Thursday, March 28, 2013

විද්වත් ඇස - 1 - පවුල අද සමාජයේ දරුවන්ගේ සාර්තකත්වයට හෝ අසාර්තකත්වයට බලපාන ප්‍රධාන සාධකයකි. සාර්තක පවුලක් දරුවකුගේ සාර්තක වර්ධනයට ආශිර්වාදයකි. මනෝ විද්‍යාවට අනූව පවුලක ස්වභාවයත් එය ක්‍රියාත්මක වන ආකාරයත් පිලිබ`ද විමසීමක

එය සදුදා දිනයකි. වෙලාව උදෑසන හත පසු වී, මිනිත්තු කීපයක් ගත වන්නට ඇත. උදා වූ නව සතියෙහි, පලමු දින විවිධ රාජකාරි සදහා පිටත් වීමට බස් රථයක් එනතුරු, බස් නැවතුමේ බලා සිටි, මගීන් ගොන්නට මාද එකතු වුයේය. සුදු වතින් සැරසී, අසල ප්‍රාථමිකය දෙසට විටක සිනාසෙමින්, විටක ශබ්ද නගා කතා කරමින්, තවත් විටක ම`ද දුරක් දුවමින් ඇදී යන දරුවන් පෙලකි. ඔවුන්ගේ මුහුණු අමුතුම ප්‍රමෝදයකින් පිරී තිඛෙනු දැකිය හැකි විය. තවත් දරුවන් කිහිප දෙනෙක්, සිය භාරකරුවන් සමග මාවත දෙපස වු, වෙළද සැල් වලට ඇතුල් වුයේ උදෑසන අහාර සදහා, කුමක් හෝ ගැනීමට විය යුතුය.
ප්‍රධාන මාවතේ කාර්ය බහුලත්වය බෝ සෙයින් වැඩි වෙමින් පැවතිණ. එහ මෙහා ඇදෙන වාහන, සහ මගීන් එහි කාර්ය බහුලත්වය ඇති කොට තිබිණි. ඊ ලග මොහොතේ මා ඉදිරියෙන් මැදිවියේ පසුවන තරුණයෙකු හදිසියෙන් ගමන් කර මීටර් කිහිපයක් දුර ගොස් බස් නැවතුමේ කොනකට වන්නට නතර වුයේය. ඔහුගේ හැසිරීම දුටුවන්ගේ විමර්ශනයට ලක් වන්නක් විය. ඔහුගේ තියුණු ඇස් ප්‍රධාන මාවතේ, එහා කොණ දෙස, යොමු කර තවත් අයෙකුට මොනවාදෝ කියන අංග චලනයක් දක්වනු පෙණින. ඒ සැනින් මාගේ නෙත් ද ඒ දෙසට යොමු කලේ නිරායාසයෙනි.
මැදි වියේ පසුවන කාන්තාවක්, අවුරුදු 11-12 ක් පෙනුමැති පිරිමි දරුවකු, සහ අවුරුදු 9 හෝ 10ක් විය හැකි, පාසල් යාමට සූදානම් ව සිටි ගැහැණු දරුවකු ඇදගෙන මෙන්, පාරේ එහා පැත්තේ සිට මෙහා පැත්තට, කලින් කී තරුණයා දෙසට ඒමට උත්සහ ගත්තාය. එහෙත් ළමුන් දෙදෙනාගේ ඇස් ක`දුුලුවලින් පිරී ගොස් තිබුණි. සමහර විට, පාරේ පාසල් යන දරුවන් අතර, මෙහි ගැහැණු දරුවාගේ පංතියේ ළමුන්ද ඉන්නට ඇත. සිදුවන්නේ කුමක්දැයි නිවරැදිවම අදුන ගන්නට නොහැකිව, මා ඊ ළ`ග මොහොතේ වන්නේ කුමක්දැයි බලා සිටියේ, දරුවන් දෙදෙනා වෙත ඇති වූ සානුකම්පිත හැ`ගීමක් සම`ගය.
තරුණයා තමා දෙස එන, කාන්තාව සහ දරුවන් දෙදෙනා මග හැර යන්නට විය. කන්තාවද, අඩමින් ඔහු පසු පස , මොනවදෝ කියමින් දිව යන්නට වූවාය. මා දරුවන් දෙදෙනා වෙත් ලන් වී, යමක් විමසීමට තැත් කලද, ඔවුනුත්, කාන්තාව පසුපස දිව ගියෝය. අසල වූ අයෙක් කියූ පරිදි, මේ එකම පවුලකි. පියා උත්සහ කරන්නේ, දරුවන් සහ බිරිද, හැර දමා වෙන විවාහයක් කර ගැනීමටය. මෙම තරුණයා, නිවසට බොහෝ කාලෙකින් නොපැමිණ ඇති අතර, අහම්ඛෙන් මෙන් කාන්තාව මෙම තරුණයාව, දැක ඇත.
