇය නැවතත් ඉකිබිදින්නට වූවාය.
" අපි ඔය කතාව නතර කරමු අක්කේ... අතීතය සිහි කරා කියලා.. අක්කට අය ඒ අතිතය වර්තමානයට ගන්න බෑනේ... ඔයා අවුරුදු 6ක් ආදරය කල කෙනා, අද මේ ලොකේ නෑ.. ජීවිතෙ හැටි එහෙම තමයි.. අපිටත් කොයි වෙලාවේ යන්න වෙයිද කියල කවුද දන්නේ.... අපි අතනින් නෙලුම් මල් ටිකක් අරන්.. මලිගාවට පූජ කරල අයියටත් පින් දෙමු.... යමුකෝ දැන්.... "
……………………………………………………………………………………………………………………………………………………………….
අපි ගමන් කල මාවතේ එක් තැනකින් යන්තමට ඇහෙන ගීතයක්, පූජා නගරය පුරා ආකසෙට ගලා ගියේ, මගේ හිත එක් වරම සියලුම සිතුවිලි එක් තැනකට ගෙන එමිනි.
"අතීතය සිහිනයක් පමනයි. සැබැ සුවදක් නෑ...
එදා සෙනෙහෙන් නොබැදුනා නම්
මෙදා වියොවක් නෑ....
තැනූ මන්දිර බිදී වැටුනත්- නෙතේ කදුලක් නෑ
සිනහ වෙන්නට වරම් නොලදත්
නෙතේ කිලුටක් නෑ..
සොබා දමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ..
ලොවේ පැරදුම මිසක කිසිදා..
ලැබූ දිනුමක් නෑ..
.......................................
පසුවදා නැවත ඒමට බස් රථයට නැගුන මා, මාගේ දුර කතනය ගෙන, ඉබාගාතේ යන වචන කිහිපයක් එහි ට්යිප් කරන්නට වූයෙමි.
"හෙමි හෙමින් හිත අගට
ඇවිත් දුර රැගෙන ගිය
සිහින ඔබ මා හැදූ...
එකි නෙකින් බිද වැටින
කවුද ඔබ රැගෙන ගිය
නිසා පෙම්බර සදූ... “
සදාකල් අදුරු උන
අපි පැතූ සුන්දර
අපෙ වසන්තය මදූ...
කවදාක අය ඒද..
නිවන් සුව පතනව
බෙලෙන් මේ මල් පිදූ...
මා අදවන තුරුත් ඒ පද කිහිපය ප්‍රසිද්ධ කලේ නැත. එහි සියලු අයිතිය, මා හට ඉහත සිදුවීම් මාලාව කියූ සොයුරිය වෙත ලබාදෙමි. මන්ද එසේ ලියවුනේ ඇගේ කතාවේ දුක්බර හඩයි.
ඇය ගුරුවරියක් ලෙස මා හට හදුන්වා දුන්නද, ඇගේ පාසල කුමක්දැයි මා නොදනිමි. ඇගේ නම කුමක් දැයි මා නොදනිමි. ඇය අද කොහේ සිටිනවාදැයි මා නොදනිමි. නමුත් ඇගේ කතාව... මගේ සිතේ සේයාවක් වී ඇත.
ප්‍රභාත් ( 2014-07-23)

1 comment:

  1. මටත් තියෙනවා මේ වගේම කතාවක්... වචන වලට පෙරල ගන්න බැරිව ඉකි බිඳින

    ReplyDelete

සිතක සේයා -