Friday, July 25, 2014

සිතක සේයා - කෙටි කතාව - 2

ස්වෙත මීදුමින් තවමත් අවට අදුර වෙලා ගොස් ඇත. තැනින් තැන දැල්වෙන විදුලි පහන් අතරින් මීදුමේ අපුරුව මනා ලෙස ඔනෑම අයෙක්ගේ නෙත් ග්රහනයට නතුවේ.

සිසිල් සුලගකින් වරින් වර ගත හොවා ගන්නා තුරු ලතා පෙලින් නැගෙන මිහිරි හඩට පරිසරයේ නිහඩතාව මොහොතින් මොහොත බිදී යයි. එහි අපූර්වත්වය නම්, එම හඩෙහි ඇති උස් පහත් වන නැලවිලි තාලයන්ය. 

පෙරදා ඇද හැලුනු මද වැස්සට ප්රාණවත් වූ නිල නිවාසය අවට මල් පැල කිහිපය, තව මොහොතකින් පූදින්නට බලන් ඉදින පොහොට්ටු කිහිපයකින් සැරසී ඇති අපුරුව දකින්නට නම් මෙවැනි මොහොතක කවදාක හෝ අත් විදීමක් අවශයමය.

මා රාජකරියට වාර්තා කල යුත්තෙ උදෑසන 6ට උවත්, 5.45 වන විටත් මා කාමරයෙන් නික්මී අවුත් හමාරය. සුපුරුදු පරිදි, මිදුලේ කොනක ගොඩ නැගුනු පුන්චි හට් එකට වී පරිසරයේ සුන්දරත්වය විදීමට විනාඩි කිහිපයක් ගතිමි.

" ගුඩ් මොර්නින්ග් මල්ලි"

" ආයුබෝවන් ප්රියදර්ශනි අක්කේ.. ගුඩ් මොර්නින්ග්....

" මල්ලි අද උදේ ශිෆ්ට් එකද"

" ඔව් අක්කේ.."

" යන්ද අත්සන් කරලා එන්න... අතුලෙ ඉන්න අයත් ටිකකින් ඒවි.. කොයි වෙලෙද යන්නේ බලන් ඉන්නෙ... නයිට් ශිෆ්ට් එකේ අය. "

..........................................................

මීදුම අතරින් හීනීයට වැටුන හිරි පොදින් ඇගම කිති කෑවී යන්නා සේය. කොහේදො සිට ආ කම්මැලි කමක් මොහොතකට දැනින්. එහෙත් මොහොතකින් මා නැගිට සිටියෙමි.

..........................................................

සේවා ලාබීන් සියල්ලම අවදි වී උදෑසන අවදිව ආගමික කටයුතුවල යෙදෙනු පෙනින. මාද ඔවුන් අතරට එක් වුයේ උදෑසනම වැඩ අරබන දින වලදී පමනක් මෙවනි අවස්තවක් ලැබෙන නිසයි. සියලුම ආගම් වලට අදාල පූජා කටයුතු ඔවුන් විසින්ම කරන අයුරු අපුරුය.
...........................................................

විශ්ව විද්යාලයෙන් අවසන් වසර සමත්ව දින කිහිපයක් ගෙවුණු දින, මත් ද්රවය වලට ඇබ්බහි වන් සදහා, ප්රෙතිකාර හා පුනරුත්තාපන ආයතනයක උපදෙශක සහයකයෙකු වීමට මට හැකියාව ලැබිනි. එහෙත් දිගු කාලයක් එහි සිටීමට නොහැකි විය.

................................................................................

පිරිස භාවනාවේ අවසානයෙ දෙනෙත් පියා ගෙන මොහොතක් සිටීම පුරුද්දක් වී තිබින. මා ඒ අතර හඩ අවදි කලෙමි.

" සියලුම දෙනාට සුභ උදෑසනක්.."
"සුභ උදෑසනක් සර්..."
" අපි හිතමු මෙතන එහා පත්තේ ලොකු කන්දක් තියනවා කියලා.. මම කියනවා ඔයාලට ඒ කන්ද පාමුල තියෙන පුන්චි විලකින්, කන්ද උඩ තියෙන කලයකට වතුර පුරවන්න කියල පොඩි බල්දියක් දීලා.... පුලුවන් වෙයිද..?"

