Saturday, January 5, 2013

සිතක සේයා... 64




කාස්ටකෙට.. වේලිච්ච් පොලව,
කරස් කරස් ගාලා කොටන කොට..
අප්පච්චිගේ ඇස් අහස දිහා බලාගෙන....
වතුර ඉල්ලලා.. කෑ ගැහුවා......

ඒත් අවාරෙට ආව වැස්සකින්...
හේදිලා, ගිය...
එලවලු කො‍ටුව දිහා බලන්
අප්පච්චිගේ ඇස්....
අදත් අහසින් මොනවද ඉල්ලනවා....

ඒ ඇස් දිහා බලන් ඉන්න මට බෑ....
මගෙ අප්පච්චිගේ ඇස් වල කදුලු පිරිල...

අන්තිමේදි මං...
මේ අහසින් ඉල්ලන්නේ..
ආයෙම සැරයක් මගේ අප්පච්චිව
රිදවන්න එපා....
ඒ රත්තරන් ඇස් දෙකේ කදුලු...
මන් කොහොමද අයෙම බලන්නේ..
.

සිතක සේයා... 63

දුර යන්න හිතුවත්...
කොහොමද එහෙම කරන්නේ...
ඔයාගේ හිතේ ජීවත් වෙන,
අපේ අතීතය....
ඔයාව අයෙම, ආපස්සට හරවලා......
මන් දිහා බලා ගෙන ඉන්නව....

අපි හමු වුන තැන්...
අපි කතා කරපු දේවල්..
අමතක කරලා...
කොහොමද ඔයා ඒ තරම් දුරකට යන්නේ....

මට තාමත් තේරුම් ගන්න බැරි...
මේ තරම් දුරස් වෙන්න හැදුවේ ඇයි කියලා...
ඒත්.... දැන් වත් තේරුම් ගන්න..
 එහෙම කරන්න බැරි වග......

සිතක සේයා -