 …………...........................
ළමුන් පිලිබදව සිදු කරන සමීක්ශන කටයුත්තක් සදහා මා එක්තරා මවක් සමග සාකච්චාවක් සිදු කළෙමි. ඇය සමග සිදු කල සකච්චාව මට තවමත් අමතක නොවන්නේ, මාගේ ප්‍රශ්න හමුවේ ඈ දුන් පිලිතුරු නිසාය. එහෙත් සාකාච්චාව අවසානයේ ඈ දුන් පිලිතුරු, වල නිවැරැදි භාවය පිලිබ`දව ඇයම ප්‍රශ්න කර, නිවරැදි විය යුතු ආකාරය ඇය ප්‍රකාශ කලාය. දරුවන්ට කරන දඩුවම් පිලිබදව මා විමසු විට, ඈ දුන් පිලිතුරු මෙසේ සරල කොට දක්වමි.
ර්‍ණළමයින්ට ගහන්නැතුව හදන්න බෑ.... අනික තරහට නෙවේනේ ගහන්නේ බනින්නේ.... ආදරේට... ”
ර්‍ණ අපි එහෙම නොකරොත් ඉස්කොලේ ටීචර් ලා උනත් අපේ ළමයි දාන්නේ නරකයි කියන ගොඩට.....”
ර්‍ණ දැන් ඉන්න ළමයි, පැහිලා... පණ්ඩිත කතාමයි කියන්නේ.... වෙලාවකට අහන දේවල් වලට මන් උත්තර දෙන්නෙත් නෑ..... ”
ර්‍ණබැරි වැඩමයි කරන්න යන්නේ... එ වෙලාවට මන් ඒවා කරන්න දෙන්නෙ නෑ කොහොමත්......”
මෙම කතාව සිදුවන අතර තුර, ඇයගේ අවුරුදු 5 ක් වියැති පුන්චි පුතා සිය වයස 3 ක් වියැති සහෝදරයා සමග, රණ්ඩු වනු පෙනේ. ර්‍ණඅම්මා මෙන්න මෙහෙමයි ඛෙන් ටෙන් ගැහුවෙ”.
ඛෙන් ටෙන් යනු කාටුන් චරිතයකි. දරුවා තුල එම් චරිතය වීරයකු වී ඔහුව ප්‍රචණ්ඩත්වය දෙසට නැබුරු කර ඇත.
ඉහත සදහන් උදාහරණ දෙක තුල, දරුවාත් ඔහු හෝ ඇය ජීවත් වන පවුල් පරිසරයත්, අනෙකුත් විව්ධ හේතු සාධකත් අතර ගැබුරු සබැ`දියාවක් පවතින පැහැදිලිය. කයින් අපට වඩා කුඩා වන නමුදු දරුවා යනු සුවිශේෂී අයෙකි. වැඩිහිටියා සහ දරුවා අතර ඇති වෙනස නම්, වැඩිහිටියා දැනටමත් යම් යම් දේ විව්ධාකාර අයුරින් අවබෝධකර කරගෙන සිටින අතර දරුවා තවමත් ප්‍රායෝගික ලෝකය තුල අත්දැකීම් සොයමින් වැඩෙන අයෙක් විමයිග ඔහුගේ සාර්තකත්වයට හෝ අසාර්තකත්වයට තම පවුල් පරිසරය, ඉදුරාම වගකිව යුතු වන අතර දරුවාගේ ලෝකය තුල ඔහු තවත් එක් පවුලේ සාමාජිකයෙක් පමණක් නොවිය යුතුවේ.
මනෝ විද්‍යාත්මක සංකල්පත් සමග දරුවකුගේ සාර්තකත්වය හා ඔහුගේ පවුල විග්‍රහ කිරිමේ පහසුව ස`දහා මෙහිදි කාණ්ඩ කීපයක් යටතේ විස්තර කොට ඇත. ඒවා නමි
1ග පවුල සහ පවුල තුල දරුවාට ලැබී ඇති තැන
2ග දරුවන්ගේ සාර්තක, සහ අසාර්තක බව යනු කුමක්ද ?
3ග සාර්තක පවුලක් සහ අසාර්තක පවුලක් යනු කුමක්ද ?
4ග දරුවා හා මනෝ විද්‍යාත්මක පසුබිම
5ග වර්තමානයේ දරුවන්ගේ කායික, මානසික, සාමාජීය යහපැවත්මේ තත්ත්වය

