Monday, October 29, 2012

සිතක සේයා.... 59


මා කවුදැයි කියා.. නාසන්න...
මා නුබ දැක සිටියේ නැත...
එහෙත් මා නුබට ආදරය කලෙමි...

මා කවුදැයි කියා... නාසන්න...
මා නුබ දැක සිටියේ නැත..
එහෙත් මා නුබ හදුනා ගතිමි...

මා කවුදැයි කියා... නාසන්න...
මා නුබ දැක සිටියේ නැත..
එහෙත් මා සිත නුබව විමසූවෙමි...

මා කවුදැයි කියා... නාසන්න...
මා නුබ දැක සිටියේ නැත..
එහෙත් මා නුබට සහෝදරයෙක් වූයෙමි...

මා කවුදැයි කියා අසන්න....
එහෙත්... මාගෙන් නොව..නුබේ හදවතින්....
නුබේ හදවත කී දෙය විශ්වාස කරන්න...

නුබ - මා ගැන...
මාද නොදන්නා දෙයක් ඇත...
මට කියන්න...
මා නුබගේ කවුද...... ?

Sunday, October 28, 2012

සිතක සේයා....58


අපේ ගැන නොකියා...
අනුන් සිත් කියවා...
මා... ලියු කවි පද.......
දහසකුත් වර....
ඇත... ඔබේ නෙතු හඩවා...

ලියු කවි පද කියවා......
"කෙනෙක් ඇසුවාලූ... ලොවේ....
ඇයිද ඔබ- මා වෙන කලේ..."

හිතක වත් නැති.. විරහවක්.. ගැන
ඔවුන් ඇයි.. ඔබගෙන් විමසුම් කලේ..

පෙරදා කිවු.. සේ...ඔබට මා....
සිතැති විය... ලොවට කියන්නට...

" ඔබමයි ජීවය මගේ...
ජීවත් කරන ආදරය මගේ..හදවතේ රිද්මය මගේ..."

කවි සිතක් නොහදුනන.. උනුන් බස් අසලා..
ඔය හිතට දුක හින්දා..කවි සිතම මා..වලදා..
අවසාන පද පෙල..
නුබ නමින් ලිව්වා.....

Thursday, October 18, 2012

සිතක සේයා..... 57



 මගේ හිත ලගට ඇවිත්
යන්න හැකි නම් තව සැරයක්....
 මගේ නමින් ලියා ගන්න ඔය හිත
තියනවා මට ඕන කමක්...

මද සිසිලේ ආවත්, නාවත්..
නුබ සුවද මන් ලගමයි හැමදාමත්....
එකයි මන් මග බල ඉන්නේ
එනකන් ඔබ තව සැරයක්.....

Tuesday, October 16, 2012

සිතක සේයා....56


සිත අද්දර - උල්පත් කල
ආදරය ගලා ගියා - ගං දිය වී

අහස් වියන යට - හැන්දාවක
මතකද ඒ දියේ කිමිදුනා අපූරුවට

කප්පරක් කදුලු මැද තනි වෙලා
ඉකිබිදින සිත මගේ මෙහෙම කියනව මට...

" මේ ලොවේ වෙන් වුනෙත්,
මේ ලොවේ තනි වුනෙත්
අප දෙදෙනා පමනක්ම නොවන වග "

කියන්නලු ඔයාට.....

සිතක සේයා..... 55


එපා කියද්දී වැස්සම
අන්තිමේදී තෙමෙන්න වුනේ මටමයි...

එපා කියද්දී දිලුනම
අන්තිමේදී අදුරෙම ඉන්න වුනේ මටමයි..

එප කියද්දී පිපුනම
අන්තිමේදී සුවද නැති වුනෙත් මටමයි...

එපා කියද්දී සිතුවිලි එන්න
අන්තිමේදී කදුලු පිරුනෙත් මටමයි...
  

සිතක සේයා -