" පුලුවන් සර්... දවස් නම් ගොඩක් යයි... "

" හොදයි... මන් දුන්නොත් හිල්වුන බල්දියක්.... "

"තෙරුමක් නැති වැඩක්... කන්ද උඩට යන්න කලින් වතුර ටික ගිහින් තියෙයි බාල්දියෙන් "

" ම්... ම්... අපි අද පත් වෙල ඉන්නෙත් ඒ වගේ තත්වයකට තමයි... අපිට අපේ ජීවිතයේ සාර්තකත්වය කන්දක් වගේ උසට ගිහින්. ඒ කන්ද නැගලා ජීවිතය දිනා ගන්න තියෙන්නේ මාස තුනයි.... හරියට අර කලේ පුරවනව වගේ වැඩක්..... ඒත් හිල් වුන බාල්දියකින්, පුරවනකොට් අසාර්තක වෙනව වගේ, අපි මේ මාස තුනත්.. අසාර්තක කර ගත්තොත් අපේ ජීවිතය තවත් ගොඩක් අසාර්තක වෙවි.... එකෙන් වෙන්නේ අපි මෙහි ඉන්න කාලෙත් අපරාදයක් වෙන එක.

" ඔව් සර්.. සර් හරී"

.........................................

මා ඔවුන් සියල්ලම එකවර ඇමතුවේ පලවෙනි වරටය. මාගේ වචන කිහිපයේ ගැබුර ඔවුන්ට අවබොද වූවා යයි මා නිශ්චය කර ගත්තේ.. මොහොතකින් ඔවුන්ගෙන් වැඩි දෙනෙක්, මා අසලට පැමින තවත් දේ අසන්නට වූ නිසාවෙනි.

ඒ ලග මොහොත යෙදී තිබුනේ, සේව ලාභීන් හට උදෑසන කායික යහපැවත්ම දියුනු කිරීමට අදාල ක්රියාවන්ය. ඒ සදහා ඔවුන් නේවාසිකාගාරයෙන් දකුනු පස පිට්ටනියට යාමට සූදානම් වූවෝය.

.............................................

" සර්.. මට සර්ව දවල් වෙලා හම්බෙන්න පුලුවන්ද ?..."

" ඔව් පුලුවන් මල්ලි.. තේ බොන වෙලාවෙන් පස්සෙ එන්න.."

ඔහු මා දුටුවේ පලමු වරටය. පෙර දින වැඩ හමාර වී මා නික්මුනු අවස්තාවක ඔහු නේවාසිකාගාරයට එන්නට ඇත.

............................................

උදෑසන තේ වෙලාවෙන් පසු මම ඔහුගේ පැමිනීම අපේක්ෂාවෙන් හට් එකට වී සිටියෙමි.

' සර්.. සර්ට කරදරයක්ද .. මම දැන් ආවොත්.. "
" නෑ මල්ලි, කරදරයක් වෙන්නේ ආවේ නැත්තන් තමයි..."

එවර ඔහුගේ මුහුන පෙනෙන නොපෙනෙන හිනාවකින් පිරී ගියේය. ඒත් සමගම දිගු සුසුමක් සලමින් ඔහු මා ඉදිරියේ වූ අසුනෙහි වාඩි වූයේය.

" මල්ලි කියටද අවේ.... "
" එයේ 5න් පස්සේ අවේ සර්... සර් හිටියේ නෑ ඒ වෙලාවේ.. මම අපෙ අම්මා එක්ක ආවේ.."

' සර් .."

"ම්..ම්ම්... ඔව් කියන්න"

" ප්රස්නයක් අහන්නද..? සර් විතරක් ඇයි මට මල්ලි කියල කතා කලේ... අනිත් අය නම කියල කතා කරේ.. එකයි ඇහුවෙ.... "

"ඕක අහන්නද දැන් ආවේ.. මන් මද හිනාවක් සමගම ඔහුගෙන් ඇසිමි.

" නෑ සර්... මන් නිකමට ඇහුවෙ... "

" හරි මමත් එහෙනම් ඔයාට නම කියලා කතා කරන්නම්.. මොකක්ද නම..."

" එහෙම නෙවේ සර්..... මම ආවේ මගේ ජීවිතේ වැරදුන තැන ගැන කතා කරන්න... මට වැරදුන විදිහ කියා ගන්න පුලුවන් කෙනෙක් මෙතන නැ.... මන් හිතුව සර් තමයි.. මේ ගැන කියලා දෙයක් ගන්න පුලුවන් කෙනා කියලා.. සර්ට පුලුවන්ද මගේ ජීවිතේ හදා ගන්න උදව් කරන්න.."

