සිත සුවපත් කරන.. සන්හිදියා තැන්නෙ දැහන් ගතවන නිමේශය........
Sunday, December 30, 2012
මම රෑ ඉර පානට ගොඩ උනේ අහම්බෙන් වගේ
රෑ 8ට විතර ඇති වෙලාව. ඒ ලයිට් ගියපු හුදෙකලා වුනු පාළු රාත්රියක්. මහා දුකක් හිතේ හිරවෙලා තිබ්බා. මම දුරකතනයත් අරන් ඇඳට ගියේ එකේ ගුවන් විදුලිය ක්රියාත්මක කරලා සින්දුවක් අහන්න කියලා හිතාගෙන.. ගොඩක් වෙලාවට මන් අහන්නේ දෙරන... එදත් පොන් එකේ එෆ් එම් එක දෙරනට සුසර වෙලා තිබුනා.. මට ඇහෙනවා අපූරු ගීතයක්. ඒක ඉවරයි. ඔන්න එතකොට පුරුදු කට හඬකින් අපූරු කතනයක් ඇහෙනවා.
මම රෑ ඉර පානට ගොඩ උනේ අහම්බෙන් වගේ. ඒ කොහොම උනත් මම ඒ වෑඩසටහනට ටිකක් වෙලා සවන් දීගෙන හිටියා ටික වෙලවක් ,මට මේ වෙලවෙ වචන එන්නෙ නෑ ඒ ගෑන විස්තර කරන්න.........අන්තිමට මම ඒකට අබ්බෑහි උනා ....... මොකද කියන්න තාම තේරෙන්නෙ නෑ. රෑ ඉරපානට හැමදාමත් ආදරෙයි.
මට තාමත් හිතාගන්න බැරි... මගේ හිතත් අපූරුවට කියෙව්වේ කොහොමද කියලා..............
බන්දුල අංකල්ට.... දීර්ඝායුශ ලැබේවා
"ලොවම එපා වී ලොවම කලකිරි තැවි දැවි හිඳිනා වෙලාවෙ, ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ.." කියලා මටත් හිතුනා.. දුක, ශෝකය සේරම අතුරුදහන් වුනා වගේ...."
Tuesday, December 25, 2012
සිතක සේයා..... 61
වාවගන්න බෑ හිත තවත්...
මේ උදුවප් අහස තරම්...
කලුවරයි... මගෙ හිතත්.....
ඔබ අවොත්..හිත ලගට තව වරක්...
කෙවෙනි තෙමන, කදුලු නෑ තවත්...
එක වරම ඔබ දුර ගිහින්
කිවූ හැටි දුර ගිය බවක්...
හිත පුරා ඇදපු මතකයත්,
රිදවනවා හිත මගේ තව තවත්...
ආයෙම දවසක, එන බවක්..
හිත කියනව, මගෙ තාමත්....
ඒත්.. නුබ නාවත්...
හදාගන්න මගෙ හිත...
එදා වගේම කතාකරපන්
තව…… එක වරක්.....
Prabhath Wijitha
සිතක සේයා..... 61
වාවගන්න බෑ හිත තවත්...
මේ උදුවප් අහස තරම්...
කලුවරයි... මගෙ හිතත්.....
ඔබ අවොත්..හිත ලගට තව වරක්...
කෙවෙනි තෙමන, කදුලු නෑ තවත්...
එක වරම ඔබ දුර ගිහින්
කිවූ හැටි දුර ගිය බවක්...
හිත පුරා ඇදපු මතකයත්,
රිදවනවා හිත මගේ තව තවත්...
ආයෙම දවසක, එන බවක්..
හිත කියනව, මගෙ තාමත්....
ඒත්.. නුබ නාවත්...
හදාගන්න මගෙ හිත...
එදා වගේම කතාකරපන්
තව…… එක වරක්.....
Prabhath Wijitha
Monday, October 29, 2012
සිතක සේයා.... 59
මා කවුදැයි කියා.. නාසන්න...
මා නුබ දැක සිටියේ නැත...
එහෙත් මා නුබට ආදරය කලෙමි...
මා කවුදැයි කියා... නාසන්න...
මා නුබ දැක සිටියේ නැත..
එහෙත් මා නුබ හදුනා ගතිමි...
මා කවුදැයි කියා... නාසන්න...
මා නුබ දැක සිටියේ නැත..
එහෙත් මා සිත නුබව විමසූවෙමි...
මා කවුදැයි කියා... නාසන්න...
මා නුබ දැක සිටියේ නැත..
එහෙත් මා නුබට සහෝදරයෙක් වූයෙමි...
මා කවුදැයි කියා අසන්න....
එහෙත්... මාගෙන් නොව..නුබේ හදවතින්....
නුබේ හදවත කී දෙය විශ්වාස කරන්න...
නුබ - මා ගැන...
මාද නොදන්නා දෙයක් ඇත...
මට කියන්න...
මා නුබගේ කවුද...... ?
Sunday, October 28, 2012
සිතක සේයා....58
අපේ ගැන නොකියා...
අනුන් සිත් කියවා...
මා... ලියු කවි පද.......
දහසකුත් වර....
ඇත... ඔබේ නෙතු හඩවා...
ලියු කවි පද කියවා......
"කෙනෙක් ඇසුවාලූ... ලොවේ....
ඇයිද ඔබ- මා වෙන කලේ..."
හිතක වත් නැති.. විරහවක්.. ගැන
ඔවුන් ඇයි.. ඔබගෙන් විමසුම් කලේ..
පෙරදා කිවු.. සේ...ඔබට මා....
සිතැති විය... ලොවට කියන්නට...
" ඔබමයි ජීවය මගේ...
ජීවත් කරන ආදරය මගේ..හදවතේ රිද්මය මගේ..."
කවි සිතක් නොහදුනන.. උනුන් බස් අසලා..
ඔය හිතට දුක හින්දා..කවි සිතම මා..වලදා..
අවසාන පද පෙල..
නුබ නමින් ලිව්වා.....
Thursday, October 18, 2012
Subscribe to:
Posts (Atom)



.jpg)
