Saturday, October 18, 2014

සිතක සේයා - 7 - හුදකලා (නොවු) සිතුවිලි - 3

 එකකට පස්සේ
තව එකක් ගැන හිතන
අන්තිමේදී එකම දේ ගැන
විවිධව හිතපු
හිත ගැන
මටත් හිතෙනව මෙහෙම...

හිත මහ පුදුම තැනක්..

Tuesday, October 14, 2014

සිතක සේයා - 7 - හුදකලා (නොවු) සිතුවිලි - 2

මටත් ඉක්මනට
ගෙදර යන්න,
උතුරටත් එනවනම්,
හෙට අනිද්දම

හයි වේ.....

සිතක සේයා - 7 හුදකලා (නොවු) සිතුවිලි - 1

තනියම යන්න
හිතක් නෑ මට
ඔයා නැතුව…………

දියතට


Thursday, October 9, 2014

විද්වත් ඇස - 03 - 2006 අංක 27 දරන දුම්කොළ සහ මද්‍යසාර පනත පිලිබදව වෘත්තිකයන්ව දැනුවත් කිරීමේ සහ ප්‍රජාව දැනුවත් කිරීමේ ක්‍රමවේදය


මද්‍යසාර දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය ලෝකය පුරා ජීවත් වන සෑම රටකම මිනිසුන්ගේ යහපැවත්මට සෘණාත්මක තර්ජණයක් එල්ල කරමින් විවිධාකාරයේ සෞඛ්‍ය ප්‍රශ්න මතු කරමින් සිටින බව ඔබ අප දන්නා කරුණකි. වර්තමානයේ මද්‍යසාර, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය හේතු කොටගෙන ඇතිවන සෞඛ්‍ය, සමාජීය, ආර්ථික සහ පාරසරික හානිය මෙපමණයයි නිශ්චය කිරීමට නොහැකියි. ලෝකයේ  අනෙකුත් රටවල් හා සැසදීමේදී ශ්‍රී ලංකාවේ මෙම තත්වයද නොසලකා හැරිය හැකි මට්ටමක නොපවතී. විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල විවිධ වූ සෞඛ්‍ය වෘත්තිකයන් විවිධාකාරයේ සෞඛ්‍ය අධ්‍යාපන සහ සෞඛ්‍ය ප්‍රවර්ධන මැදිහත් වීම් හරහා දුම්වැටි, මද්‍යසාර සහ අනෙක් මත්ද්‍රව්‍ය වලින් සිදුවන සියලු ආකාර හානීන් උත්සහ කරමින් සිටියද, සැබෑ යටිතල සාධක ඇමතීමේ දුර්වලතාවයන් හදුනා ගත හැකිය. නමුත් මේ ගැටලුව කෙරෙහි සිය`එ අංශ වල මැදිහත් වීමේ ප්‍රවණතාවයේ දියුණුවක් පසුගිය දශකය තුල සිදු විය. රාජ්‍ය, පෞද්ගලික, සිවිල් සමාජ සහ අනෙකුත් ආයතනන් වල සිදුවූ මෙම මැදිහත්වීමේ ප්‍රවණතාවය ප්‍රසංශනීය වේ. පසුගිය දශකය තුලදී මද්‍යසාර, මත්ද්‍රව්‍ය හා අනෙකුත් මත්ද්‍රව්‍ය වලින් රටට වන බලපෑම අවම කිරීම සදහා නීති, රෙගුලාසි වල මැදිහත් වීමද මහජන සෞඛ්‍ය ඉහළ නැංවීමට ගත් ප්‍රසංශනීය උත්සහයකි. 

2003 වර්ෂයේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දුම්වැටි පාළනය සදහා ප්‍රඥප්තියක් ඉදිරිපත් කල අතර මෙම ප්‍රඥප්තියට රටවල් 168ක් පමණ අත්සන් කර ඇත. එක්සත් ජාතීන්ගේ ඉතිහාසයේ වඩාත් පු`එල් ලෙසම  අනෙකුත් රටවල දායකත්වය ලැබුණු ප්‍රඥප්තිය මෙයයි. මෙම ප්‍රඥප්තිියට පෙර සිට වුවද ශ්‍රී ලංකාවේ සාරංශ ගත ප්‍රඥප්තියක් මද්‍යසාර, දුම්වැටි සම්බන්ධව සංවර්ධනය වෙමින් පැවතින. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රඥප්තියෙන් පසුව 2006 වර්ෂයේ අංක 27 දරන දුම්කොළ සහ මද්‍යසාර පිලිබද පනත ප්‍රකාශයට පත් කරන ලදී. 2007 වර්ෂයේදී ජාතික දුම්කොළ සහ මද්‍යසාර අධිකාරිය පිහිටවූයේද මෙම පනත ක්‍රියාත්මක කිරීම සදහායි. අරමුණු රාශියක් පෙරදැරි කොටගෙන වසර කිහිපයක් මෙම පනතේ විවිධ සංශෝධන සහිතව ක්‍රියාත්මක වෙමින් පවතින මෙම පනත දුම්වැටි හ මද්‍යසාර වල විවිධාකාර බලපෑම් අවම කිරීම උදෙසා නීති රෙගුලාසි ක්‍රියාත්මක වීම සිදුවේ. අවිධිමත් නිරීකෂණ සහ වෙනත් සාක්ෂි පදනම් කරමින් නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සදහා මෙම පනතින් බලය ලබා දී ඇති පුද්ගලයන්ගේ දායකත්වයේ අඩුවක් පවතින බව පෙනී යයි. මේ සදහා බලය බලය පැවරී ඇති පුද්ගලයන් වන පොලිස් නිළධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන්, සුරාබදු නිළධාරීන් මේ සම්බන්ධව මනා දැනුවත් බවක් පැවතිය යුතුය. කෙසේ වෙතත් 2006 අංක 27 දරන දුම්කොළ  සහ මද්‍යසාර පනත පිලිබදව වෘත්තිකයන්ව දැනුවත් කිරීමේ සහ ප්‍රජාව දැනුවත් කිරීමේ ක්‍රමවේදයේ දුර්වලතාවයන් පවතින බවක් පෙනේ. කෙසේ වෙතත් මෙම පනත ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීමට, අදාල බලයලත් නිළධාරීන් පනත පිලිබ`දව දැනුවත් කිරීම අත්‍යවශය කරුණක් වේ.

(Prabhath Pallewaththa, 06-10-2014) 

Saturday, October 4, 2014

සිතක සේයා -