මෙතෙක් වෙලා නෙත් බිමට යොමා කතා කල අවසන, ඔහු හිස ඔසවා මගේ දෙනෙත් දෙස, බලා සිටියේ ආයාචනාත්මක ස්වරයකිනි.

" සර් දන්නවද.. මන් හොද සල්ලි තියෙන ෆැමිලි එකක.. ඒත් වැඩක් නෑ සර්.. මට වැරදිලා ඉවරයි... මගෙ සතුට මට නැති වෙලා.. දයිවය මට මෙහෙම වෙන්න ඉඩ තියල... අද මෙතන ඉන්න වයස අඩුම කෙනා මන්... "

මා නිහඩව ඔහුගේ වචන වලඩ ඉඩ දුන්නෙමි.

" බය වෙන්න එපා.. ඔයාට නැති උන දේවල් ආයෙම ගන්න පුලුවන්... අපි උත්සහ කරමු... මෙ ලැබිල තියෙන පුන්චි කාලෙන්.... "

' සර් මට උදව්වක් කරනවද.. "

" ඒ මොකක්ද කරන්න පුලුවන් දෙයක් නම්.. අනිවර්යෙන්ම කරනවා..."

" මට සර්ට අය්ය කියල කත කරන්න පුලුවන්ද.. "

" පුලුවන්... එක සුලු දෙයක් "

ක්ශනිකවම මගේ හිත සතියකට කලින් දිනයකට ආපස්සට ඇදිනි.

' මහත්තය.. මෙතන ඉන්න අය.. වැඩිය ලන් කර ගන්න එපා... මුන් රට කාලා ඉන්නේ... අපේ මේ කනින් රින්ගල.. මේ කනින් එයි... " ඒ මෙහි සේවය කල නිලදාරියෙකුගෙන් මා ලද අවවාදයකි. මන් ඊට ඔහුට පිලිතුරක් දුන්නේ නැත. එහෙත් මට ඔහුගේ අදහසට එකග විය නොහැක.

.................................................................................

" මට අයිය කිවට කමක් නෑ.. හැබැයි.. වෙන අය ඉන්න තැන එපා.... "

" හරි සර්... මන් එහෙම කියන්නම්.... "

" මට මේ විදිහට අද මෙතන ඉන්න උනේ මන් යාලු වෙලා හිටපු කෙල්ලගේ තාත්ත නිසා.... මට මේ දේවල් පුරුදු කරේ එයා.. අද මන් ඒ ගැන දුක් වෙනවා...." ඔහු කතාව ඇරබුවේ එලෙසිනි. යම් යම් තැන නතර වෙමින්, කල්පනාකරමින්.... සුසුම් ලමින්, අයාසයක් ගෙන ඔහු කතාව අවසන් කරන්නට පය 2කට ආසන්න කාලයක් ගෙන තිබිනි.

මොහොතකින් ඔහුගේ හඩ මට නෑසෙන ගනනට විය. අවසන ඔහුගේ නෙත් කදුලු වලින් පිරි ගොස් තිබින. ආයෙම ඔහු බිමට නෙත් යොමා සිටින්නට වූ අතර කදුලු බිදු මුව පුරා ගලා අවුත් වාඩි වී සිටි ඔහුගේ කකුල් අතර මැද පොලවට වැටෙන්නට විය.

' මා ඔහුව සනසන්නට උත්සහ කලේ නැත. වේදනාවෙන් වැටෙන කදුලු වලට රිසි සේ වැටෙන්නට ඔහු ඉඩ දී තිබු නිසා, මාද එවාට රිසි සේ වැටෙන්නට ඉඩ දී බලා සිටියෙමි.

“මම කදුලු බින්දුවක්..
සීතලට දැනෙන හිත රිදවන
කදුලු බින්දුවක්.

දරු ස්නේහයෙන් මවක නෙතින් ගලා හැලෙන.
පිය වියෝගයෙන් විරහිනියක ඇසින් මිදුන....
මේ කදුලු බින්දක නමක් ගමක් ලියා තියනවද.....

රලු පරලු කුරිරු හදක්, වෙඩරු වී වැගිරෙන...
ගිනි ගැනුන සෑය මල් දෙකොපුල රූරා එන...
මට එකතු වෙන්න ඔබේ ඇහෙත් කදුලු තියෙනවද...