පවුල සහ පවුල තුල දරුවාට ලැබී ඇති තැන

පවුල යනු, කිට්ටු ක‍`දාතී සම්බන්ධතා හුවමාරු කර ගන්නා පුද්ගලයින්ගෙන් සමන්විත, සමාජයේ තනි පුද්ගලයා හැරුණු කොට ඇති සුවිශේෂී වූ කුඩාම ඒකකයයි. ලෝකයට අඛණ්ඩ පැවත්ම එකතු කරමින් දරුවන් දායාද වන සමාජ ඒකකය ලෙසද, පවුල හ`දුන්වා දිය හැකිය.
ඕනාම සංවර්ධිත, සංවර්ධනය වෙමින් පවතින, හෝ ප්‍රාථමික සමාජයක පිරිමින් සහ ගැහැණුන් අතර සිදුවන් විවාහයන් ඇතිවන අතර එහි ප්‍රතිපලයක් ලෙස දරුවන් දැරීමේ සමාජ සම්මත ඒකකය ලෙස පවුල බිහිවේ. ඉතා සරලව ගතහොත් පවුල නැමති ආයතනය තුල සමාජීකරණය, ආර්ථික ක්‍රියාකාරකම්, හැගීම්මය ක්‍රියාකරකම්, නිෂ්පාදන ක්‍රියාකාරකම්, ලිංගික ක්‍රියාකාරකම් ආදී විවිධ වූ ක්‍රියාකාරකම් සිදුවේ.
Symbolic Interaction teory යට අනූව පවුල යනු, පෞරුෂයන් අන්තර් ක්‍රියාවල ඒකකයයි (About.com, 2013).
පවුලේ ක්‍රියාකාරකම් සිදුවන්නේ ඒකකයක් ලෙස වන අතර සෑම සාමාජිකයෙකු හටම ආවෙණික වූ කාර්යාවලියක නිරතවීමට සිදුවේ. මෙම පවුල තුල දරුවාට හිමි වී ඇති ස්ථානයද සුවිශේෂීය. මන්ද පවුල තුල ප්‍රමාණයෙන් කුඩා ඒකකයක් ලෙස දරුව හ`දුනාගත්තද, පවුල් ආයතනය තුලදී වගකීම්, අයිතිවාසිකම්, යුතුකම් ආදී සිද්ධාන්ත සමග දරුවාට ද භුමිකාවක් ගොඩ නැ`ගී ඇත.
අම්මා, තාත්තා ලෙස හ`දුනා ගන්නා, පවුල් සබ`දතාවයට, පුතා හෝ දුව නැමති චරිතය එකතු වන්නේ දරුවාගෙනි.
බැ`දීම් වලින් පිරි පවුල තුල දරුවා තරම්, ආදරයට, රැකවරණයට, ආරක්ෂාවට පාත්‍ර වන තවත් අයෙක් නැත. එහෙත් අද සමාජය අතීත සමාජය හා සැස`දීමේදී මේ තත්වය බොහෝ වෙනස්ව ඇත. ඊට හේතුවක් ලෙස පෙන්වා දිය හැක්කේ, පවතින ආර්ථික, සමාජීය, සංස්කෘතික වටපිටාවත් සමගම පවුල් ආයතනයත් කාර්ය බහුල වීමයි. උදාහරණයක් ලෙස මීට දසක දෙක තුනකට පමණ පෙර වුවද පවුලේ තත්වය, සහ දරුවාට පවුල තුල හිමිව තිබූ තත්වය පොදුවේ සලකා බැලීමේදී බොහෝ වෙනසක් දක්නට ලැබේ. කෙසේ වෙතත් පවුලෙන් පවුලට තත්වය වෙනස් වන අතර, දරුවාට පවුල තුල තත්වයද පවුලෙන් පවුලට ධනාත්මක හෝ සෘණාත්මකව වෙනස්ව පවති.

