Monday, February 27, 2012

සිතක සේයා.... 40


රූප පෙට්ටියට - යසස් පොදි බැද.....
පන්සලට... පල්ලියට..... කොවිලට.....
පහන් සිත දල්වාන...
එක විලස දණ හොවා වැද......
සැබෑවක් මවන....

මිනිසුන් නිසා, සිය පවුල දිවි රකින....

සත් මහල් ප්‍රාසාදයෙන් බැස...
වසර හතර - පහකට වරක් එන...
අපේ ගමේ මන්ත්‍රිතුමන්ට.....
දුප්පත් කම විකුණු හැටි

අනේ අපේ ගමේ උන් තව සැරයක්....

Friday, February 24, 2012

සිතක සේයා..... 39


" ඉස්පිරිතාලේ කොරිඩොවේ - බිම ඉදන්...
මහ කලුවරේ... හිතේ බයට...
මේ ලොකේ එලිය දු‍ටුව දවසේ..
ඔය රත්තරන් ඇස් දෙකෙන්..
කදුලු වැ‍ටුනා, කියල මන් දන්නව තාත්තේ...

අතේ කර ගැට- කරේ, තැලුම් රිදුම් දෙද්දිත්...
හේනේ- කුම්බුරේ, කො‍ටුව ‍රැක්කෙත්..
මයේ බඩ ගිණි නිවන්න කියල..
මම දන්නව තාත්තේ..

මායිම් ගමට ඇත, වෙඩි හඩ් අහෙද්දි...
ඔය ඇස් දෙක වගෙ- ‍රැක ගෙන..
පපුවේ තුරුල් කරන්-
මහ කැලේට දුවපු හැටිත් මන් දන්නව තාත්තේ...

ජීවිතයේ හැම නගිටීමකදිම...
නුබ දුන්නු ශක්තිය... අද ලොකේ දිනන්න
නුබේ පුතාට දැනුන එකම ශක්තිය කියලත්...
මම දන්නව තාත්තේ....

මේ ගෙවුන හැම දවසකම වගෙම
අදත්, හෙටත්..
මන් පතන්නේ- හැම උපදින ආත්මයකම
තාත්තා මගෙම වෙන්න කියල...
ඒ ඇයි දන්නවද?

ඒ හැම බවයකදිම තාත්තට සැලකුවත්....
මට මදි නිසා.....""

Sunday, January 8, 2012

සිතක සේයා.... 38

පසලොස්වක අහස
විසල් පුරට වැඩි මුත්...

අකම්පස් කලුවරින්
පිරී ගොස් නෙත් සිත්....

දහම් වැසි කුලුනු ස්වරයෙන්
අසනි වැසි සේ බට මුත්...

තෙමලනු බෑ... බුදු හිමියනේ
ඉරිතලාගිය උනුන් හිත්....

Saturday, January 7, 2012

සිතක සේයා..... 37

සිත කිදා ගොස් ගොම්මනේ,
ඉරා සද රැස - ලොවට රහසේ...

නෙත් අයන්, සොයමින් කෙනෙක්
තනිවෙලා නුබ.. මාවතේ....

කාසි වෙනුවෙන්, සින්නකර,
ජීවිතය, නුබ සිය දහස් වර...

වින්දනය ලැබූවන් පවා,
අවමන් කරයි, හිද මහ මැදුරු වල....

දියණියක්, සොයුරියක්, මවක් වී..
ප්‍රේමයක් නොලද - ලොවක
විසදුමක් නැති, ඉරණමක
නතු වෙලා...
සිය දහස් වර තැවෙන, දැවෙන......................

සිතක සේයා.... 36

සදක සිසිලස දැනුන මතකය
හැගුන සද, සිත හාද වී.......

එකම තරුවක් වෙලා ඉන්නට
ආදරෙන්, හදවතේ පේ වී....

සිතේ සරි සැරූ මගේ සදවත
ලගට ලන්වී, වාත් වී....

ඉදිමි නුබ ලග, සතපු සිහිනයේ
නුබ ලගම අද සබෑවක් වී.....

Friday, December 9, 2011

සිතක සේයා... 35

අත් පසුර විහිදුවා - සිත් හසර
වසන්තයේ වස්සානයට - මල් වර වූ නුබ
එබිකම් කල මනමාල, කැල්මන්ට
සුලන් කෝඩයේ මුවා කල
බොලද සිතුවිලි බිජු.....
ඉකිරී වැද පසෙන්නට වපුලා..
බොල් පොලවක...

බලා හිදී නුබ..
මල් කෙමිය අත් දරන් - හිත් පෝරු මස්තකේ
වැයෙන සිලෝ අස්ටක හඩෙහි කිමිද.
අසරණව සංශයෙන්..

නුබට කියන්නට සිත් විය...

මීදුම් පිනි වැද - පිපෙන කැකුලු මත
රොන සිදින උන් බොහෝමැයි මේ වන පස.
කිති කැවෙන උනුහුමට දැවට
සිද ගනී කැකුලු පෙති
මන් මුලාව...

එහෙත්..
සිදුව අහවර - එහි පැහය මිස..
සුවදක් නොදැනේවී කිසි විටක...

සිතක සේයා... 34

සද නුබ එකලු වී - මදහසත් තුරුලු කර
පිනි බිදකට කැටි කර - මද පවනේ වෙලා
නුබ එවු සෙනහස - සුපිපිලා මගේ හිතේ

එහි සුවද   විද ගන්න ඉඩක් ඇති මුත්
එ සිහිලට තැවරෙන්න
බලන් ඉදිමි මා
නුබ එනතුරු.....

සිතක සේයා -