දීපිකා ප්රියදර්ශනී මහත් මිය ගයන ඒ ගීතය ඒ ස්වරයෙන්ම, ඒ කදුලු මගෙන් ඇහුවා වැනි හැගීමක් මට දැනින. මෙතෙක්, වරින් වර අවදි කල මගේ හඩ ඔහු අස්වසාලන දිගු කතවක් බවට පත් විය.. තවත් හෝරාවක් වත් ගත වෙන්නට ඇත.

ඔහු සැහල්ලු මනසකින්, නැගිට සිට... " සර්ට ගොඩක් පින්.."

"පින මොකක්ද මල්ලි.. මේ කලේ මගේ රැකියාව... යන්නද හදන්නේ... පොඩ්ඩක් වාඩි වෙන්න…" පොඩ්ඩක් ඇස් දෙක පියා ගන්න.... මන් කියන මේ කතාව අහගන්න..."

ඊ ලග මොහොතේ මගේ හඩද තරමක, මලා නික වුවා සේ මට දැනින. මුල මැද නොගැලපෙන වචන ටිකක් ඔහු ඉදිරියේ කියවිනි..

මා කවුදැයි කියා... නාසන්න...
මා නුබ දැක සිටියේ නැත..
එහෙත් මා නුබ හදුනා ගතිමි...

මා කවුදැයි කියා... නාසන්න...
මා නුබ දැක සිටියේ නැත..
එහෙත් මා සිත නුබව විමසූවෙමි...

මා කවුදැයි කියා.. නාසන්න...
මා නුබ දැක සිටියේ නැත...
එහෙත් මා නුබට ආදරය කලෙමි...

මා කවුදැයි කියා... නාසන්න...
මා නුබ දැක සිටියේ නැත..
එහෙත් මා නුබට සහෝදරයෙක් වූයෙමි...

මා කවුදැයි කියා අසන්න....
එහෙත්... මාගෙන් නොව..නුබේ හදවතින්....
නුබේ හදවත කී දෙය විශ්වාස කරන්න...

නුබ - මා ගැන...
මාද නොදන්නා දෙයක් ඇත...
මට කියන්න...
මා නුබගේ කවුද...... ?

මා එය කියවා අවසන් වන්නටත් පෙර.. ඔහු මාගේ දෙපා ලග වැටි මට වැදපු අයුරු තවමත් මතකය. මා එවන්නක් බලපොරොත්තු නොවූවද, මාගේ නිර්ලොබි වචන කිහිපයෙන් ඔහුගේ මනස සන්සුන් වී ඇති බව මට මගේ අද්යාත්මය අදටත් සතුටු කරන්නට හේතුවක් වී ඇත.

" සර්.. මට සහෝදරයෙක් නෑ... එත් එදා මගෙ වැරදි වලට ගහන්න, මට බනින්න, හරි පාර කියන්න කෙනෙක් සහෝදරයෙක් වත් හිටියනම් මන් අද මෙතන නෑ.. අපේ අම්මඉ.. තාත්තයි සල්ලි පස්සේ ගියා... අන්තිමේදි මන් මෙතන... ඒත් දැන් මට ඉලක්කයක් තියනවා. යන්න ඕන ගමන පේනව..... ගොඩක් ස්තූතියි අය්යේ.... "

............................................

මේ මීට වසර දෙකකට කලින් සිදු වූ සිදුවීමකි. අදටත් මා සිත සමහර විටක මේ සේයාවන් පසු පස දිව යයි. මේ කතාවේ කතා නායකයා, ටික දවසකින් එම ආයතනයෙන් නිකම ගොස් තිබිනි. ඔහුගේ නික්ම යාමට පෙර මා එම ආයතනයෙන් පැමිනීම නිසා ඔහු ගැන කිසිවක් මා ඊට වඩා නොදන්නෙමි. නමුත්.. ඔහු එදා කිවූ කතාවේ මගේ හිතේ නැගුන සේයාව මෙසේ ලියා දක්වන්නට කැමත්තෙමි.