දරුවන්ගේ සාර්තක, සහ අසාර්තක බව යනු කුමක්ද ?

දරුවකු යනු, ජීව විද්‍යාත්මකව උපතේ සිට වැඩිවියට පත් වීම දක්වා වූ කාල පරතරය අතර වූ අයෙකි. නීතිමය ඇසින් දරුවා යනු, පරිණත තත්වය පෙන්වන වයසට, වඩා අඩු වයසෙ පසුවන අයෙකි. කෙසේ වෙතත් ළමයින් සමූහයක් රැස්වු ස්ථානයකදී බැලූ බැල්මට ඔවුන් සියලු දෙනාම එක සමාන යැයි පෙනී යයි. එහෙත් ඔවුන් ඔවුන්ගේ පූර්ණ සංවර්ධන මට්ටමේ විවිධ ස්ථාන වල පසුවෙයි.
මෙහිදී පූර්ණ සංවර්ධන වචනය භාවිත කලේ සාර්තක දරුවකු ලෙස හදුනා ගන්නා දරුවා, පූර්ණ සංවර්ධිත දරුවකු ලෙස සාමාන්‍යයෙන් විස්තර කරන නිසාවෙනි. එනම්, ශාරීරික, චාලක, සමාජ, සදාචාර නිර්මාණාත්මක, බුද්ධි, චිත්තවේගී, භාෂා ආදී සෑම අංශයක්ම සංවර්ධනය වීමයි. සාර්තක දරුවා ප්‍රායෝගික ලෝකය තුල ඔහුගේ හැසිරීම තුල, පූර්ණ සංවර්ධිත බව මනා ලෙස පෙන්වයි. උදාහරණයක් ලෙස, පුද්ගලයෙකු අත්විදින අභියෝගවලට වඩාත් ඵලදායි ලෙස මුහුණ දීමට ඇති හැකියාව සදහා අවශ්‍ය වන හිතකර චර්යාවන් හෙවත් ජීවන කුසලතා ගොඩ නගා ගැනීමට සාර්තක දරුවකු අසාර්තක දරුවකුට වඩා දක්ෂයෙක් වෙයි. අසාර්තක දරුවකු යනු පුර්ණ සංවර්ධන මට්ටමට ලගා නොවුණු දරුවෙක් ලෙස සරලව සදහන් කල හැකි අතර එහි ප්‍රතිපලය ලෙස ඔහුට ල`ගා වන අභියෝග හමුවේ ඔහු පරාජිතයෙකු බවට පත් වේ.
එනම් තීරණ ගැනීමෙදී, විශ්ලේෂණාත්ම්ක චින්තනය, ඵලදායි සංනිවේදනය, යහපත් අන්තර් පුද්ගල සම්බන්දතා, ස්වයං අවබෝධය ආදී කුෂලතා වලින් සාර්තක දරුවා, අසාර්තක දරුවාට වඩා ඉහලින් සිටී.
සාර්තක පවුලක් සහ අසාර්තක පවුලක් යනු කුමක්ද ?

