ලෝකයේ සියලුම රටවල් සිය අනන්‍යතාවය පෙන්වීම සදහා ජාතික ධජයන් ඒ ඒ රටවල් විසින් නිර්මාණය කර තිබේ. එය රටවල් වල උදාර සංකේතය වේ. ශ්‍රී ලාංකික අප නියෝජනය වන්නේ සිංහ ධජයෙනි. 1986 අගෝස්තු මාසයේ දී ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් අනුමත කර ඉදිරිපත් කර ඇති රීති මාලාව ශ්‍රී ලාංකික ජාතික කොඩිය පිලිබදව දැනට බලපැවත්වේ.
ජාතික කොඩියේ නිරූපණය වන සිංහයා පුරාණ රාජකීය කොඩිය ඇසුරෙන් යෙදෙන්නකි. 1951 වසර තෙක් ශ්‍රී ලාංකික අපගේ රාජ්‍ය උත්සව වලදී ඔසවනු ලැබූයේ බ්‍රිතන්‍ය කොඩියයි. රජය විසින් පත් කරන ලද 7 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක නිර්දේෂ අනූව 1951 මාර්තු මාසයේ 2 වන දින වර්තමාන ජාතික ධජය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පිළිගෙන සම්මත කර ගන්නා ලදී.
ශ්‍රී ලංකා ජාතික කොඩියේ මුලට ඇති කොල පාට තීරුවෙන් මුස්ලිම් ජාතීන් නිරුපණය වන අතර තැඹිලි පාට තීරුවෙන් දමිළ ජාතීන් නිරූපනය වේ. රතු පසු තලයක මැද සුරතින් අසිපතක් ගත් කහපාට සිංහ රූපයක් හදුනා ගතහැකි අතර සිංහ තේජස උත්තරීතර සහ සින්හල ජාතියේ සංකේතය ලෙස විග්‍රහ වේ. රතු පසුතලය සිවු කොණේ කහ පැහැති බො කොළ 4ක් වන අතර ඒවා බුදු දහමේ දැක්වෙන, මෙත්ත, කරුණ, මුදිත සහ උපෙක්ක්ශා යන සතර බ්‍රහ්ම විහරණ සංකේතවත් වේ. සිංහ කොඩියේ මුල් කාලයේදී මෙම බො කොල 4 වෙනුවට බීරලු 4ක් යොද ගෙන තිබුණි. සිංහයා කහ පාටින් නිරුපනය කර ඇත්තේ සාමයට, ජාතියේ ඇති සහජ ලැදි කම හෙවත් දැහැමි කමයි. සිංහයා සිටින තද රතු පැහැ පසු බිමෙන් සමෘධිමත් භාවය දක්වයි.
සිංහයාගේ අතේ වන අසිපත ආරක්ශක ආයුධයක් වන අතර, එය ඉහලට එසවීමෙන් ජාතියේ ස්වාධීන බව මෙන්ම උත්තරීතර බව විදහා පායි. මෙම අසිපත දකුණු අතෙ තිබීමෙන් නිරූපණය වන්නේ ආරක්ශාවට සිටීම සහ යුක්ති සහගත බවයි. පාද තුනෙන් අසිපත දරා සිටින සිංහයා මගින් තුන් සිංහලය එක්සත් කල බව සංකේතවත්න් කෙරේ. සිංහයාගේ හිසේ උඩ මට්ටමෙන් වලිගය ඉදිරියට පමිණ නැවත එක සමාන මට්ටමින් පසුපසට කරකී ගොස් තිබීමෙන් නිරූපණය වන්නේ රාජ්‍ය පාලකයා සහ රටවැසියා එක සමාන ව සලකා රට පාලනය කල යුතු අන්දමයි.
ජාතික ධජය එසවීම..
ජාතික ධජය එසවීමේදී කණඩායම සීරුවෙන් සිටිය යුතු අතර, සෘජුව තම ඉදිරිය බලා සිටිය යුතු වේ. ජාතික ගීය ගැයීමෙන් අනතුරුව හිස පමණක් පහත් කර ඊට ගෞරව දැක්විය යුතුවේ. ජාතික කොඩිය වෙනත් කොඩි කිහිපයක් සමග ඔසවන්නේ නම්, ජාතික කොඩිය සැම විටම දකුණු අන්තයේ තැබිය යුතුවේ. එසේම අනිත් කොඩි ජාතික කොඩියට පහලින් තැබිය යුතුය. වෙනත් රටවල ජාතික කොඩි සමග ඔසවන්නෙ නම් සියලුම කොඩි සම මට්ටමෙන් එසවිය යුතුවේ. ආගමික කොඩි ප්‍රදර්සනය කල යුත්තේ ජාතික කොඩියට සමාන උසකිනි. සාමන්‍යෙන් ජාතික කොඩිය රාත්‍රියේ ඔසවා නොතබන අතර අදුර පැමිණීමත් සමගම ජාතික කොඩිය ගලවා දමා පසු දින වැඩ ආරම්භ කරන විට නැවත ඔසවා තැබිය හැක. යම් ගොඩනැගිල්ලක ජාතික කොඩිය රාත්‍රියක ඔසවා තනන්නේ නම්, එයට විදුලි ආලොකය සැපයිය යුතුයි.
ජාතික ශෝක දින වලදී ජාතික කොඩිය අඩ කුබු කරන අතර, එහිදී ජතික කොඩිය මුලින් උපරිම ඔසවා, නැවත කණුවේ 3/4 ක් වන මට්ටමේ ඔසවා තැබිය යුතුය.
ජාතික කොඩියේ ප්‍රමාණය
කොඩියේ ප්‍රමාණය දිග පළල මෙන් දෙගුණයක් විය යුතුය. රාමුව හැර සෙසු තීරයන් 1:1:5 යන පරිමාණයට අනූව සැකසිය යුතු වේ.