Wednesday, July 23, 2014

සිතක සේයා - කෙටි කතාව - 1

ඒ 2010 වර්ශයේ නොවැම්බර් මාසයේ දිනයකි. වෙලාව හවස 2 ට වන්නට ඇත. නිදිබර දෙනෙත් නින්දත් නොනින්දත් අතර හෝරාවකට ආසන්න කාලයක් නින්ද හා සටන් කර කුමන මොහොතකදී නින්ද ගියාදැයි මා නොදනිමි. අවදිවන විට, කොළඹ සිට නුවර දක්වා ඇදෙන පෞද්ගලික බස් රථය කෑගල්ලට ආසන්න වෙමින් පැවතින.
" අක්කේ පොඩ්ඩක් වීදුරුව එහාට කරන්න පුලුවන්ද"
මෙතෙක් වෙලා අවදි නොවු මගේ කටහඩ ඊළග මොහොතේදී අවදි කලෙමි.
" ඉන්න මල්ලි පොඩ්ඩක්" ' හරි... ඇති නේද? "
මම ඔලුව වනා.. පිලිතුරු දුනෙමි.
කොලඹින් බසයට නැගි මොහොතේ සිට තද නින්දක පසු වූයේ, මාගේ ගතද සිතද.. තද මහන්සියකින් පසු ගිය දින කිහිපය පුරාම වෙලා ගෙන සිටි නිසා විය හැකිය. පවුලේ ලග හිතවතෙකුගේ මල ගෙදරක පසු ගිය දින කිහිපයම ගත කරන්නට මා හට සිදු විය.
" මල්ලි කොහෙද යන්නේ... මෙච්චර වෙලාම නිදිනෙ.. මන් හිතුවේ සීට් එකෙන් වැටෙයි කියලා "
මට යාන්තමට හිනාවක් මතු උනද.. උත්සහයෙන් එය යට පත් කර ගන්නට වූයෙමි.
" ලැජ්ජ වෙන්න එපා.. නිදි මත උනාම ඔහොම තමයි.."
" මම නුවර යනව අක්කේ.. මාමලගෙ ගෙදර.. අක්ක කොහෙද නුවරද.. "
" අපොයි නෑ මම කලුතර"
" ම්....ම් ම්....ම්... අප අතර තරමක නිහැඩි තාවක් පැවතිනි.
" අක්ක කොහෙද මේ යන්නේ"
" මම මාලිගවට යනවා මල්ලි... අවුරුද්දට දෙසරයක් පුරුද්දට වගේ නිවාඩුවක් අරන් යනවා.. "
"මටත් ආසයි යන්න.. ගොඩක් දවසකින් යන්න බැරි උනා.."
" මල්ලිට පරක්කු වෙන්නෙ නැත්තන් ඉතින් මාත් එක්කම යන්... මමත් 5 වෙන්න කලින් මාමලගේ ගෙදර යන්න ඕන... කටුගස්තොටට.. "
" පරක්කුවක් නම් වෙන්නෙ නෑ.. ඒත්... වැඩ ගොඩයි අක්කේ.. හෙට කැම්පස් එකේ මිඩ් එක්සෑම් එකක්.. "
"දැන් මාමලගේ ගෙදර ගිහින් .. උදේ යන්න වෙලාව ඇතිද?.."
" අපොයි ඇති... එක්සෑම් හවසනේ.... මාමට අසනීපයි.. එකයි මන් මේ හදිසියෙම අවේ"
" කමක් නෑ.. මමත් එන්නම් මාලිගාවට යන්න.."
" කමක් නෑ.. ඔයාට බැරි නම් ඉන්න... මම යන්නම්.. මම කොහොමත් තනියමනේ අවේ... "
" එවර ඇගේ හඩෙහි දුක්බර ස්වභාවයක් මතුවිනි.."
මේ නන්නාදුනන ආමන්ත්රණය... පිලිබදව මා තරමක් හිතන්නට වූයේ.. ආගන්තුක සිතුවිලි ගනනාවකින්... සිත වැසී ගිය නිසයි..
මොහොතකින් මා ඇ දෙස හරුන විට.. ඇගේ ඇස් අදුරු වලාවකින් හදිසියෙම වැසී ගිය ආකාශයක් සේ අදුරු වී තිබුනු පෙනින. මොහොතකින් කදුලු බිදු කිහිපයක් නෙත් වලින් වැටෙනු යන්තමට පෙනුනද... ඇය එය සගවා ගන්නට දැරූ උත්සහයට, කලින් මා නෙත් වලට එය හසු විය.
" ඇයි අක්කේ... ඔයාට අසනීපයක් වත්ද.."
" නැ මල්ලි... මට මගෙ අතීතය මතක් උනා.. වෙනදා මන් මාලිගාවට යන්නෙ තනියම නෙවේ.. ඇය දිග හුස්මකට අවසන එකදිගට කියාගෙන ගියාය.
