Tuesday, November 23, 2010

පුරා පොහොයට වරක් වදිනා කැලනි විහාරෙට
එදත් අවා එගොඩ වන්නට පුරුදු තොටු පලට
මෙගොඩ වන්නට පාරුවෙන් යන සියලු නඩ වලට
ඔබත් පැතුවා මටත් මතකයි තුන් සරනෙ පිහිට..........

සුදෝ සුදුවට කිරි කලත් ගෙන වෙහෙර මම වදිනා
එතෙර වන්නට සසර කතරින් පැතුම් මම පතනා
පාරු කොනේ හිදි නුබ කොහේදැයි සිතට වද දුන්නා
නොදැන මාගේ දෙ අත් අතරින් කිරි කලෙත් වැටුනා.......

ගන් දෑල නිසල වී ගලනවා තවමත්
පොහොය සද නුබ පුරා දිලෙනවා කවදත්
නුබ සොයා මගේ සිත රිදෙනවා තවමත්
තරු වරන ආකහට එන්නෙ නෑ ආයෙත්.........

No comments:

Post a Comment

සිතක සේයා -