Tuesday, February 3, 2015

67 වන නිදහස් දිනය සැමරීම

දුරුතු මහ නිමා විය, නවම් මාසය එළඹියේය. නෙතට හුරු පුරුදු දසුනක් සේ, මන් මාවත්වල දුටුවන්ගේ ගෞරවය ලබන, තේජාන්විතව නැගී සිටින ජාතික ධජය එසවී තිබෙණු පෙනේ. ඒ අන් කිසිවක් නිසා නොව ශ්‍රී ලාන්කික අපට, අපේ මාතෘභූමියට උරුම වූ නිදහසේ 67 වන සැමරුම වෙනුවෙනි. 

ශ්‍රී ලාන්කික ඉතිහාසය තුල නිදහස් අරගල ගණ්නාවක් අපට හමු වේ. අප අද සමරන නිදහස් දිනයේ උරුමය මතුවන්නේ මේ සියලු අරගලයන්ගේ ප්‍රතිපලයක් ලෙසිනි. නමුත් සියලුම නිදහස් අරගලයන්ට වඩා අප සැලකිල්ලක් දක්වන්නේ අපේ මවුබිම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පාලනයෙන් මුදවාගැනීමයි. එක් ධජයක් යට, අපේ මවු බිමේ නිදහස් සටන් වෙනුවෙන්, ජාතීන්, ආගම් වශයෙන් වෙනස් වූ විවිද වූ ජාතික නායකයින් සටන් වැදුනහ. ජීවිත පරිත‍ය්‍යාග කළෝය. නිදහස් සැමරුමේ ප්‍රධානම අරමුණ එසේ සටන් වැදුණු සහ දිවිදුන් සියලු ආගම්වල, ජාතීන් වල නිදහසේ විරුවන් සිහි කිරීමයි. 

ශ්‍රී ලන්කා ඉතිහාසයේ කවර වකවානුවක් උවද, විමසීමේදී පෙනි යන්නේ විවිද පාර්ශවයන් ආක්‍රමණකාරීව, හෝ බලහත්කාරත්වයෙන් අපගේ මවුබිම ඔවුන් යටතට ගැනීමට ගත් උත්සහයන්ය. විවිද අවස්තාවන්හිදී පැමිණි මෙම ආක්‍රමණයන් වලට එරෙහිව නැගී සිටීම්, නිදහස් අරගල දක්වා තවත් වරෙක  තියුණු වූ බව පෙනේ. කරුණු කාරනා කෙසේ වෙතත් මෙම නැගී සිටීම් වල ජයග්‍රහන නිදහස ලබා ගැනීමක් ලෙස අප වරින් වර හදුනා ගනිමු. කෙසේ වෙතත් මෙම නිදහස් වීම් සදාතනික වී නොමැති බවක් පෙනේ. කුමන හෝ කරුණක් නිසා නිදහසේ යතාර්තයට හානි පැමිණවීම් සිදුවේ. එනිසා සැබෑ නිදහසක් අපට හිමි වීම පිලිබදව සිතිය නොහැක. එනිසා කිසිදු නිදහස් අරගලයක ප්‍රතිපලය අතීතයේ මෙන්ම අනාගතයටද සැබෑ නිදහසක් නොවන බව පැහදිලිය. 

කෙසේ වෙතත් දිනූ නිදහසේ අයිතීන් බුක්ති විදින අප, අපේ මවු බිම ලෝකය ඉදිරියේ ප්‍රමුඛව ඔසවා තැබීමට නම්, රටේ ආර්තික, සමාජීය,  සන්වර්ධනය යතාවත් කරමින් ඉහළ නැන්වීම කලයුතුය. එසේ නොවන්නේ නම්, අපි අපේ මවුබිම වෙනුවෙන් යමක් නොකල දේශයේ උරුම කරුවන් පිරිසක් ලෙස ඉතිහාස ගතවනු ඇත. රටේ සන්වර්ධන දර්ශකයන් ඔසවා තැබීමට නම්, සියලු ප්‍රයත්නයන් ගැනීමට අපේ උපරීම උත්සහයන් ගැනීම අනිවාර්ය වන අතර, ජාතීන් ලෙස හෝ ආගම් ලෙස හෝ විවිද වූ වෙනත් කණ්ඩායම් ලෙස අප බෙදී යන්නේ නම් කිසි දිනක අපේ ඉලක්කයට ලගා වීමට නොහකි වේවි.

Prabhath Pallewaththa (03/02/2015) 

සිතක සේයා -