" කොච්චර සුන්දර උනාද ඒ කාලෙ.. "
එවර ඇගේ කටහඩ වඩාත් හැගුම්බර විය. මට ඇගේ හදවතේ අතුලාන්තය විමර්ශනය කරන්නට අවශය නැතත්, නිරායාසයෙන්ම " ඉතින් මොකද උනේ... එ සුන්දර කාලෙට" යයි කියවින.
නුවර ගුඩ්ශෙඩ් එකෙන් බස් එකෙන් බහිනට් තුරුම ඈ ඇගේ කතාව අවසානයක් දක්වා කියවන්නට වුවාය. මා ඇගේ කතාවේ සෑම වචනයක්ම ග්‍රහනය කර ගත්තේ ඇය වෙනුවෙන් යමක් කල හැකිදැයි නිශ්චය කර ගැනිමටය.
කවදාවත් දැක නැති.. මා හට මෙසේ ඇගේ පෞද්ගලිකත්වය විවෘත කලේ ඇයි දැයි මා නොදනිමි. මා ඒ පිලිබදව ඇගෙන් විමසුවෙද නැත.
" නුවර වැවේ අයින දිගේ අපි මදක් ඇවිද අවෙමු. " මෙතනදි තමයි.. එයා මට ඉස්ස්ල්ලම මුන ගැහුනේ... ජීවිතේ හරි පුදුමයි මල්ලි... "
ඇය නැවතත් ඉකිබිදින්නට වූවාය.
" අපි ඔය කතාව නතර කරමු අක්කේ... අතීතය සිහි කරා කියලා.. අක්කට අය ඒ අතිතය වර්තමානයට ගන්න බෑනේ... ඔයා අවුරුදු 6ක් ආදරය කල කෙනා, අද මේ ලොකේ නෑ.. ජීවිතෙ හැටි එහෙම තමයි.. අපිටත් කොයි වෙලාවේ යන්න වෙයිද කියල කවුද දන්නේ.... අපි අතනින් නෙලුම් මල් ටිකක් අරන්.. මලිගාවට පූජ කරල අයියටත් පින් දෙමු.... යමුකෝ දැන්.... "
……………………………………………………………………………………………………………………………………………………………….
අපි ගමන් කල මාවතේ එක් තැනකින් යන්තමට ඇහෙන ගීතයක්, පූජා නගරය පුරා ආකසෙට ගලා ගියේ, මගේ හිත එක් වරම සියලුම සිතුවිලි එක් තැනකට ගෙන එමිනි.
"අතීතය සිහිනයක් පමනයි. සැබැ සුවදක් නෑ...
එදා සෙනෙහෙන් නොබැදුනා නම්
මෙදා වියොවක් නෑ....
තැනූ මන්දිර බිදී වැටුනත්- නෙතේ කදුලක් නෑ
සිනහ වෙන්නට වරම් නොලදත්
නෙතේ කිලුටක් නෑ..
සොබා දමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ..
ලොවේ පැරදුම මිසක කිසිදා..
ලැබූ දිනුමක් නෑ..
.......................................
පසුවදා නැවත ඒමට බස් රථයට නැගුන මා, මාගේ දුර කතනය ගෙන, ඉබාගාතේ යන වචන කිහිපයක් එහි ට්යිප් කරන්නට වූයෙමි.
"හෙමි හෙමින් හිත අගට
ඇවිත් දුර රැගෙන ගිය
සිහින ඔබ මා හැදූ...
එකි නෙකින් බිද වැටින
කවුද ඔබ රැගෙන ගිය
නිසා පෙම්බර සදූ... “
සදාකල් අදුරු උන
අපි පැතූ සුන්දර
අපෙ වසන්තය මදූ...
කවදාක අය ඒද..
නිවන් සුව පතනව
බෙලෙන් මේ මල් පිදූ...
මා අදවන තුරුත් ඒ පද කිහිපය ප්‍රසිද්ධ කලේ නැත. එහි සියලු අයිතිය, මා හට ඉහත සිදුවීම් මාලාව කියූ සොයුරිය වෙත ලබාදෙමි. මන්ද එසේ ලියවුනේ ඇගේ කතාවේ දුක්බර හඩයි.
ඇය ගුරුවරියක් ලෙස මා හට හදුන්වා දුන්නද, ඇගේ පාසල කුමක්දැයි මා නොදනිමි. ඇගේ නම කුමක් දැයි මා නොදනිමි. ඇය අද කොහේ සිටිනවාදැයි මා නොදනිමි. නමුත් ඇගේ කතාව... මගේ සිතේ සේයාවක් වී ඇත.
ප්‍රභාත් ( 2014-07-23)

සිතක සේයා -