ස්වාධීන ඒකක කිහිපයක් එකිනෙක අන්තර් ක්‍රියාකාරකමක් දැක්වීමක් සිදු කරයි නම්, එය පද්ධතියක් ලෙස හැදින්විය හැකිය. මෙලෙස සලක බලන විට පවුල යනු එක්තරා සමාජ පද්ධතියකි. මෙම පද්ධතිය තුල විවිධ වූ ලක්ෂණ විග්‍රහ කල හැකි අතර, උප පද්ධති, සමතුලිතතාවය, සීමාවන්, බලය ප්‍රධාන වේ. සාර්තක පවුලක් යන්න තවත් පැත්තකින් සෞඛ්‍යමත් පවුලක් ලෙස හැදින් වීමටද හැකිය.
නිවරැදිව හදුනා ගත හැකි ව්‍යුහයක් පැවතීම, හොදින් විස්තර වන දෙමාපිය භූමිකා, නම්‍යශීලී වන, පැහැදිලි නීති, බලපොරොත්තූන්, විවෘත සංනිවේදන, පවුලේ සාමාජිකයන් පිළිගැනීම් ආදී ලක්ෂණ වලින් ධනාත්මකව පිරුණු පවුල සාර්තක පවුලක් ලෙස හ`දුන්වාදිය හැකිය. උක්ත කාරණා වලින් තොර වූ පවුලක් විශම පවුලක් හෙවත් අසාර්තක පවුලක් ලෙස හ`දුන්වා දිය හැක. සාර්තක පවුලක් තුල දරුවකුට ඉගෙන ගැනීමේ සහ අත්දැකීම් ලැබීමේ අවස්ථාව වැඩිය. එමගින් සාර්තක දරුවකු ගොඩනැ`ගීමේ අවස්ථාවන්ද පොහොසත්ය.

