Wednesday, February 27, 2013

සිතක සේයා...66

මල් රැ'ති තුරක් නොවුනා නම්
පොලෝතලයට....
කේඩෑරි වූ තුරක් වී.....

දිය පිරුනු විලක් නොවුනා නම්,
වසන්තයට.....
දිය සිදුනු විලක් වී....

තරු යායේ, ඈතක, නොදිලුනා නම්,
අන්දකාර අහසක සද වී...
මලානික තරුවක් වී......

සදිසි වටින්, මද නලක් නොවුනා නම්,
දැවෙන හිත් වලට......
පස මිතුරු වී........
හිත හදා ගන්න තිබුනා..... ඇත්තමයි.....

ප්‍රහාත්.......

Tuesday, February 26, 2013

සිතක සේයා.. 65


හිතේ... ලියවෙන.. නොලියවෙන...
ලියන්නට බැරි... නමුත්..
ලියන්නට හිතෙන..

එහෙත් අවසානයේ... ලොවම දන්න...
මන් නොලියු... මගේ කවිය..
කවුද ලියල මටත් හොරෙන්.......

          ප්‍රභාත්..

සිතක සේයා -