Saturday, March 23, 2013

විද්වත් ඇස - 2 - යහ පැවත්ම


සෞඛ්‍යය යන අදහස තරමක් අපැහැදිලි එකකි. ඒ පිලිබදව නිර්වචනයන් බොහෝමයකි. සෞඛ්‍යය යන අදහස පිලිබදව පවතින නොයෙකුත් අවබෝද අතුරින් වඩාත් බලපෑමක් ඇත්තේ සහ බලයක් උසුලන්නේ වෛද්‍ය අකෘතියයි. ප‍ටු අරුතකින් සෞඛ්්‍ය යන්න දකින්නේ මෙම අකෘතිය තුලයි. වෛද්‍ය අකෘතියට අනුව පුද්ගලයාගේ සෞඛ්‍යය ශරීරයේ ඉන්ද්‍රියන් හා ඊටත් කුඩා වූ කොටස් තුල විසිරී පවතී. ශරීරය යන්ත්‍රයක් නම්, එහි විවිධ කොටස් හෙවත් අවයව සතු‍ටුදායකව වෙන්ව ක්‍රියා කරයි නම් සමස්ත ශරීරය නැතහොත් පුද්ගලයා සෞඛ්‍යයමත්ය. රෝගයක් ඇති වූ විට හෙවත් ශ්‍රීරයේ ක්‍රියාකාරිත්වය අකර්මන්ය වූ විට අදාල දෝෂය හෝ කොටස නැවත සාමාන්‍ය තත්වයට ගෙන ඒමට ප්‍රතිකාර මගින් පියවර ගැනේ. ව්‍යාකූල වූ අවයව හෝ ක්‍රියාකාරකම් එකිනෙක වෙනස් රෝග ලෙස වර්ගීකරනය කෙරේ. මෙම ව්‍යාකූලත්වය නිවැරදි කිරීම හෙවත් රෝගී ආයවය නැවත සාමාන්‍ය තත්වයට පත් කිරීම සැලකෙන්නේ වෛද්‍ය ප්‍රතිකාර ලෙසයි. රෝගවලට ප්‍රතිකාර කිරීමේන් ඔබ්බට වෛද්‍ය ආකෘතිය තුල ඉඩ ඇත්තේ රෝග වැලක්ක්වීම දක්වා පමනී.

වෛද්‍ය අකෘතිය පදනම් කරගත් අදහසට අනූව සෞඛ්‍ය වන්නේ රෝගයක් නො තිබීම හෙවත් නීරොගී බවය. ලෝක සෞඛ්‍ය සංවිධනය ආරම්භයේදී වුවද සෞඛ්‍ය පිලිබදව ‍තෝරාගත් අර්තකතනයෙහි මීට වඩා පුලුල් යමක් විය. රෝග නැතිකම පානක් නොව ශාරීරික, මානශික, හා සමාජීය සුවතාවයඩ සෞඛයේ අන්තර්ගත් බව එහි ආරම්භක ප්‍රකාශයේ සදහන් වේ..

එහෙත් මෙම් යහපවත්ම හෝ සුවතාවය කුමක්ද යන්න එකල්හී පැහැදිලි කෙරුනේ නැත. නීරෝගී බවට වැඩි යමක්, හෝ ධන ලක්ෂණ වර්ධනයක් සෞඛ්‍ය යන්නේ අන්තර්ගත බව සදහන් වූවත් මෙහි අපැහැදිලිතවය ක්ෂත්‍රයේ නියලෙන ක්‍රියාකරීන්ට අපහසුවක් වීය.
පුලුල් හෙවත් අංග සම්පූර්න අයුරින් පුද්ගලය දැකීමේ වැදගත්කම සලක බලා අපහැදිලි වූවද මෙම අර්තකතනය පිලිගැනීමකට හ යම් තාක් දුරකට ප්‍රසාදය ඩ ලක්ව ඇත. එහෙත් එකගත්වය නොමැති ඇවින් ඇතිවන දුෂ්කරත විසදෙමින් යන්නේ සෙමිනි. මෙම විසදුම් අතර එකක් වන්නේ සෞඛ්‍ය මත් බව පවතින මට්ටමක් ලෙස නොව දියුණුවන ක්‍රියාවලියක් ලෙස දැකීමයි. විභවයක් ලෙස සෞඛය හදින්වීම තවත් විසදුමකි. තුන්වැන්න වන්නේ ධන අංශයේ ප්‍රගතිය ලෙස සැලකෙන දෑ කවරේදැයි යන්න තීන්දු කර ඒ පිලිබද එකගත්වය පුලුල් කර ගැනීමයි.


(Samarasingha D. et al, 2011)

No comments:

Post a Comment

සිතක සේයා -