දරුවා හා මනෝ විද්‍යාත්මක පසුබිම

දරුවාගේ සංවර්ධනය, පරිණතිය, වර්ධනය උපතේ සිට වැඩිවියට පත්වන කාලය තුල ඉතා සීඝ්‍රයෙන් සිදුවේ. ආරමය, කායික, අන්තර්ක්‍රියා සහ අත්දැකීම් හරහා දරුව ඉගෙන ගන්නා අතර සාර්තක දරුවකු ලෙස විග්‍රහ කරන චර්යාව අතින්, උක්ත පූර්ණ සංවර්ධන සංකල්ප වලට ල`ගා වීමට ඉගෙනීම දායක වේ. මෝගන්ට අනූව අනූභූතියේ ප්‍රතිපලයක් ලෙස ඇතිවන සාපේක්ෂ වශයෙන් වූ චර්යාවේ වෙනස් වීමය.
මෝගන්ට අනූව ඉගෙනීම යනු අනූභූතියේ ප්‍රතිපලයක් ලෙස ඇතිවන සාපේක්ෂ වශයෙන් වූ චර්යාවේ වෙනස් වීමය. මනෝ විද්‍යාත්මක සංකල්ප කෙරේ අවධානය යොමු කරනවිට ඉවාන් පැව්ලොව් සහ ජේ බී. වොට්සන් ඉදිරිපත් ඉදිරිපත් කල සම්භාව්‍ය ආරෝපණ න්‍යාය, බී.එෆ්. ස්කිනර්, ඉදිරිපත් කල සමාජ ඉගෙනුම් න්‍යාය, සහ ඊ.සී. වොල්මන් ඉදිරිපත් කල ක්ෂේත්‍ර ප්‍රජානන න්‍යායන් මගින් තව දුරටත් විස්තර කල හැකිය. මේවාට අනූව සාර්තක දරුවකු බිහි කරවා ගැනීමේ හැකියාව සාර්තක පවුලක් තුල ඉහල තැනක ඇත.
සරලව සදහන් කලහොත් සම්භාව්‍ය ආරෝපණ අනූව ප්‍රකාරක උපස්ථම්භක සම්බන්ධය තුල ඉගෙනුමක් සිදුවේ. සමාජ ඉගෙනුම් න්‍යායට අනූව පුද්ගලයා සමජය තුලින් දේවල් ඉගෙන ගනී. සම්භාව්‍ය ආරෝපණ න්‍යායට අනූව චර්යා ඉගෙනුමක් හෙවත් ආරෝපණයක් සිදුවන්නේ කෙසේද යන්න, සංකල්ප 4ක් යටතේ පහදයි. එනම්, ඉහළ මට්ටමේ ආරෝපණල ප්‍රබෝධක සාමාන්‍ය කරණයල ප්‍රබෝධක විභේදනයල ප්‍රතිචාර හෙවත් නිරුන්දනයයි.
මනෝ විද්‍යාත්මක පසුබිම සහ දරුවාගේ සාර්තකත්වය තව දුරටත් විස්තර කිරීමේදී සිග්මන් ප්‍රොයිඩ් ඉදිරිපත් කල ඉඩ්, ඉගෝ, සුපර් ඉගෝ න්‍යායන් ද, එරික්සන් ඉදිරිපත් කල සංවර්ධන න්‍යායන්ද, ජින් පිජෙමි යෝජනා කල න්‍යාය දර්මයන් හා අනෙකුත් ළමා සංවර්ධන පිලිබ`ද චර්යාත්මක න්‍යායන් අනූවත් පැහැදිලි වන්නේ මේ සියල්ල සාර්තක පවුලක් තුලින් සාර්තකව දරුවාට ල`ගා කර ගත හැකි බවය. එනම්, ශාරීරික, චාලක, සමාජ, සදාචාර නිර්මාණාත්මක, බුද්ධි, චිත්තවේගී, භාෂා ආදී සෑම අංශයක්ම සංවර්ධනය වු දරුවකු නිර්මානය කිරීමේ ධනාත්මක පසුබිමක්, ඉහත මනෝ විද්‍යාත්මක න්‍යායන් තුලින් සපයයි. පවුල සාර්තක වීම ඒ ස`දහා ආශිර්වාදයකි.
වර්තමානයේ දරුවන්ගේ කායික, මානසික, සාමාජීය යහපැවත්මේ තත්ත්වය
සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්තයන්ට අනූව, ලංකාවේ දරුවන්ගේ සෞඛ්‍යය තත්වය අනෙකුත් කලාපීය රටවලට සාපෙක්ෂව ඉහල මට්ටමක පවති. නමුත් පූර්ණ සංවර්ධිත තත්වයට ලගා වූ දරුවන්ගේ ප්‍රතිශතය ඉතා අඩුය. කායික, මානශික, සාමාජීය යහපැවත්ම ලෙස විස්තර කරන සෞඛ්‍ය, ලංකාවේ දරුවන්ගේ සතුටුවිය හැකි මට්ටමක ඇතත් එහි දියුණු කල යුතු තැන් බොහෝය. මනෝ විද්‍යාත්මක ක්‍රමවේද හරහා, දැනට රාජ්‍ය හා පෞද්ගලික අංශ මගින් සිදුකරන මැදිහත් වීම් වල අඩුවක් ඇති අතර, පවුල් ආයතනය ඒවා සදහා යොදා ගැනීමේ දුර්වලතාද පවතී.
මනෝ විද්‍යාත්මක පසුබිම තුල වර්තමාන දරුවන් සාර්තක මාවතකට යොමු කිරීමට පවුල පදනම් කර ගත් මැදිහත් වීම් තව දුරටත් අවශ්‍ය වන අතර පවතින මැදිහත්වීම් සංවර්ධනය විය යුතුයග මීට හේතුව නම්, පවුල සාර්තක වන තරමට, සාර්තක දරුවකු නිර්මාණය කර ගත හැකි වීමය.
පවුලක් තුල ක්‍රියාකාරීත්වය කොතරම් දුරට, දරුවාට බලපෑමක් වේද යන්න, ඩොරති ලෝ නෝල්ට් ලියන ලද ක‍යසකාරුබ ඛැ්රබ උය්එ ඔයැහ ඛසඩැ කෘතියෙහි මනා ලෙස දක්වා ඇත. දරුවන්ගේ ලෝකය ලෙස අනුවර්තනය කල එහි ප්‍රසිද්ධ පද පෙලක් මෙසේ සදහන් කල හැකිය.

