Friday, June 29, 2012

සිතක සේයා...... 42


දහසක් වර, සද ආවත් ආකාසෙට...
නැහැ සිසිලක් දනුනේ..
පුන් පොහෝ දා සද තරම්...

දහසක් තුරු සෙවනක , ලදත් සිසිලස...
නැහැ නෙත නිවී සැනසුනේ...
ජය ශ්‍රි මහ බෝ සමිදු ලග තරම්....

දහසක් ප්‍රතිමා, නෙලුවත් මිහි මත...
කරුණා ගුන ගැලුවේ නැහැ...
කලා වැවේ අවුකන බුදු හිමි ලග තරම්...

අහස උසට නැගුනත් කදු, පිදුරුතලා ගල කන්ද තරම්
නැහැ ගැ‍ටුනේ දෑත් නලලත,
සමනල කන්ද ලග තරම්...

අම්මේ නුබේ සෙනහස ලග ....
සිසිලසක් දැනුනා මට,
පුරා ආකහට නැගුන පොහෝ දා සද තරම්..

අම්මේ නුබ සෙනහස ලග...

නෙත නිවී සැනසුනා  මට, 
ජය ශ්‍රි මහ බෝ සමිදු ලග තරම්..

අම්මේ නුබේ සෙනහස ලග...
කරුනාව ගැලුවා, මට...
කලා වැවේ අවුකන බුදු හිමි ලග තරම්...

පූජනීයයි... නුබ මට... වන්දනීයයි.... නුබ මට..
දහසක් දෑත් නලලත ගැටෙනා... සමනල කන්ද
ලග තරම්....

සිතක සේයා -