Monday, September 24, 2012

සිතක සේයා.. 54


කලා වැව - හිදුනා වගේ, හිත
ඉඩොරෙට, වියලිලා ගියා...

තෙතමනය - ආදර හිතට එනකන්,
බලා ඉන්නේ මන්
අකල් වැස්සක්වත් සොයා......

සේපාලිකා, මල් ඔහේ වැටිලා..
වියලි තන අග එලියක් කලා..
ලොවට හොරෙන්,
සුවද විතරක් - අරන්,
රහසෙම මල් සිත්
හැර දමා ගියා......

සෙව්වත් අයෙක්..
මලක් වන් තුරු හිස -පිපි, උසින්
කෙනෙක් නෙත නොදු‍ටු....

හිතන්නත් බෑ ඒ ගැන..
තලා දැමූ තරම් මල් සිත්..
පෙර දින - බොලද ආදරය
හැගීමක් වෙලා, සිත පුරා....




Wednesday, August 22, 2012

සිතක සේයා... 53


හඩන සිත තනි කරන්...
කෙවෙනි ඉවුරෙන්...
දෝර ගලනවා කදුලු...
කෙනෙක් නෑ ලග අස්වසන්නට..

පෙරදා ලගින් හිටි උන්
හැර දමා ගොසින් මා....
ආයෙම නො එන්නට - මා සමග
පිට එකෙක් ගානට හැර....

Thursday, August 9, 2012


සිතක සේයා..... 52


තනි තරුවකට පෙම් බැන්දෙමි....
කාටවත් නොපෙනුන..ඈත ගගනත...

සදවතටත් වඩා හිතේ උන්නෙමි...
නුබ, ලැගුම් ලා, සිතේ පතුලක.....

දෙනෙත්, නුබ දෙසම අයා සිටියෙමි...
‍රැය දිගු වුනා සේ දැනුනි දෙනෙතට....

නැගෙනහිර අහසට හිරු උදා උනි
නුබ කාටත් හොරා.. ගොස් තිබුනි.. අතරමං කර මා සිත....

ප්‍රභාත්

Monday, August 6, 2012


සිතක සේයා... 51

නිකිනි සදේ සද දිය ‍රැලි...
දලදා වදින්න
නුවර වැවට ඇවිදින්
නිල් මානෙල් මල් සුවදින්...
සිල් සුවදට තැන්පත් සිත...
මුදු සුවදේ බොහෝ දුර ගිහින්....

ගෙවා ආ ගව් ගනන් සසරේ...
සිත නිවා සනසන.. ගිමන් හලට ඇවිදින්...

දලදා ‍රැස් වැඩි අහසට
නෙත් අයාන බලා හිදිමි...
බහිරව කන්දට ඉහලින්
තෙමනා තුරු වියලුනු සිත..
අමා සුවය ගෙනදුන්
ලොව්තුරු බුදු සදහම් සිසිලෙන්.....

සිතක සේයා -