ර්‍ලක් වුවහොත් දෝෂාරෝපණයට නිතියෙන් - නිසැක උගනිති හෙළා දකින්නට....
වැඩුනොත් නිතියෙන් අමිතුරු පරිසරයක- නිසැකව උගනිති කලහ කරන්නට...
දිවි ගෙවන්න වුවහොත් නිතියෙන් අනුකම්පාවට - නිසැකව උගනිති ආත්මානුකම්පාවට..
ලක් වුවහොත් නිතියෙන් අපහාසය වෙත- නිසැකව උගනිති ලජ්ජා වන්නට
බදුන් වුවහොත් නිති ඊර්ෂ්‍යාවට - නිසැකව උගනිති ඊර්ෂ්‍යා කරන්නට....
පත් වුවහොත් ලජ්ජාවට නිතියෙන් - නිසැකව උගනිති සිතුවිලි වරදකාරි වූ...
ලක් වුවහොත් දිරි දීමට නිතියෙන්, - ආත්ම ධෛර්යය උගනිති නිසැකව
සැලකීමට ලැබුණහොත් ඉවසීමෙන් යුතු - උගනිති ඉවසීමත් නිති නිසැකව
බදුන් වුවහොත් නිතියෙන් පිලිගැනීමට - නිසැකව උගනිති ආදරය කරන්නට
ලක් වුවහොත් අනුමැතියට - නිතියෙන් තමන් අගය කරනට නිති උගනිති
ලක් වුවහොත් ඇගයීමට ඔවුන්ගේ පෞරුෂය - උගනිති ඇවැසි බව ඉලක්කයක් සිය දිවියට
හුරු කලහොත් නිතියෙත් ඛෙදා හදා ගන්නට - උගනිති නිසැකව ත්‍යාගශීලී බව...
ලදහොත් ආදරය, කරුණාව හා අවධානය - උගනිති නිසැකව සාධාරණ බව
වැඩෙතොත් පරිසරයක ආරක්ෂිත - උගනිති නිසැකව ආත්ම විස්වාශය
ලදහොත් සෙනෙහස ගුරු දෙගුරුන්ගෙන් උගනිති - හදුනති ලෝකය මිත්‍රශීලී වූ පසන් තැනක් බව

(ගුණසේකර ඩි. සහ ගුණසේකර එම්. ඊ., 2002)

References

About.com Sociology (2013) Symbolic Interaction Theory, [Online] Available from: http://sociology.about.com/od/Sociological-Theory/a/Symbolic-Interaction-Theory.htm [Accessed 20 March 2013]

Answers Corporation (2013) What are the functions of a family [Online] Available from: http://  [Accessed 22 March 2013)

ගුණසේකර ඩි. සහ ගුණසේකර එම්. ඊ., (2002) දරුවන්ගේ ලෝකයල විජේසූරිය ග්‍රන්ථ කෙන්ද්‍රය

