Saturday, January 5, 2013

සිතක සේයා... 64




කාස්ටකෙට.. වේලිච්ච් පොලව,
කරස් කරස් ගාලා කොටන කොට..
අප්පච්චිගේ ඇස් අහස දිහා බලාගෙන....
වතුර ඉල්ලලා.. කෑ ගැහුවා......

ඒත් අවාරෙට ආව වැස්සකින්...
හේදිලා, ගිය...
එලවලු කො‍ටුව දිහා බලන්
අප්පච්චිගේ ඇස්....
අදත් අහසින් මොනවද ඉල්ලනවා....

ඒ ඇස් දිහා බලන් ඉන්න මට බෑ....
මගෙ අප්පච්චිගේ ඇස් වල කදුලු පිරිල...

අන්තිමේදි මං...
මේ අහසින් ඉල්ලන්නේ..
ආයෙම සැරයක් මගේ අප්පච්චිව
රිදවන්න එපා....
ඒ රත්තරන් ඇස් දෙකේ කදුලු...
මන් කොහොමද අයෙම බලන්නේ..
.

No comments:

Post a Comment

සිතක සේයා -