Saturday, March 23, 2013

විද්වත් ඇස - 2 - යහ පැවත්ම


සෞඛ්‍යය යන අදහස තරමක් අපැහැදිලි එකකි. ඒ පිලිබදව නිර්වචනයන් බොහෝමයකි. සෞඛ්‍යය යන අදහස පිලිබදව පවතින නොයෙකුත් අවබෝද අතුරින් වඩාත් බලපෑමක් ඇත්තේ සහ බලයක් උසුලන්නේ වෛද්‍ය අකෘතියයි. ප‍ටු අරුතකින් සෞඛ්්‍ය යන්න දකින්නේ මෙම අකෘතිය තුලයි. වෛද්‍ය අකෘතියට අනුව පුද්ගලයාගේ සෞඛ්‍යය ශරීරයේ ඉන්ද්‍රියන් හා ඊටත් කුඩා වූ කොටස් තුල විසිරී පවතී. ශරීරය යන්ත්‍රයක් නම්, එහි විවිධ කොටස් හෙවත් අවයව සතු‍ටුදායකව වෙන්ව ක්‍රියා කරයි නම් සමස්ත ශරීරය නැතහොත් පුද්ගලයා සෞඛ්‍යයමත්ය. රෝගයක් ඇති වූ විට හෙවත් ශ්‍රීරයේ ක්‍රියාකාරිත්වය අකර්මන්ය වූ විට අදාල දෝෂය හෝ කොටස නැවත සාමාන්‍ය තත්වයට ගෙන ඒමට ප්‍රතිකාර මගින් පියවර ගැනේ. ව්‍යාකූල වූ අවයව හෝ ක්‍රියාකාරකම් එකිනෙක වෙනස් රෝග ලෙස වර්ගීකරනය කෙරේ. මෙම ව්‍යාකූලත්වය නිවැරදි කිරීම හෙවත් රෝගී ආයවය නැවත සාමාන්‍ය තත්වයට පත් කිරීම සැලකෙන්නේ වෛද්‍ය ප්‍රතිකාර ලෙසයි. රෝගවලට ප්‍රතිකාර කිරීමේන් ඔබ්බට වෛද්‍ය ආකෘතිය තුල ඉඩ ඇත්තේ රෝග වැලක්ක්වීම දක්වා පමනී.

වෛද්‍ය අකෘතිය පදනම් කරගත් අදහසට අනූව සෞඛ්‍ය වන්නේ රෝගයක් නො තිබීම හෙවත් නීරොගී බවය. ලෝක සෞඛ්‍ය සංවිධනය ආරම්භයේදී වුවද සෞඛ්‍ය පිලිබදව ‍තෝරාගත් අර්තකතනයෙහි මීට වඩා පුලුල් යමක් විය. රෝග නැතිකම පානක් නොව ශාරීරික, මානශික, හා සමාජීය සුවතාවයඩ සෞඛයේ අන්තර්ගත් බව එහි ආරම්භක ප්‍රකාශයේ සදහන් වේ..

එහෙත් මෙම් යහපවත්ම හෝ සුවතාවය කුමක්ද යන්න එකල්හී පැහැදිලි කෙරුනේ නැත. නීරෝගී බවට වැඩි යමක්, හෝ ධන ලක්ෂණ වර්ධනයක් සෞඛ්‍ය යන්නේ අන්තර්ගත බව සදහන් වූවත් මෙහි අපැහැදිලිතවය ක්ෂත්‍රයේ නියලෙන ක්‍රියාකරීන්ට අපහසුවක් වීය.
පුලුල් හෙවත් අංග සම්පූර්න අයුරින් පුද්ගලය දැකීමේ වැදගත්කම සලක බලා අපහැදිලි වූවද මෙම අර්තකතනය පිලිගැනීමකට හ යම් තාක් දුරකට ප්‍රසාදය ඩ ලක්ව ඇත. එහෙත් එකගත්වය නොමැති ඇවින් ඇතිවන දුෂ්කරත විසදෙමින් යන්නේ සෙමිනි. මෙම විසදුම් අතර එකක් වන්නේ සෞඛ්‍ය මත් බව පවතින මට්ටමක් ලෙස නොව දියුණුවන ක්‍රියාවලියක් ලෙස දැකීමයි. විභවයක් ලෙස සෞඛය හදින්වීම තවත් විසදුමකි. තුන්වැන්න වන්නේ ධන අංශයේ ප්‍රගතිය ලෙස සැලකෙන දෑ කවරේදැයි යන්න තීන්දු කර ඒ පිලිබද එකගත්වය පුලුල් කර ගැනීමයි.


(Samarasingha D. et al, 2011)

සිතක සේයා -